Wednesday, April 15, 2015

සියලු දෙවි දේවතාවුන්ගේ ඇති ආනුභාවයක් නැත...(අපේ සිංහල-අපෙන් මත්තට 6)


මේ අලුත් අවුරුදු සමය යි. ඉදින් හිතමිත්‍රාදීහු ජංගම දුරකථනවලින් එකිනෙකාට සුබ පැතුම් එකතු කරති. නමුත් සිංහල ගැන නො සිතා එවන කෙටි පණිවිඩවල කුමන සුබක් ද? සිංහල වනස වනසා කෙටි පණිවිඩ යවති.

මාගේ ජංගම දුරකථනයට එවන ලද බොහෝ කෙටි පණිවිඩ සිංහල බසින් සදොස් ය. පහතින් එකක් දක්වමි.

Thisarana aashirwaadhayen..... this thun koatoyak devi dewatawun wahanselage aanubaawayen..****

දෙවියන්ට මම දන්න තරමින් ආනුභාවයක් නැත. ඇත්තේ අනුභාවයකි. එයට හේතුව නම් භාවය යන්නට 'අනු' යන උපසර්ග පදය යෙදීමෙන් අනුභාවය යන පදය සෑදීම යි. එබැවින් අදින් මත්තට සිංහල බසින් දෙවියන්ට අපහාස නො කර නිවැරදි ව සිංහල භාවිත කරමු.

1 Comments: