Sunday, August 16, 2015

3D hologram projector එකක් ගෙදරදීම හදා ගමු



ඔන්න ගොඩ කාලෙකට පස්සේ බ්ලොග් 1කට post 1ක් දානවා.අද මම කියලා දෙන්නම් 3D hologram projector එකක් ගෙදරදීම හදා ගන්න විදිය.මම අද ඒක ගැන විද්‍යාත්මක කරුණූු කියන්නෙ නෑ ඒක ගැන පස්සෙ කියන්නම්.අද හදා ගන්න විදිය විතරක් කියන්නම්.අපි මේකට දේවල් ටිකක් ඕන වෙනවා.
     ➲ප්‍රස්ථාර කොලයක්
     ➲CD Case 1ක්(මේකට transparent sheet එකක් පාවිච්චි කරන්න පුලුවන්)
     ➲පෑනක් හෝ පැන්සලක්    
     ➲සෙලෝටේප් හෝ superglue
     ➲කතුරක්
     ➲කුඩා පිහියක්
     ➲පොඩි phone 1ක් හෝ tab 1ක්

එ්කට අපිට මේ video වලින් 1ක් හරි ඕනේ 




1වන video එක
1වන video එක
1වන video එක
1වන video එක 
මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.....
මුලින්ම අපි ප්‍රස්තාර කොලයක් අරගෙන මේ විදිහට ඇද ගන්න.(පහත මිනුම් වලට අනුව)

ඒ හැඩය කපා ගන්න.
අර CD Case 1ක අරගෙන උඩ රූපේ තියෙන හැඩය අරගෙන තියලා CD Case 1න් හැඩය කපා ගන්න.ඒ වගේ වගේ ඒවා 4ක් ඕනි

ඒවා පල්ලෙහා තියෙන විදිහට අලව ගන්න 


 






 

Wednesday, July 22, 2015

කුරුලෑ කැළැල් මකන වෙනිවැල් ගැට [ Part five & the last one ]

ඔන්න කාලෙකට පස්සෙ post එකක් දාන්න ආවා. 

හැමදාමත් ඔයාලට වැදගත් දෙයක් කියල දෙන්න තමයි අපි උත්සහ ගන්නෙ. 

ඉතින් කුරුලෑ කැළැල් කියන්නෙ කාටත් ගොඩක් ලොකු කරදරයක් බව දන්න නිසාම තමයි මම මේ post එක දාන්න හිතුවේ. වෙනිවැල්ගැට වලින් පුලුවන් ඒකට බෙහෙත් කරගන්න.


 ඔය තියෙන්නෙ වෙනිවැල් තමයි. ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා වෙනිවැල් ගැන පොඩි විස්තරයක් දැනගෙන ඉම්ඳිමුකො අපි. 


දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ ඉතාමත් වැදගත් ඖෂධයක් ලෙස වෙනිවැල් ගැට හඳුන්වා දී තිබෙනව. මේ මහඟු ඖෂධය නැති නිවෙසක් අතීත ලංකාවේ සොයාගැනීමට නැති තරම් විය. වෙහෙස මහන්සි වූ අවස්ථාවක වෙනිවැල්ගැට තම්බා ගත් ජලය පානය කර වෙහෙස නිවා ගැනීම තවමත් අප ගැමියන් අතර සිරිතකි. පස් පංගුවට ගන්නා එක් ඖෂධයක් ලෙස මේ වෙනිවල් ගැට හඳුන්වන්න පුලුවන්. එය වේදනා නාශක ඖෂධයක්ද වෙනවා. එසේම උණ සෙම්ප්‍රතිශ්‍යාව, ශාරීරික වේදනා මෙන්ම පිටගැස්ම රෝගය සඳහාද වටිනා ඖෂධයකි. එපමණක් නොව විෂබීජ නාශකයක් මෙන්ම ශරීර උත්තේජකයක් ලෙසද වෙනිවැල්ගැට පිළිගන්නවා. 

කුරුලෑ පැල්ලම් නිවාරණයට වෙනිවැල්ගැට 

කුරුළෑ නිසා මුහුනේ ඇති වෙන  කැළැල් මැකීම සඳහා භාවිත වන දේශීය ඖෂධයකි. වෙනිවැල්ගැට ඇල් දියෙන් ගලගා කුරුලෑ කැළැල් මත ආලේප කිරීමෙන් එම කැළැල් මැකී යයි. 

දැන් දැක්කනෙ ඔයාලට වැඩි දෙයක් කරන්න නෑ කියල. ඉතින් තවත් බලන් ඉන්නෙ මොකටද ?  ඔයගෙ මූණත් කුරුළෑ කැළැල් නිසා කැත වෙලානම් දැන්ම අත් හදා බලන්නකෝ.  

thank you කාලෙකට පස්සෙ දාපු පොස්ට් එක කියෙව්වට. මම ඔයාලට මෙතෙක් ගෙන ආ ඖෂධ ගැන ලිපි පෙළ මෙතෙකින් අවසන් වෙනව. 

තොරතුරු මූලාශ්‍රය : වෛද්‍යවරයා මාසික සුව සංග්‍රහය  2007 මැයි 

Sunday, May 31, 2015

pc එකේ ram එකේ ඉඩ වැඩි කරමු

පලමු ක්‍රමය
                     මෙක්‍රමයෙදි  වෙනත්  program  නැතව ram එකෙ ඉඩ වැඩි කරගමු.  පහත videoව බලන්න
                      මෙහිදි notepade එකෙ type කල යුත්තෙ freeMem=space(128000000) ය
දෙවන ක්‍රමය  
           
       
                 මෙ තියෙන්නෙ wise memory optimizer කියන program  එක   මෙතනින් ගන්න .
                      දැන් එය pc එකෙ ස්තාපනය කර  optimize now click කරන්න .


                   මගෙ වෙනත්  ලිපි
                                 ඩොන්ගල් UNLOCK කරමු'
                                  recovery කරන්න බැරිවෙන්න delete කරන්න
                   

Saturday, May 23, 2015

ඩොන්ගල් UNLOCK කරමු

               සමහරුන් මේක ගැන දන්නවත් ඇති .එහෙන්න ඔන්න  ඩොන්ගල් එක  UNLOCK කරමු.
                &nbsp ;       1.මුලින්ම dc unloker එක  මෙතනින් ගන්න .
                        2.දැන් එක open කරන්න.
                        3.  ඩොන්ගල් එකක pc එකට සවිකරන්න.
                        .
                      4.දැන් dc unloker මෙලෙස දිස්වෙවි.
                                   1-එකලෙස ඇති තැනට ඩොන්ගල් නිශ්පදකයාගෙ නම දෙන්න.
                                   2.2කට auto detect ලබා  දෙන්න.
                                   3.දැන් 3 න click කරන්න.
එවිට පහලින් ඇති කොටුවෙ ඩොන්ගල් එකක ලොක්වි ඇතිබව පෙන්වයි .

              ඩොන්ගලය  UNLOCK කරන විට විදුලිය විසන්දි වුවහොත් ඩොන්ගලය නැවත බවිතයට ගතනොහැක . 

                            4. දැන් 4ර ක්ලික් කරන්න .                                                                                                              ටික වෙලාවකින් unlock වු බව පහලින් ඇතිකොටුවෙ දිස්වෙ .
       mf 190b වැනි    සමහර ඩොන්ගල් අන්ලොක් නොවන බව කරුනාවෙන් සලකන්න .                                               මගෙ වෙනත් ලිපි  recovery කරන්න බැරිවෙන්න delete කරන්න
                                              ඕන වෙබ් සයිට් එකකට හොරෙන් යන්න පුලුවන් ලොව ආරක්ෂිතම වෙබ් බ්‍රව්සරය  /  පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකො‍ටුවකි/ folder lock කරමු
  /

                                     

Friday, May 22, 2015

නිතරම හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ නොදන්නා බොහෝ දේ [ PART 04 ]

අද මම ඔයලට ගෙනාවෙ කාලෙකට පස්සෙ වැදගත් ලිපියක්. පාසලේ ඉගෙනුම් කටයුතු එක්ක දැන්නම් ගොඩක් busy. කොහොමින් කොහොම හරි ඔන්න අද නම් free. 

අපේ රටේ වගේම තුන්වන ලෝකයේ බොහෝ රටවල සුලබම රෝගයක් තමා මේ සෙම්ප්‍රතිශ්‍යාව. අපි කොයි කවුරුත් දන්නව සෙම්ප්‍රතිශ්‍යාව නොහොත් අපේ කටවහරේ හැටියට හෙම්බිරිස්සාව හැදුනම කොච්චර අපහසුද කියල. ඉතින් මේ හෙම්බිරිස්සාව ගැන මුල ඉදන්ම දැනගනිමු. 

දහනවවන සියවසේ විසූ ඉංග්‍රීසි ජාතික ජනප්‍රිය ලේඛක චාර්ස් ලෑම්බි විසින් කියා ඇත්තේ " සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුනු කෙනෙක් අත් විඳින විඩාව , බෙලහීනතාවය , අවිසංවේදනය සහ වචනයෙන් විස්තර කල නොහැකි කාලකණ්ණි මූසල ස්වභාවය ට පිලියමක් නැද්ද යන්නයි". 

මේ රෝගාබාධයට ඔබ මේ වසරේදීත් අඩුම තරමේ තුන් වතවකදී වත් ගොදුරු වන්න ඇති. මේ රෝගය වෛරසයක් නිසා සෑදෙන් බැවින් තවම හරි හැටි ප්‍රතිකාරයක් නෑ. මේ රෝගයේ රෝගලක්ෂණ සේ සැලකෙන උගුරේ වේදනාව , සොයු දියර ගැලීම , කඳුළු වැගිරීම , කිවිසුම් යාම , හිස බර ගතිය , මුලු සිරුරේම් වේදනාව තමයි මේ රෝගයේ රෝග ලක්ෂණ. 

ගනන් කල නොහැකි තරම් වූ සෙම්ප්‍රතිශ්‍යා වෛරස ප්‍රභේද ප්‍රමාණයක් ඇත. මේ හේතුව නිස තමයි අපි මේ රෝගය වැලඳෙන වැලඳෙන වාරයක් පාස බෙහෙත් ගත්තත් නැවත නැවත මේ රෝගය හැදෙන්නේ. 

ඇඩිනො වෛරසය 

සින්සිෂල් වෛරසය 



රයිනෝ වෛරසය 



ඉහතින් දක්වා ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යා වෛරස කිහිපයකි. සෙම්ප්‍රතිශ්‍යා වෛරසයට මිනිසුන් නැතිව පැවැත්මක් නොමැත. එක් මනුෂ්‍යයකුගෙන් තවත් මනුෂ්‍යයෙකුට ආදී වශයෙන් පැතිරෙන මෙම රෝගය ප්‍රධාන ලෙසම ස්පර්ශයෙන් බෝවන අතර රෝගීන් අල්ලන ලද ලේන්සු , පෑන් , පැන්සල් , phones , දොර අගුල් , පොත් පත් , වීදුරු ,වෙනත් භාණ්ඩ ස්ඵර්ශයෙන් අපිට මේ රවැල් වැලඳෙන්න පුලුවන්. 

ඔබ දන්නවද ? සෙම්ප්‍රතිශ්‍යා රෝගියෙකු කිවිසුමක් යැවීමේදී බිලියන ගනණක් වෛරස පැයට සැතපුම් 100 ක වේගයකින් අඩි 2-12 දක්වා ප්‍රදේශයක පැතිර යන බව. තවත් දෙයක්. හිරු එලිය හා මනා වාතාශ්‍රය තමයි මේ සෙම්ප්‍රතිශ්‍යා වෛරසයේ ප්‍රධානම සතුරන්. මේව නිසා ආසාදිත වෛරස විනාශ වෙනවා. තවද සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුන විටදී අපි ආහාර ගැනීම මොනයම් හෝ හේතුවක් නිසාවෙන් ප්‍රතික්ෂේප කලහොත් වෙනත් විවිධ සංකූලතා උද්ගත වෙලා අපි තවත් අමාරුවෙ වැටෙන්න පුලුවන්. තවද , මේ රෝගාබාධයට තවත් එක් සුවිශේෂීම හේතුවක් තමයි අපේ ශරීරයේ අඩංගු විටමින් C ප්‍රමාණය අවම වී යාම. මෙයට පිලියමක් වශයෙන් සතියකට දෙවතාවකට වැඩියෙන් ඇඹුල් පලතුරු ආහාරයට ගැනීම හෙවත් පැඟිරි කුලයේ ශාක වල පලතුරු ආහාරයට ගැනීම කල හැකියි. මේ ලබා ගන්නා පලතුරු වර්ග නැවුම් බවින් යුක්ත වීමත් ඉතාම වැදගත්. මේ පලතුරු ආහාරයට ගැනීමට අකමැති අයෙක් ඉන්නවා නම් ඔහුට/ඇයට පුලුවන් vitamin C පෙති වශයෙන් දිනපතා ලබගැනීම කරන්න. කෙනෙක් හිතන්න පුලුවන් ඒ දෙය ශරීර සෞඛ්‍යයට හිතකරද කියා. ඒ අයට කියන්න ඕනා කවදාවත් අපේ ඇඟට vitamin වැඩි වෙන්නෙ නෑ කියන එක. 

දැන් අපි සෙම්ප්‍රතිශ්‍යාව ගැන ගොඩක් දේ දැන ගත්තනෙ. දන් බලමු අඩුම වශයෙන් හෝ මේ රෝගයේ රෝග ලක්ෂණ වත් වලකා ගන්නෙ කොහොමද කියල. 


  • ඉඟුරු , කොත්තමල්ලි  හා දෙහි කොළ එකට තම්බා ඒ හුමාලය ආශ්වස කිරීම හා මුහුනට ඇල්ලීම. 
  • වියළි ඉඟුරු ( අමු ඉඟුරු නුසුදුසුය ) , තිප්පිලි , කොත්තමල්ලි හා වෙනිවැල්ගැට එකට තම්බා සීනි දමා මද රස්නය ඇතිව පානය කිරීම.
  • ඉහත සඳහන් ද්‍රව්‍ය ම කබලේ බැද , කුඩු කොට කෝපි සේ වත්කොට සීනි දමා මද රස්නය ඇතිව පානය කිරීම. 
සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව කළ හැකි හොඳම අඩු වියදම් ප්‍රතිකාරය වන්නේ "රෝගය සුව වීමට ඉල්ලා සිටින කාලය ලබා දීමයි". එම කාලය කෙටි කිරීමට යාමෙන් ඵලයක්ද නැති තරම් ය. 

එම කාලය තුල විවේකීව සිටීම, උතුරවා නිවා ගත් ජලය පානය කිරීම , සුලඟට,වැස්සට හා පින්නට නිරාවරණය නොවීම , පෝශ්‍යදායී ආහාරපාන ගැනීම සඳහන් කල හැක. 


එහෙනම් මේ ලිපිය කියවපු හැම දෙනෙක්ටම දිර්ඝායුශ පතන ගමන් ලිපිය නිමා කරනව. 

thank you !!! comment එකකුත් දානවනම් ගොඩක් සතුටුයි. 

p.s  : තොරතුරු මූලාශ්‍රය > සුලභ රෝගාබාධ හඳුනා ගනිමු. 

                                        සරත් රණවීර , ස්වර්ණා රණවීර                        

Thursday, May 21, 2015

දැන් සිසුන් බඳවා ගැනේ? මේක ලියපු එකා සිංහල ද?(අපේ සිංහල-අපෙන් මත්තට 7)


සාමාන්‍ය පෙළ අවසන් වූ සැනින් නවමු නාඩගමක් ඇරඹේ. ඇස යොමන යොමන දෙස අහස් කුස වසා ගෙන සිටින්නේ බැනර් රාක්ෂයින් ය. සිංහල කන නිසා මේවා භයංකර ය. ඒ ඒවායේ සුපුරුදු ගොං වැකියක් තිබෙන බැවිනි. මොකක් ද මේ වැකිය?
දැන් සිසුන් බඳවා ගැනේ....

මෙහි ඇත්තේ සිංහල කර්තෘ කාරක කර්ම කාරක දොසකි. මෙහි උක්තය වී ඇත්තේ සිසුහු යි. ඒ බැවින් මෙහි නිවැරදි යෙදීම,
දැන් සිසුහු බඳවා ගැනෙති.
යන්න යි.

ඉතින් අපි මේ සම්ප්‍රදාය අදින් වෙනස් කරමු.
ඔයත් සිංහල ගැන හොඳට දන්නවානම්, ඔයාගේ නම උඩින් සඳහන් කරලා සිංහලෙන් පෝස්‍ටුවක් ලියා පහත ඊ-මේල් ලිපිනයට එවන්න. ඔබගේ ලිපිය පරීක්ෂා කර ඇඩ්මින්වරුන් විසින් එය පල කෙරේ.
info.rusiru@gmail.com

සිංහල නිවැරදි ව භාවිතා කර සිංහල ගගනත සරසමු.

Wednesday, April 22, 2015

ලෝක මිහිකත දිනය වෙනුවෙන් GOOGLE අලුත් වෙයි.

2015 අප්‍රේල් මස 22 ක් වූ අද දිනට යෙදී ඇති ලෝක මිහිකත දිනය වෙනුවෙන් GOOGLE සිය home page එක වෙනස් කලා.   

මේ මිහිකත දිනය ප්‍රථම වතාවට සමරා ඇත්තේ 1970 වර්ශයේ දීය. මෙවර මිහිකත දිනයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ චීනයේ "චීන මහා ප්‍රාකාරය පිරිසිදු කිරීම" , ලෙබනනයේ වෙරල පිරිසිදු කිරීමත් , ඉන්දුනීසියාවේ අක්කර 25000 ක් වූ වැසි වනාන්තර ප්‍රමාණය රැක ගැනීමට උත්සහ දැරීමත් ය. 

ලෝකයේ දැනටමත් සිදුවෙමින් පවතින මිහි මාතාවට හානිදායක වූ , ලෝකයාගේ විවිධ ක්‍රියාකාරකම් මගින් සිදුවන විනාශය වලක්වා ගැනීමට දායකවන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එසේනම් පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් එක් ගසක් හෝ රෝපණය කරන මෙන් ඉල්ලා සිටිනව. දිනෙන් දිම අවම වෙමින් පවතින ලෝකයේ භූගත ජලමට්ටම අපේ රටේ ස්ථාවර කර ගැනීමට මේ මිහිකත දිනයේ එය ඉතා හොඳ ආයෝජනයක් වේවි.  

තවත් වැදගත්ම දෙයක් කියන්න අමතක වුනානෙ. මෙවර මිහිකත දින තේමාව "දේශගුණ විපර්‍යාස ජයගමු" යන්නයි. මිහිකත දිනය සැමරීමේ 45 වන සංවත්සරය මෙයයි. මෙවර රටවල් 192 ක මිහිකත දිනය සමරනවා.

මිහිකත දිනය ගැන වැඩි දුර විස්තර මෙතනින් ලබාගන්න. 

එහෙනම් thank you ලිපිය කියෙව්වාට. 

ඔබේ අදහස් පහතින් දාන්න. 



Friday, April 17, 2015

දත් කැක්කුමට , හිසරදයට , උදරාබාද ආදී ලෙඩ වලට ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල මෙන්න. [ part 03 ]

මම ඔයාලට කිව්වනෙ මේ ලියන තෙවෙනි ලිපිය වෙනස් විදියකට ලියනව කියල. ඉතින් මං කල්පනා කලා ඔයාලට වැදගත් වන ශාක ගැන දැන් ලිපි දෙකකින්ම ලිව්ව නිසා අද ඔයාලට රෝග නිවාරණය ගැන කියන්න. 

ඉතින් දත් කැක්කුම , හිසරදය , බඩේ කැක්කුම වාගේ ලෙඩ සමාජයේ බහුලයි නෙ. ඉතින් මම කල්පනා කලා ඔයාලට ඒ ලෙඩ වලට පිළියම් කියල දෙන්න. මේ බෙහෙත් මම ඕනෑතරම් පරීක්ෂා කරල බලල තියනව. ඒ නිසා අත් දුටුයි , ප්‍රත්‍යක්ෂ යි

මෙන්න එහෙනම්.   





  • දත් කැක්කුමට   >  අමු ඉඟුරු , සුදු ලූනු , ගම්මිරිස් සමව ගෙන එකට අඹරා යුශගෙන වියලි මිරිස් කරලක ඇට ඉවත් කර එතුලට බෙහෙත් දියරය පුරවා පොල්තෙල් පහන් දැල්ලෙන් රත්කර මද රශ්මියෙන් කැක්කුම ඇති දතට වත්කරන්න.  
  • දත් කැක්කුමට   >  ඉද්ද කොළ යුෂ ගෙන කටේ කලතා ඉවත දමන්න. 
ඉහත සඳහන් ප්‍රතිකාරයන්ගෙන් දත් කැක්කුම ඉක්මනට සුව වෙනවා.


                       

  • හිසරදයට   >  දෙලුම් මල් යුෂ නාසයට උරා ( නශ්‍ය කොට ) සෙම හරින්න. 
  • හිසරදයට   > අබ , අමු ඉඟුරු , සුදු ලූනු එකට අඹරා රෙදි කඩක ගා නලලේ එලීමෙන් සුවවේ. 
  • හිසරදයට   >  සුදුලූනු , කරපිංචා නැටි , රතුලූනු , සූදුරු , පොල්තෙලට යොදා රත්කර හිස ගැල්වීමෙන් සුවවේ. 






  • බඩේ කැක්කුමට   >  සුදුලූනු , අමු වදකහ , අමු ඉඟුරු එකට කොටා එයට මී පැණි දමා බී විට සුවවේ. 
  • බඩේ කැක්කුමට   >  නටන උනුවතුර කෝප්පයක් ඇල් ජලය නොදමා නිවා මදක් නිවුනු පසු බොන්නට දෙන්න. 
ඉතින් ඉහත සඳහන් ආකාරයට ඉහත සඳහන් ලෙඩ සුව කර ගත හැකියි. 

ලිපිය කියෙව්වාට thank you !!! 

එහෙනම් comment එකකුත් දාන්න.

Wednesday, April 15, 2015

සියලු දෙවි දේවතාවුන්ගේ ඇති ආනුභාවයක් නැත...(අපේ සිංහල-අපෙන් මත්තට 6)


මේ අලුත් අවුරුදු සමය යි. ඉදින් හිතමිත්‍රාදීහු ජංගම දුරකථනවලින් එකිනෙකාට සුබ පැතුම් එකතු කරති. නමුත් සිංහල ගැන නො සිතා එවන කෙටි පණිවිඩවල කුමන සුබක් ද? සිංහල වනස වනසා කෙටි පණිවිඩ යවති.

මාගේ ජංගම දුරකථනයට එවන ලද බොහෝ කෙටි පණිවිඩ සිංහල බසින් සදොස් ය. පහතින් එකක් දක්වමි.

Thisarana aashirwaadhayen..... this thun koatoyak devi dewatawun wahanselage aanubaawayen..****

දෙවියන්ට මම දන්න තරමින් ආනුභාවයක් නැත. ඇත්තේ අනුභාවයකි. එයට හේතුව නම් භාවය යන්නට 'අනු' යන උපසර්ග පදය යෙදීමෙන් අනුභාවය යන පදය සෑදීම යි. එබැවින් අදින් මත්තට සිංහල බසින් දෙවියන්ට අපහාස නො කර නිවැරදි ව සිංහල භාවිත කරමු.

Tuesday, April 14, 2015

ම‍ෙන්න online අවුරුදු උත්සවයක්.......



දැන්  ඉතිං අවුරුදු කාල‍ෙන්‍‍ෙ ඉන්ටර්න‍ෙට ආවට පස්ස‍ෙ අප‍ේ කට්ටිය ටිකක් posh වුනාන‍ේ.ඒක හින්දා ගම‍ෙි ග‍ොඩ‍ෙි ඇවිද්දින්න‍ේ එහමෙත් නෑන‍ේ.. ඒවට එක එක විකල්ප ඉන්ටර්නටේ එකම හැදුවන‍ේ ගම‍ෙි සමිති සමාගම් වලට ගිහිල්ලා යාලුව‍ෝ අදුරගන්න 1ක ව‍ෙනුවට ග‍ොඩක් කට්ටිය facebook,g+  වග‍ේ ඒවා‍ට ගියාන‍‍ෙ.... අන්න ඒ වග්‍‍ෙ  ගම‍ෙි තියන අවුරුදු උත්සව‍ෙිටත් ග‍ොඩක් posh කට්ටිය යන්න‍‍ෙ නැහැන‍ේ ඒ වග‍ේ කට්ටියට තමයි ම‍ෙින්න ම‍ෙික හදල‍ා තිය‍ෙන්න‍ෙ online අවුරුදු උත්සවයක් හිරු T.V 1ක තමයි ම‍ෙික හදල‍ා තිය‍ෙන්න‍ෙ අවුරුදු උත්සව‍ෙිකට තියන ග‍ොඩක් ද‍ේවල් ම‍ෙික‍‍‍ෙ  තියනවා(ඔක්කා‍ෙම න‍ෙවයි) ඔන්න එහනම් පහලින් ගිහිල්ලා බලාපල්ලා........
කියන්න අමතක වුන‍ාන‍ේ සුභ අලුත් අවුරුද්දක් ‍‍ව්‍ෙවා!!!!!!!!!!!!




(අර මම උඩ ලියලා තියන විස්තර‍ෙන් ක‍ාග‍ේ හරි හිත රිදුනනනම් මට සමා ව‍ෙන්න)

DVD write කරන්න , ලස්සන menu හදන්න මෙන්න සුපිරිම software එකක්.

අද මම ඔයාලට ගෙනාවේ නියමෙට DVD write කරන්න පුලුවන් software එකක්. මේකෙ නම තමයි DVD Styler. මේකෙ තිබෙන විශේෂත්වය තමයි පට්ට විදියට menu හදන්න පුලුවන් වීම. අනික අපි අතරේ ජනප්‍රිය software  , ලොකු mega byte ගානකුත් වෙනවනෙ. මේක 28 MB වගේ තමයි වෙන්නේ. බලන්න මේ software එකේ screen shots කීපයක්. 



-

mac os , windows එක්කත් හරි හරියට වැඩ කරන මේ DVD styler එකේ තවත් විශේෂත්වයක් තමයි MP4 , 3GP , WMV , FLV , AVI , MPG , VOB වගේ ඕනම වර්ගයේ video එකක් write කරන්න පුලුවන් වීම. 

එහෙනම් වැඩි කථා නැතිව මෙන්න මෙතනින් ගිහිල්ලම බාගන්නකෝ. 

එහෙනම් thank you !!!  comment එකකුත් දාගෙනම යන්න. 






ඇඹුලයි ඇඹුලයි , ඒත් පට්ට ගුණයි. දෙහි නොහොත් LIME [Part two]

මම පහුගිය සතියෙ ඉඳන් ලියන්න ගත්ත ලිපි පෙලේ දෙවන කොටසයි මේ.

අද මම ඔයාලට කියන්නෙ දෙහි නොහොත් lime වල ඇති ඖෂධීය වැදගත්කම ගැන. 

මෙහි විද්‍යාත්මක නාමය තමයි Citrus aurantifolia. ඉතින් මේ දෙහි විවිධ විදියට ඖෂධාත්මකව වැදගත් වෙනව. 

රෝග සුවයට 


  • සෙම්ප්‍රතිශ්‍යාවට > දෙහිකොල තැම්බූ ජලයෙන් දුම් ඇල්ලීම.
  • පණු රෝගයට   >දෙහි ඇඹුලින් ගලේ තබා අඹරා ගත් සාදික්කා වලට නැවතත් දෙහි මිශ්‍ර කොට බොන්න.
  • හිසරදයට         >දෙහි කොල තැම්බූ වතුරෙන් හුමාලය නාසයෙන් උරා මුඛයෙන් පිටකරන්න. 
  • ඉස්සොරි වලට  >දෙහි කොල , දෙහි ඇඹුල් , පොල් කිරි යන මේවා සම ප්‍රමාණවලින් ගෙන දිනක් අව්වේ කකාරා දවස් හතක් ඔලුවේ ගාන්න.
  • ආහාර රුචියට   >දෙහි යුෂ , අමු ඉඟුරු , සීනි කලවම් කොට දියකර බොන්න. 
  • ඉදිමුම් බැස්මට  >දෙහි පොතු ලුණු ස්වල්පයක් දමා කොටා මලවා බඳින්න. 
  • පත්තෑ විෂට      >දෙහි මදයක් ගෙන කෑ තැන අතුල්ලන්න.
  • ගෝනුසු විෂට   >දෙහි ඇඹුල් හා දිවි කදුරු කොල යුෂ ඇතුලත් මිශ්‍රණයක් සාදා බොන්න.
  • අලුහම් වලට     >ඇත්තෝර කොල දෙහි ඇඹුලින් අඹරා ඇඟ ගා පැය බාගයකට පසු නාන්න.
  • දිවි මකුලුවෙකු දෂ්ඨ කල විට > දෂ්ඨ කල ස්ථානයේ දෙහි ඇඹුලින් ගොටුකොළ ගා එම මිශ්‍රණයම මදක් ජලය දමා තනුක කොට බොන්නට දෙන්න. 
දැන් ඔයාල දැනගත්තනෙ දෙහි යුෂ වගේම දෙහි ගසම ඉතා වැදගත්කමකින් යුතු බව.   
-



ඉතින් තව දෙයක් කියන්න තියෙනව. දෙහි වැඩි වශයෙන් ව්‍යප්ත වෙලා තියෙන්නේ මොණරාගල , අම්පාර , බිබිල යන පැති වල. විටමින් C බහුල ආහාරයක් විදියට තමා දෙහි හඳුන්වන්නේ. ඒකයි අපි කෑම හදනකොට සම්බෝල , ලුණුමිරිස් වගේ ඒවලට දෙහි දාන්නෙ. අපිට විටමින් C ලැබෙන්නත් , එමගින් රෝගනිවාරණයත් හොඳින්ම සිදුවන නිසත් තමයි අපි ඒ විදියට දෙහි පාවිච්චි කරන්නෙ. 

ඉතින් මේ අවුරුදු කාලෙ ice-cream කාල වැඩිවෙලා හෙම්බිරිස්සාවක් එහෙම හැදුනත් ඔයාලට මේ ලිපිය කියෙව්ව නිසා ඒකට පිලියම් තියෙනවනේ. ලෙඩක් දුකක් නොවී නිරෝගීව ඉන්න ලැබේව කියල පතනව !!!  

එහෙනම් මේ ලිපි පෙලේ part 3 වලින් වෙනස්ම දේකින් හමු වෙමු.

thank you !!! comment එකකුත් දාගෙනම යන්න. 


සුබ පතංග මඟුලක් වේවා!!!


ඉදින් තවත් අපේ වසරක් ගෙවී ගියා. පස්සට ආපසු හැරී බලන කල අපේ වූ, නමුදු අපේ නො වූ සීන රාශියක් තිබිණි. සැබෑ වූයේ ටිකකි. ඉතින් අදින් නව ඉරක් අපට උදා වී තිබේ. පතංග මඟුලට ටෙක්නෝ ලංකා සහ පිරිවරගේ උණුසුම් පැතුම් මෙලෙස දක්වමු. මෙතෙක් කල් ටෙක්නො ලංකා සමග ‍රැඳී සිටි ඔබට හා, සියලු ම සිංහල හා දමිළ ඇත්තන්ට සුබ ම සුබ, පැතූ පැතුම් ඉ‍ටුවන, සිතූ සිතුම් රජවන අලුත් අවුරුද්දක් වේවා!!!


Monday, April 13, 2015

අනවශ්‍යය බ්ලොගයන් ඉවත් කිරීම...


බ්ලොගර් භාවිතයෙන් බ්ලොග් අඩවි 100ක් පමණ එක ගිණුමක් තුල සක සකසාගත හැක. කෙසේ නමුත් බ්ලොගයක් අනවශ්‍ය වූ විට එය ඉවත් කිරීමට දැනගැනීම වටී.  පහතින් දක්වා ඇත්තේ අනවශ්‍යය බ්ලොගයක් ඉවත් කරගන්නා ආකාරයයි. 

බ්ලොගර් වෙත පිවිස ඔබට ඉවත් කිරීමට අවශ්‍යකරන බ්ලොගයේ සෙටින්ග්ස් ‍තෝරන්න.


ඉන්පසු සෙටින්ග්ස් යන්නෙහි ඇති Other ‍තෝරා Delete blog යන්න ‍තෝරන්න. එමගින් ඔබගේ බ්ලොගය ඉවත් කර ගත හැක.



තවත් මේ වගේම ගැජට් කෑල්ලකින් හමුවෙමු. 
මෙය මින් පෙර මාගේ බ්ලොගයේ ද පල කෙරුවෙමි...

අවුරුද්දට සුභ පතන්න මෙන්න ලස්සන SMS ටිකක්.

මේ ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ඔයාලගෙ නෑදෑ හිතවතුන්ට   සුභ  පතන්න  , අසල්වැසියන්ට  සුභ පතන්න  , යාලුවොන්ට  සුභ  පතන්න ,  තමන්ගෙම කෙනෙක් ඉන්නවනම්   අවුරුද්ද  ලැබුව  හැටියෙම  සුභපතන්න  මෙන්න මම  ගෙනාවා  ලස්සන  MESSAGES ටිකක්.  ඔයාලට  ඕන අයුරකට  SMS කරන්න.   

මේ ඕන sms එකක්  ඔයාලට save කරගන්නත් පුලුවන්.  

තමන්ට ඕන sms එක highlight කරල එය මත right click කොට කොපි කියන option එක තෝරලා , machine එකේ MS Office WORD එකේ හරි note pad  එක හරි  open  කරල 

copy කරපු  එක paste කරල දාන්න. ඉන්පසු  save  කරන්න  ඕනතැනකට.  

මෙන්න එහෙනම් 

@=-=-=-=-= @
   )) *Happy* ))
  // * New *  //
 ((  * Year*  ((
 @=-=-=-=-= @
siyalu petum ituwana

subama suba aluth awruddak wewa....!!!
  

Aluth balaporoththu..
Ahurak aran..
Aluth irak payanne..
Aluth Wasarak aran..
Me SMS eken mama..
Suba nawa wasarak..
Pathami obasemata mama..


Me Labana Wu Alut Awurudda
Kiriyen!!!!
Paniyen
Sathutin
Piri…
Jaramara!!!!
Barabara
Karadara
Neti
Adaren!!!!
Samayen
Karunawen
Piri
Subama Subama Suba
Aluth AwuruddakWewa Oba Semeta


Mata therenawa oyagey magey athara thibba
serama ewara wenna lagay kiyala
Oyata mawa, mata oyawa one unath
mata yannama wenawa
oyage jiwitheta aye mama enne ne sudu
Mama oyagema wishwasaniya
Parana awurudda
Suba aluth awuruddak wewa !!!


Kowul nada musu wu mada nalata…
Erabadu mal sipa ena sulan rallata…
Nilabara sisara ena pawanata…
Ekkarami ma somnas sithum sulagata…
Labuwa wu nawa wasara suba wannata hama dinaka…
Oba hara noyana mada pawanak lesata…
SUBA NAWA WASARAK WEWA !!!


H ours of happy times with friends and family
A bundant time for relaxation
P rosperity
P lenty of love when you need it the most
Y outhful excitement at lifes simple pleasures
N ights of restful slumber
E verything you need
W ishing you love and light
Y ears and years of good health
E njoyment and mirth
A angels to watch over you
R embrances of a happy years


Its like a new Sunrise ..........
of Hope, of Prosperity ,of Happiness
Its like a new Beginning........
of Thoughts, of Words, of Actions
Its like a new Day.................
of Energy, of Strength, of Ideas
Its like a Bunch of whole new things........
of Prayers, of Friends, and of Love
Best wishes for a HAPPY NEW YEAR !!!


Kowul nada musu wu mada nalata…
Erabadu mal sipa ena sulan rallata…
Nilabara sisara ena pawanata…
Ekkarami ma somnas sithum sulagata…
Labuwa wu nawa wasara suba wannata hama dinaka…
Oba hara noyana mada pawanak lesata…
SUBA NAWA WASARAK WEWA !!!!!


Palasak vilasa yana maga mal athirewa…
Ahasak usata usa pahtuman ithirewa…
Dahasak pahan dalvi maga eliwewa…
Aruthak genena SUBA NAWA WASARAK WEWA!


Sith male pubudina pathum podhi ituwena,
Hadha nive sanasena nirogi suwa laba dena,
Atha-mita babalena isurin purawana,
Suba nawa wasarakata mulu hadin pathami ma!


“sabwithiyo viwajjatho…
sabba rogo winassatho..
Mathe bawath antharayo..
Suki digayu ko bawa…”
120ta 220k awada ayu bo wewa…!
Suba aluth auruddak wewa..!



Pahan silak se ‘NETHU’ dal wewa
wasanthayak se ‘DIWI’ saru wewa,
Pium vilak se ‘SUWADA’ sedewa,
Me nawa wasare ‘KIRI’ ithirewa.!!!


Sith sathosin popiyana,
Hada nivi sanasena,
Pathum mal pudina,
Nawum nawa wasarakWewa
120 ta 220k AAYUBO WEWA…!


Me Labanna Wu
Sinhala Aluth Awurudda !!!!!!!!!!!!!!!
Kiriyen!!!!
Paniyen…….
Sathutin
Piri…..
Jaramara!!!!
Barabara…..
Karadara
Neti…..
Adaren!!!!
Samayen…..
Karunawen
Piri…….
Subama Subama Subama Suba Aluth Awuruddak Wewa Oba Sameteaa!!!!!!!!!!!!!!!!!!!!


Labannawu nawa wasara
kiriyen peniyen piri,
samaya sathuta raja karana,
leda dukin thora,
wedi wediyen lebena,
Suba Aluth awruddak wewa……





Samaya Sathuta piri
Siyalu pathum ituwana
Suba Aluth Awuruddak Wewa !!!

එහෙනම් thank you !!!  comment එකකුත්  දාන්නෝ .......