Friday, March 13, 2015

සිහලෙන් යතුරු ලියන්නේ කොහොමද?


මොන වැඩේ කරන්න ගියත් අපි හැම වෙලේ ම සුද්දගේ ගානට යන්න තමයි හදන්නේ. ඒකෙන් මේකෙන් වෙන්නේ අපි කලු සුද්දෝ වෙන එක. ඉතින් හැම වෙලේ ම ඉංගිරීසි වංසේ කබල් ගාන්නේ නැතුව සිංහලෙන් ටයිප් කළොත් නරක ද?

සිංහල ටයිප් කරනවා කියනකොටම හැමෝටම මැවිලා පේන්නේ ලොකු කරදරයක්. ඒත් අපි සිංහල යුනිකෝඩ්වලට මාරුවුනොත් වෙන විදිහකින් අපි සින්ග්ලිෂ් පොරවල් උනොත් මේ ඔක්කොම වද ඉවරයි.

ඉතින් මම පල්ලෙහා දාන්නේ මම සිංහල ටයිප් කරපු ලේසිම ක්‍රම ටික. එකින් එක බලමු. මේකෙදි කරන්නේ අපි සිංග්‍රීසිවලින් ටයිප් කරන එකේ උච්චාරන විදිහ අනුව සිංහලෙන් අකුරු ලැබෙන එක.

1. ගූගල් සිංහල අදාන මෙවලම්

       අදහස්(උපුටන)-
නිවසේ සිටියත්, කාර්යාලයේ සිටියත්, වෙනත් අතරමගක සිටියත්—ඔබට අවශ්‍ය භාෂාවෙන් අදහස් හුවමාරු කරන්න, ඔබට එය අවශ්‍ය විටක. Google ආදාන මෙවලම් ඔබේ නිවැරදි කිරීම් මතක තබා ගෙන නව හෝ සුලබ නොවන වචන සහ නම් සඳහා ගැලපුම් ශබ්දකෝෂයක් පවත්වා ගනියි. ඔබට අවශ්‍ය භාෂාවෙන් සහ රටාවෙන් ඔබේ පණිවුඩය ලබා ගන්න. භාෂා 80ක් අතර සහ යෙදවුම් ක්‍රම අතර මාරු වීම ටයිප් කරන තරම්ම පහසුය.
 මුලින්ම මේ ලින්ක් එකට යන්න. දැන් පල්ලෙහා තියෙන ටෙක්ස්ට් බොක්සුවේ අපිට ඕනෙ වචන ටයිප් කරන්න. ඈගියක් විදිහට amma කියලා ටයිප් කළොත් 'අම්ම' කියලා වැටේවි. මේක කරන්න වචනේ ටයිප් කරලා ස්පේස් බාර් එක එබුවහම හරි.
දැන් කරන්න තියෙන්නේ එතනින් සිංහල ටෙක්ස්ට් එක ක්පි කරලා අවශ්‍යය තැනට දාන එක.
ඕනනම් මේක බාගන්නත පුලුවන්.

2. Real Time Singlish

මම සිංහල ටයිප් කරන්නෙත් මේකෙන් තමයි. ඉතාමත් සාර්ථක ක්‍රමයක් මෙතනින් බාගන්න. ඉන්ස්ටෝල් කරලා සිංහල ටයිප් කරන්න.



3.Pencil


මේකත් හොද සොෆ්ට්වෙයා එකක්. ඒත් මේක ටික වෙලාවක් යද්දි ස්ලෝ වෙනවා. පල්ලෙහායින් බාගන්න.



අදට මේ ඇති. තවත් දවසක හම්බවෙමු.

2 Comments:

  1. අයියෝ මට නම් මේ තරම් මහන්සි වෙන්න ඕන නැහැ සිංහලෙන් ටයිප් කරන්න. අමාරුවෙන් හරි විජේසේකර යතුරු පුවරුවට හුරු වුණා නම් කිසිම ගැටලුවක් නැතිව සිංහල ටයිප් කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඊට පස්සේ යුනිකෝඩ්වලට කන්වර්ට් කරන්නත් පුලුවන්.. කමෙන්ට් එකට ස්තූතියි.

      Delete