Wednesday, March 11, 2015

300 MB ට 720p HD Bluray ෆිල්ම්ස් බාමු - H265 Movies


මේක දැක්කම සමහරුන්ටනම් පුදුම හිතෙන්න ඇති. ෆිල්ම් බාන අය දන්නවනෙ සාමාන්‍යෙන් ෆිල්ම් එකක 720p Bluray කොපියක සයිස් එක 700mb වලට එහා කියල. ඒත් තාක්ශනය අලුත් වෙන නිසා දැන් අපිට ඒ ෆිල්ම් එකක් ඊටත් වඩා හොද කොලිටියක් එක්ක 250mb - 600mb අතර ගානකට බාගන්න පුලුවන්.TV Series එකක 720p HD එපිසෝඩ් එකක් 150 MB වගේ ගානකට බාන්න පුලුවන්.සමහරක් අය නම් මේ ගැන දන්නවා ඇති.මේ කියන්න යන්නෙ H265 එහෙම නැත්තම් x265 කියල හදුන්වන encoding තාක්ශනය ගැන.

Encoding කියන්නෙ මොකක්ද?

encode කරනවා කියන්නෙ ලොකු ධාරිතාවයකින් එන ෆිල්ම් එකේ ඔරිජිනල් කොපිය අපිට බලන්න පුලුවන් විදිහට හදල දෙන එකට.(සරලව)

ඔයාලා ෆිල්ම් බානවනම් දැකල ඇති නෙ ඒවයෙ නම තියෙන්නෙ මේ වගේ කියල.

The Maze Runner (2014) 1080p BrRip x264 - YIFY

ඕකෙ ඔය අන්තිමට තියෙන x264 කියන්නෙ encode කරන තාක්ෂනය. YIFY කියන්නෙ encoder. එහෙම නැත්තන් එන්කෝඩ් කරන කෙනා.YIFY කියන්නෙ ගොඩක් ප්‍රසිද්ද encoder කෙනෙක්.

x265,h265 කියන්නෙ මොකක්ද?


ඒක තමා අලුත්ම encoding technology එක.මේකෙන් සයිස් අඩුවට ඒත් කොලිටිය වැඩියෙන් තියෙන විදිහට වීඩියෝ encode කරන්න පුලුවන්.


අනාගතයේ මේ encode model එක ගොඩක් ප්‍රචලිත වේවි.

මේ වීඩියෝ ඕන කෙනෙක්ට බලන්න පුලුවන්ද?

මේ වීඩියෝ හිරවෙන්නෙ නැතිව බලන්න අඩුම ගානෙ intel dual core වත් ප්‍රොසෙසරයක් ඕන. ඒ වගේම media player වල අලුත්ම වර්ශන්  ඕන. මමනම් නිර්දේෂ කරන්නෙ KM Player එක.








KM Player එකේ අලුත්ම වර්ශන් එක මෙතනින් බාගන්න

ඔය කියපුව තියෙනවනම් x265 වීඩියෝස් බලන්න පුලුවන්.


ඔය ෆිල්ම්ස් කොහෙන්ද බාන්න පුලුවන්?

මෙන්න මේ සයිට් වලට ගියොත් x265 මූවීස් බාගන්න පුලුවන්.

MicroMKV
PSA
Encode x264 - මේ සයිට් එක ලංකාවෙ කෙනෙක් කරන්නෙ. එයාගෙ කොපිත් හොදයි.(සයිට් එකේ නමේ ‍x264 කියල තියෙන්නෙ එයාලා ඉස්සර දුන්නෙ ඒව නිසා)

ටොරන්ට් ඕන නම් ටොරන්ට් සයිට් එකක ෆිල්ම් එකේ නමත් එක්ක 265 කියල දාලා සර්ච් කරල බලන්න.ගොඩක් වෙලාවට එනවා.

ඔයාලට පෙනෙයි මේ සයිට්වල තියෙන සමහර ෆිල්ම්ස් නම් සාමාන්‍ය සයිස් එකට ලංවෙන්නම තියෙනවා කියල. ඒත් ඔයාලා සයිට් දෙක තුනකම බැලුවොත් අඩු සයිස් එකක් හොයාගන්න බැරි නෑ.

මේ පෝස්ට් එක හදන්න ටිකක් මහන්සි වෙන්න උනා. ඉතින් ඒක නිසා කමෙන්ට් එකක් දාගෙන යන්න කියල ඉල්ලනවා. ඒ වගේම දිගටම අපේ සයිට් එකත් එක්ක ඉන්න කියලත් ඉල්ලනවා. ඔයාලට ඕනනම් අපේ සයිට් එකේ ලිපි ලියන්න පුලුවන්. ඒකට අවශ්‍ය විස්තර සයිට් උඩම තියෙන page වලින් ගන්න. එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු.

11 Comments: