Saturday, March 14, 2015

වටේම බල බල යන්න 360° වීඩියෝ Youtube වෙතින් ප්‍රථම වතාවට



ඔයාලා Panorama Pictures දැකලා තියෙනවනෙ. ඕන පැත්තකට හරවල බලන්න පුලුවන්නෙ ඒ පින්තූර. ඒ විදිහට වීඩියෝස් තිබ්බොත් කොහොමද?  ඒ වගේ වීඩියෝ ඔන්න දැන් අපි කවුරුත් දන්න යූ ටියුබ් වෙතින් මාර්තු 12 වෙනිදා සිට නිකුත් කරන්න පහසුකම් සලසල දීල තියෙනවා. මේ වෙනකොටත් ඒ වගේ වීඩියෝස් කිහිපයක්ම යූ ටියුබ් වෙත නිකුත් කරල තියෙනවා.

හැබැයි මේ වීඩියෝස් දැනට බලන්න පුලුවන් ක්‍රෝම් බ්‍රොව්සරයෙන් සහ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වලින් පමණයි. එහෙනම් මෙන්න ඒ වගේ වීඩියෝස් ටිකක්. වීඩියෝ එක ප්ලේ වෙද්දි මවුස් එකෙන් ඩ්‍රැග් කරන්න ඕන පැත්තට.

ධාවනය වන රේසින් කාර් එකක සිට - Link
Sea Plane එකක සිට - Link

ගුවන් කරණම් කරුවෙක් (Wingsuit) - Link
බෝට්ටුවක සිට - Link

එහෙනම් හොද නරක කියාගෙනම යන්නකො. ඉක්මනටම තව පෝස්ට් එකකින් හමුවෙමු.

0 Comments:

Post a Comment