Sunday, May 31, 2015

pc එකේ ram එකේ ඉඩ වැඩි කරමු

පලමු ක්‍රමය
                     මෙක්‍රමයෙදි  වෙනත්  program  නැතව ram එකෙ ඉඩ වැඩි කරගමු.  පහත videoව බලන්න
                      මෙහිදි notepade එකෙ type කල යුත්තෙ freeMem=space(128000000) ය
දෙවන ක්‍රමය  
           
       
                 මෙ තියෙන්නෙ wise memory optimizer කියන program  එක   මෙතනින් ගන්න .
                      දැන් එය pc එකෙ ස්තාපනය කර  optimize now click කරන්න .


                   මගෙ වෙනත්  ලිපි
                                 ඩොන්ගල් UNLOCK කරමු'
                                  recovery කරන්න බැරිවෙන්න delete කරන්න
                   

Saturday, May 23, 2015

ඩොන්ගල් UNLOCK කරමු

               සමහරුන් මේක ගැන දන්නවත් ඇති .එහෙන්න ඔන්න  ඩොන්ගල් එක  UNLOCK කරමු.
                &nbsp ;       1.මුලින්ම dc unloker එක  මෙතනින් ගන්න .
                        2.දැන් එක open කරන්න.
                        3.  ඩොන්ගල් එකක pc එකට සවිකරන්න.
                        .
                      4.දැන් dc unloker මෙලෙස දිස්වෙවි.
                                   1-එකලෙස ඇති තැනට ඩොන්ගල් නිශ්පදකයාගෙ නම දෙන්න.
                                   2.2කට auto detect ලබා  දෙන්න.
                                   3.දැන් 3 න click කරන්න.
එවිට පහලින් ඇති කොටුවෙ ඩොන්ගල් එකක ලොක්වි ඇතිබව පෙන්වයි .

              ඩොන්ගලය  UNLOCK කරන විට විදුලිය විසන්දි වුවහොත් ඩොන්ගලය නැවත බවිතයට ගතනොහැක . 

                            4. දැන් 4ර ක්ලික් කරන්න .                                                                                                              ටික වෙලාවකින් unlock වු බව පහලින් ඇතිකොටුවෙ දිස්වෙ .
       mf 190b වැනි    සමහර ඩොන්ගල් අන්ලොක් නොවන බව කරුනාවෙන් සලකන්න .                                               මගෙ වෙනත් ලිපි  recovery කරන්න බැරිවෙන්න delete කරන්න
                                              ඕන වෙබ් සයිට් එකකට හොරෙන් යන්න පුලුවන් ලොව ආරක්ෂිතම වෙබ් බ්‍රව්සරය  /  පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකො‍ටුවකි/ folder lock කරමු
  /

                                     

Friday, May 22, 2015

නිතරම හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ නොදන්නා බොහෝ දේ [ PART 04 ]

අද මම ඔයලට ගෙනාවෙ කාලෙකට පස්සෙ වැදගත් ලිපියක්. පාසලේ ඉගෙනුම් කටයුතු එක්ක දැන්නම් ගොඩක් busy. කොහොමින් කොහොම හරි ඔන්න අද නම් free. 

අපේ රටේ වගේම තුන්වන ලෝකයේ බොහෝ රටවල සුලබම රෝගයක් තමා මේ සෙම්ප්‍රතිශ්‍යාව. අපි කොයි කවුරුත් දන්නව සෙම්ප්‍රතිශ්‍යාව නොහොත් අපේ කටවහරේ හැටියට හෙම්බිරිස්සාව හැදුනම කොච්චර අපහසුද කියල. ඉතින් මේ හෙම්බිරිස්සාව ගැන මුල ඉදන්ම දැනගනිමු. 

දහනවවන සියවසේ විසූ ඉංග්‍රීසි ජාතික ජනප්‍රිය ලේඛක චාර්ස් ලෑම්බි විසින් කියා ඇත්තේ " සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුනු කෙනෙක් අත් විඳින විඩාව , බෙලහීනතාවය , අවිසංවේදනය සහ වචනයෙන් විස්තර කල නොහැකි කාලකණ්ණි මූසල ස්වභාවය ට පිලියමක් නැද්ද යන්නයි". 

මේ රෝගාබාධයට ඔබ මේ වසරේදීත් අඩුම තරමේ තුන් වතවකදී වත් ගොදුරු වන්න ඇති. මේ රෝගය වෛරසයක් නිසා සෑදෙන් බැවින් තවම හරි හැටි ප්‍රතිකාරයක් නෑ. මේ රෝගයේ රෝගලක්ෂණ සේ සැලකෙන උගුරේ වේදනාව , සොයු දියර ගැලීම , කඳුළු වැගිරීම , කිවිසුම් යාම , හිස බර ගතිය , මුලු සිරුරේම් වේදනාව තමයි මේ රෝගයේ රෝග ලක්ෂණ. 

ගනන් කල නොහැකි තරම් වූ සෙම්ප්‍රතිශ්‍යා වෛරස ප්‍රභේද ප්‍රමාණයක් ඇත. මේ හේතුව නිස තමයි අපි මේ රෝගය වැලඳෙන වැලඳෙන වාරයක් පාස බෙහෙත් ගත්තත් නැවත නැවත මේ රෝගය හැදෙන්නේ. 

ඇඩිනො වෛරසය 

සින්සිෂල් වෛරසය 



රයිනෝ වෛරසය 



ඉහතින් දක්වා ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යා වෛරස කිහිපයකි. සෙම්ප්‍රතිශ්‍යා වෛරසයට මිනිසුන් නැතිව පැවැත්මක් නොමැත. එක් මනුෂ්‍යයකුගෙන් තවත් මනුෂ්‍යයෙකුට ආදී වශයෙන් පැතිරෙන මෙම රෝගය ප්‍රධාන ලෙසම ස්පර්ශයෙන් බෝවන අතර රෝගීන් අල්ලන ලද ලේන්සු , පෑන් , පැන්සල් , phones , දොර අගුල් , පොත් පත් , වීදුරු ,වෙනත් භාණ්ඩ ස්ඵර්ශයෙන් අපිට මේ රවැල් වැලඳෙන්න පුලුවන්. 

ඔබ දන්නවද ? සෙම්ප්‍රතිශ්‍යා රෝගියෙකු කිවිසුමක් යැවීමේදී බිලියන ගනණක් වෛරස පැයට සැතපුම් 100 ක වේගයකින් අඩි 2-12 දක්වා ප්‍රදේශයක පැතිර යන බව. තවත් දෙයක්. හිරු එලිය හා මනා වාතාශ්‍රය තමයි මේ සෙම්ප්‍රතිශ්‍යා වෛරසයේ ප්‍රධානම සතුරන්. මේව නිසා ආසාදිත වෛරස විනාශ වෙනවා. තවද සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුන විටදී අපි ආහාර ගැනීම මොනයම් හෝ හේතුවක් නිසාවෙන් ප්‍රතික්ෂේප කලහොත් වෙනත් විවිධ සංකූලතා උද්ගත වෙලා අපි තවත් අමාරුවෙ වැටෙන්න පුලුවන්. තවද , මේ රෝගාබාධයට තවත් එක් සුවිශේෂීම හේතුවක් තමයි අපේ ශරීරයේ අඩංගු විටමින් C ප්‍රමාණය අවම වී යාම. මෙයට පිලියමක් වශයෙන් සතියකට දෙවතාවකට වැඩියෙන් ඇඹුල් පලතුරු ආහාරයට ගැනීම හෙවත් පැඟිරි කුලයේ ශාක වල පලතුරු ආහාරයට ගැනීම කල හැකියි. මේ ලබා ගන්නා පලතුරු වර්ග නැවුම් බවින් යුක්ත වීමත් ඉතාම වැදගත්. මේ පලතුරු ආහාරයට ගැනීමට අකමැති අයෙක් ඉන්නවා නම් ඔහුට/ඇයට පුලුවන් vitamin C පෙති වශයෙන් දිනපතා ලබගැනීම කරන්න. කෙනෙක් හිතන්න පුලුවන් ඒ දෙය ශරීර සෞඛ්‍යයට හිතකරද කියා. ඒ අයට කියන්න ඕනා කවදාවත් අපේ ඇඟට vitamin වැඩි වෙන්නෙ නෑ කියන එක. 

දැන් අපි සෙම්ප්‍රතිශ්‍යාව ගැන ගොඩක් දේ දැන ගත්තනෙ. දන් බලමු අඩුම වශයෙන් හෝ මේ රෝගයේ රෝග ලක්ෂණ වත් වලකා ගන්නෙ කොහොමද කියල. 


  • ඉඟුරු , කොත්තමල්ලි  හා දෙහි කොළ එකට තම්බා ඒ හුමාලය ආශ්වස කිරීම හා මුහුනට ඇල්ලීම. 
  • වියළි ඉඟුරු ( අමු ඉඟුරු නුසුදුසුය ) , තිප්පිලි , කොත්තමල්ලි හා වෙනිවැල්ගැට එකට තම්බා සීනි දමා මද රස්නය ඇතිව පානය කිරීම.
  • ඉහත සඳහන් ද්‍රව්‍ය ම කබලේ බැද , කුඩු කොට කෝපි සේ වත්කොට සීනි දමා මද රස්නය ඇතිව පානය කිරීම. 
සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව කළ හැකි හොඳම අඩු වියදම් ප්‍රතිකාරය වන්නේ "රෝගය සුව වීමට ඉල්ලා සිටින කාලය ලබා දීමයි". එම කාලය කෙටි කිරීමට යාමෙන් ඵලයක්ද නැති තරම් ය. 

එම කාලය තුල විවේකීව සිටීම, උතුරවා නිවා ගත් ජලය පානය කිරීම , සුලඟට,වැස්සට හා පින්නට නිරාවරණය නොවීම , පෝශ්‍යදායී ආහාරපාන ගැනීම සඳහන් කල හැක. 


එහෙනම් මේ ලිපිය කියවපු හැම දෙනෙක්ටම දිර්ඝායුශ පතන ගමන් ලිපිය නිමා කරනව. 

thank you !!! comment එකකුත් දානවනම් ගොඩක් සතුටුයි. 

p.s  : තොරතුරු මූලාශ්‍රය > සුලභ රෝගාබාධ හඳුනා ගනිමු. 

                                        සරත් රණවීර , ස්වර්ණා රණවීර                        

Thursday, May 21, 2015

දැන් සිසුන් බඳවා ගැනේ? මේක ලියපු එකා සිංහල ද?(අපේ සිංහල-අපෙන් මත්තට 7)


සාමාන්‍ය පෙළ අවසන් වූ සැනින් නවමු නාඩගමක් ඇරඹේ. ඇස යොමන යොමන දෙස අහස් කුස වසා ගෙන සිටින්නේ බැනර් රාක්ෂයින් ය. සිංහල කන නිසා මේවා භයංකර ය. ඒ ඒවායේ සුපුරුදු ගොං වැකියක් තිබෙන බැවිනි. මොකක් ද මේ වැකිය?
දැන් සිසුන් බඳවා ගැනේ....

මෙහි ඇත්තේ සිංහල කර්තෘ කාරක කර්ම කාරක දොසකි. මෙහි උක්තය වී ඇත්තේ සිසුහු යි. ඒ බැවින් මෙහි නිවැරදි යෙදීම,
දැන් සිසුහු බඳවා ගැනෙති.
යන්න යි.

ඉතින් අපි මේ සම්ප්‍රදාය අදින් වෙනස් කරමු.
ඔයත් සිංහල ගැන හොඳට දන්නවානම්, ඔයාගේ නම උඩින් සඳහන් කරලා සිංහලෙන් පෝස්‍ටුවක් ලියා පහත ඊ-මේල් ලිපිනයට එවන්න. ඔබගේ ලිපිය පරීක්ෂා කර ඇඩ්මින්වරුන් විසින් එය පල කෙරේ.
info.rusiru@gmail.com

සිංහල නිවැරදි ව භාවිතා කර සිංහල ගගනත සරසමු.