Sunday, March 15, 2015

DC,MARVEL Comics (චිත්‍රකතා) සිංහලෙන් කියවන්න සයිට් එකක්



අපි හැමෝම දන්නවනෙ DC සහ Marvel කියන company දෙක ගැන. එයාලා තමයි දැනට Comic ක්ශේත්‍රයේ ඉහලින්ම ඉන්න දෙන්නා. අපි හැමෝම දන්න Superman, Batman, Arrow, Flash, Thor, Captain America, Spider Man, Iron Man,Hulk වගේ චරිත සියල්ලම උපත ලබන්නෙ මෙයාලගෙ comic වලින් තමයි.ඒ වගේම ගොඩක් ප්‍රසිද්ද Tv Series වගේම ගොඩක් Movies ත් මේ කොමික් මතින් ගොඩ නැගිලා තියෙනවා. Avengers,Spider Man,Man Of Steel,Dark Knight වගේ ෆිල්ම්, ඒ වගේම Arrow,Flash,Smallville,Marvel’s Agents of S.H.I.E.L.D. වගේ Tv Series ත් මේ වගේ හැදිච්ච ඒවා තමා.ලංකාවෙ මේවා වැඩිය ප්‍රසිද්ද නොවුනට බටහිර රටවල් වල නම් මේවා ගොඩක් ප්‍රසිද්දයි. ලංකාවෙත් ටික දෙනෙක් ඉන්නවා මේවා කියවන. ලංකාවෙ මේවා ප්‍රසිද්ද නොවෙන්න හේතුව මේ comics ඉංග්‍රීසියෙන් තියෙන නිසා වෙන්න ඇති. මේවයෙ තියෙන ඉංග්‍රීසි ටිකක් තේරුම් ගන්න අමාරුයි. මොකද comics වල තියෙන්නෙ කථන බස නිසා. 

හැබැයි දැන් නම් අපිටත් මේවා කියවන්න සිංහලටම translate කරල දෙන්න කට්ටියක් ඉදිරිපත් වෙලා තියෙනවා. 



තාම නම් කොමික් කිහිපයක් විතරයි පලකරලා තියෙන්නෙ.(ලගදි පටන් ගත්ත නිසා) . ඉදිරියෙදි එයාලා තව කොමික් පලකරාවි. එයාලා කිසිම මුදලක් අය නොකර කරන මේ දේ ඇත්තටම අගය කල යුතුයි. ඒ නිසා ඔයාලත් කොමික් ඩවුන්ලෝඩ් කරගෙන නිකන්ම යන්නෙ නැතුව එයාලගෙ පෝස්ට් වලට කමෙන්ට් එකක් දාලා යන්න. 

කියන්න අමත වුනා.කොමික් කියවන්න නම් ඔයාලට CDisplay EX කියන මෘදුකාංගය අවශ්‍ය වෙනවා.මොකද ඕන කොමික් එකක් එන්නෙ .CBR කියන එක්ස්ටෙන්ශන් එකෙන්.මේක 6 MB වෙන්නෙ. ඒක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

එහෙනම් මෙන්න ඒ සයිට් එක.


එහෙනම් තව ලිපියකින් හමුවෙමු.

12 Comments: