Sunday, April 12, 2015

අපි කනවිට විසි කලාට මෙන්න බලන්න කරපිංචා (curry leaf) වල වැදගත්කම [part 1]

  අද ඉඳන්  මම කල්පනා  කලා  හැමෝටම වැදගත්  ලිපි සෙට් එකක් ලියන්න පටන් ගන්න. 

මම මුලින්ම ලියන්න හිතුවෙ කරපිංචා  නොහොත්  (curry leaf) වල  වැදගත්කම  ඔයාලට කියන ලිපියක්.  

ඉතින්  මේ  කරපිංචා විවිධ  රෝග රාශියකට  බෙහෙතක්  කියල  ඔයාලට   මුලින්ම  කියන්න  ඕන. හෘදරෝගීන්ට  ,කොලෙස්ටෙරෝල් අවම  කිරීමටත් , කුෂ්ඨ , ඉදිමුම් වලටත් මේ කරපිංචා  වලින්  සැදූ කැඳ වෛද්‍යවරුන් නිර්දේශ  කරනවා.  

ඉතින්  මේ  කරපිංචා විවිධ  අවස්ථා  වලදී  අපිට විවිධ  ආකාරයට ප්‍රයෝජනවත්  වෙනවා.  

  • සර්ප  විෂේ දී  >  කරපිංචා  කොල කැඳ  බීමට  දෙනවා. මෙහි  ඇති විෂ නැසීමේ  ගුනය  නිසා  මී  විෂ  ට,  සෙංගමාලය   වැනි අවස්ථා  වලදී  බීමට දීමටද  සුදුසුයි. 
  • බඩ බුරුලට  යාමේදී  >  කරපිංචා  දලු මී  පැණියෙන්  අඹරා දෙනු ලැබේ.  මෙය  ලේ  පිටවන විට  අර්ශස්  රෝගයටද  ගුණය. 
  • පිත් වමනයට  >  කුඩු  කරගත්  කරපිංචා  ගසේ පොතු  තේ හැන්දක්  ඇල්  දියෙන්  දීම සුදුසුයි. 
  • අකලට  හිසකෙස්  පැසීමට  >  කරපිංචා  වල පෝෂණීය  ගුනය  නිසා කෙස් පැසීම අවම කරයි. පොල්  තෙල්  සමග මිශ්‍ර  කරගත්  තෙල  හිසේ  ගානු  ලබයි. 
  • අධික  තරබාරුවට  >  මේරූ  කරපිංචා කොල  10  බැගින්  ආහාරයට  ගැනීමෙන්  අධික තරබාරුව  මැඩලිය  හැක.  
  • කරකැවිල්ල  හා   වමනය  ඇති  අයටත් , විෂ  ශරීර  ගත  වූ  අයටත් ,  කුසගිනි  නොමැති  අයට  කුසගිනි ඇති  කරවීමටත්  ,  සුලු  උමතු  ගති  ඇති  අයට  ඔසුවක්  ලෙසත්  දේශීය වෛද්‍යවරුන්  කරපිංචා කැඳ නිර්දේශ  කරනවා.   
මේ තරම්  ඉහල  ඔසු ගුණයක් ඇති  කරපිංචා  ගසේ  හැම  කොටසක්ම වැදගත්කමකින්  යුතු  බව  දැන්  ඔබ දැන ගත්තානෙ.  

දැන් අපි  බත්පිඟානේ තියෙන  කරපිංචා කොලයවත් විසි  නොකර පරිභෝජනයට  හුරු  වෙමු.   

එහෙනම් ගොඩක් ස්තුතියි  මේ  ලිපිය  කියෙව්වට.  

මේ ලිපි පෙල දිගටම කියවන ලෙසට හිතාදර පාඨකයින්ගෙන්  ඉල්ලා සිටිනවා. comment එකකුත් දාගෙනම  යන්න. 


6 Comments: