Tuesday, October 30, 2012

Ecodsoft Keylogger - පරිගණකයක් හැක් කරමු

කී ලොගර් එකක් බාවිතා කරන්නේ වෙනත් පරිගණකයක දත්ත ලබා ගැනීමට කියලා ඔයාලා දන්නවා. පරිගණක වලින් දත්ත සොරා ගැනීම පොදුවේ හැකින් කියලා හදුන්වනවා. ඉතින් හැකින් වෙනුවෙන් බාවිත කරන මෘදුකාංගයක් නවතම සංස්කරණයක් එලිදක්වලා තියනවා. Ecodsoft Keylogger මෘදුකාංගය දැනට ලෝකයේ බාවිතා වන හොදම Keylogger මෘදුකාංගයක්. මෙහි මිලදී ගැනීමේ සංස්කරණය බොහොමයක් ආයතන වල employees monitoring ටූල් එකක් ලෙසින් බාවිතා කරනවා. මෙය  බාවිතා කරලා අපිට පහලින් දක්වලා තියන ක්‍රියාකාරකම් වල දත්තයන් අපේ පරිගණක වෙත ලබාගන්න පුලුවන්.

යතුරුපුවරුවෙන් සටහන් කරන සියලුම දේ වාර්තා කරගැනීම. 

ඒවා විශේෂිත ඊමේල් ගිණුමකට යැවීම 

පරිගණකයේ ක්‍රියාත්මක වන බව සොයා ගැනීමට හැකියාවක් නොමැති වීම. 


මීට අමතරව

Save all the IM messages:
Skype chat logger
MSN Messenger logger
Yahoo Messenger logger
AIM logger
ICQ logger 

Myspace log
Facebook log
Document open log
Clipboard content

භාවිතා කරන  සියලුම වෙබ් අඩවි වල ලිපිනයන් වාර්ත කර ගැනීම. 

වෙබ් අඩවියට ලොග් උන කාලය හා ඉන් ඉවත් උන කාලය වාර්තා කර ගැනීම 


screenshot සකසන කාලයකදී ලබාගෙන ඊමේල් කිරීම 
record screen යටතේ screen එක රෙකෝඩ් කර bmp ගොනු ලෙසින් පරිගණකයේ සුරක්ශිත කිරීම. 

ඒ වගේම ඉතාමත් වැදගත් වන්නේ මේ මෘදුකාංගයේ ධාරිතාව 1.7 MB වීමයි. ඉතින් මේ ගැන උනන්දු වන අය පහල ලින්කුවෙන් බාගත කරගන්න. 


ඉතින් මේ මෘදුකාංගය බාගත කරගෙන වෙනත් පරිගණකයකට ඒ කියන්නේ අපිට දත්ත ගන්න ඕනේ පරිගණකයකට ස්තාපිත කරන්න ආකාරයන් 2ක් තියනවා. ස්තාපිත කලාට පමණක් මදි. මේ මෘදුකාංගය රිජිස්ටර් කරන්නත් ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් පහල දත්ත බාවිතා කරන්න පුලුවන් 

Email: AdriansCool@god.com
Serial: 3117B91F673C9555A9D4BCAFF7EA091A

Email: adrianscool@.com
Serial: 88FE2A762AB547CB81C9A1E49D215703

Email: AdrianDennis@..com
Serial: D31ADFCCE85A9648467C3B95FFFA5F18

Email: Adrian@..com
Serial: E70E671A809E799185443FE82DB5C302

Email: Dennis@..com
Serial: F02FE762BAAAE603690FD15C2890D60A

ඉතින් මේවායින් එකක් බාවිතා කරලා රිජිස්ටර්  කරගන්න. අපි බලමු මේ මෘදුකාංගයෙන් කරගන්න පුලුවන් ක්‍රියාකාරකම් කීපයක්. මෘදුකාංගය ආරම්බයේදිම මුරපදයක් ලබාදෙන්න් ඕනේ. එය මෙ මෘදුකාංගය විවෘත කර ගැනීමටත් සැකසුම් සැදීමටත් බාවිතා කරන නිසා මතක තබාගන්න පහසු මුරපදයක් ලබා දෙන්න. 


"Save" ක්ලික් කර එය සුරක්ශිත කරන්න. දැන් මෘදුකාංගය පරිගණකයේ background එකේ ක්‍රියාත්මක වෙනවා. නමුත් අපිට බලාගන්න හැකියාවක් නෑ. තියෙන්නේ එකම ආකාරයයි. යතුරු පුවරුවෙන් "Ctrl+Shift+Alt+Z" කියන යතුරු එකතුව එකවර ඔබන්න. එවිට මෘදුකාංගය විවෘත කිරීමට මුරපදය ඉල්ලන් සංවාද කොටුව විවෘත වෙයි.  කලින් ලබා දුන් මුරපදය ලබා දෙන්න. 



පහල රූපයේ දකින්න ලැබෙන්නෙ මේ මෘදුකාංගයේ ප්‍රදාන අතුරු මුහුණතයි.



"Status" කියන එක් ක්ලික් කරන්න. මේකෙන් අපිට බලාගන්න පුලුවන් දැනට මෙ මෘදුකාංගය මගින් මොන මොන ආකාරයේ දේවල් ගැනද වාර්තා තියාගන්නේ කියන් එක.Keyboard, Screenshot, Websites, Clipboard, CD-Rom, MSN Chat, Yahoo, Skype, Facebook , Twitter වාගේ දේවල් මෙතනදී දකින්න පුලුවන්.

"Setting" ක්ලික් කරන්න. ඒ මගින් මේ ලබාගන්නා දත්ත යවන්න ඕනේ මොන ඊ මේල් ගිණුමටද කියන සැකසුම් හදාගන්න පුලුවන්. "Enable Email Logs Features" කියන ටික් එක දාන්න. මෙතනදී අපේ ඊමේල් ගිණුමේ සැකසුම් ලබාදෙන්න් ඕනේ. 

"Send To" යවන්න ඕනේ කෙනාගෙ ඊමේල් ලිපිනය. ඒ කියන්නෙ අපේ ඊමේල් එක 
"Send From" මෙය අදුනාගැනීමේ පහසුව වෙනුවෙන්. ඒ කියන්නේ අපි දත්ත ගන්න පරිගණකයේ හෝ පරිශීලකයාගේ නම දාගන්න පුලුවන්. එතකොට අපේ ඊමේල් ගිනුමේදී ඒ නමින් එන ඊ මේල් අපිට වෙනම අදුනාගන්න පුලුවන්. 
"SMTP Sever" අපේ ඊ මේල් ගිනුමේ SMTP සැකසුම් 
"Server Username" අපේ ඊ මේල් ගිනුමේ පරිශීලක නාමය 
"Server Password" අපේ ඊමේල් ගිණුමේ මුරපදය 

මේවා නිසි ආකාරයෙන් ලබාදී "Apply" කරන්න.



"Screenshot" ක්ලික් කරන්න. මේ මගින් ලබාගත් යුතු Screenshot සැකසුම් සදා ගන්න පුලුවන්. "Capture Interval" කියන එකට අදාල කාලය දෙන්න. අඩුම කාලය මිනිත්තු 1ක්. "Capture Scale" සහ "Capture Quality" කියන ඒවා ඔයාලගේ කැමැත්ත අනුව තෝරාගන්න. 



"Log" ක්ලික් කරන්න. මේ මගින් යම් විශේෂිත දවසක ලොග් වාර්තාවන් ලබාගන්න පුලුවන් "View Log" ක්ලික් කරන්න.



මගේ උදාහරණයේ මම අප්‍රේල් 15 දිනය තෝරනවා. "View Log" ක්ලික් කර පසුව මෘදුකාංගය මගින් "Ecodsoft Log Manager" නමින් තවත් මෘදුකාංගයක් විවර කරලා අදාල ලොග් සටහන් ටික පහල රූපයේ ආකාරයෙන් පෙන්නනවා. කීබෝඩ් එකෙන් නම් කීබෝඩ් එකෙන් පේස්බුක් එකෙන් නම් පේස්බුක් එකෙන් ලස්සනට ලොග් ටික ඔන්න තියනවා.



ඉතින් මේ ටිකෙන් ඔයාලට මේ වැඩේ කරගන්න පුලුවන් වෙයි කියලා මං හිතනවා. කරලා බලන්න. (තවත් කීලොගර් එකක් ගැන දැනගන්න මේක කියවන්න.) සුබ දවසක්..!

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

Thursday, October 25, 2012

Simulate Your Network


පරිගණක ජාලයක් නිර්මාණය කිරීම සරල සැහැල්ලු දෙයක් නොවන නව ජාලකරණය වෘත්තියක් ලෙසින් කරන අය දන්නවා. පරිගණක ජාලයේ අවශ්‍යතාවය කුමද්ද යන ගැටලුවේ සිට අවසානයේ ජාල ආරක්ශණ ක්‍රමවේද අනුමගනය  කිරීම දක්වා ඉතාමත් සංකීරණ කරුණු කොටසක් මීට එතුලත්. සමහර දේවල් සිදධාන්ත මගිනුත් තවත් කොටසක් ප්‍රයෝගික ඇත්දැකීම් මගිනුත් එකතු කරගෙන තමයි සාර්තක පරිගණක ජාලයක් නිර්මාණය කරගන්න පුලුවන් වන්නේ.


ඉතින් පරිගණක ජාලයක් නිර්මාණයේදී ජාලයේ අවශ්‍යතාවය කුමද්ද යන්න මූලිකවම සලකා බලනවා. ඒ අනුවයි ඉදිරි වැඩ සැලසුම් කිරීමක් සිදුවන්නේ. ඉතින් ජාලය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක අපිට ජාලය ස්තාපිත කිරීමකින් තොරව කියන්න බෑ. නමුත් ඒ වෙනුවෙන් නිර්මාණයි කල මෘදුඅකංගයන් අද අන්තර්ජාලයේදී හොයාගන්න පුලුවන්. 

ඇයි අපිට පරිගණක ජාල සැලැස්මක් ඕනේ කරන්නේ? පරිගණක ජාලයක සීමාව දැන ගැනීම ප්‍රදාන කාරණයයි. ඉන්පසු පරිගණක ජාලයේ සිදුවන නඩත්තු කටයුතු වලදී ජාල සැලැස්ම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ ආකාරයේ ජාල සැලැස්මවල් නිර්මාණය කර ගැනීමට සහය දෙන මෘදුකාංගයක් තමයි NetEmul කියන්නේ. ඊට අමතරව සිස්කෝ සමාගමේ Packet Tracer ඉතාමත් හොද මෘදුකාංගයක්.

පහල ලින්කුවෙන අපිට මේ මෘදුකාංගය නොමිලේ බාගත කරගන්න පුලුවන්. 


ඉතින් මේ මෘදුකාංගය හරහා සරල පරිගණක ජාලයක සැලැස්ම සදාගන්නා ආකාරය අපි බලමු. පහල රූපයේ දක්නට ලැබෙන්නේ මෘදුකාංගයේ ප්‍රදාන අතුරු මුහුණතයි. පරිගණක, රවුටරයන්, සම්බන්දක සියල්ල මෙහි අයිකනයන් ලෙසින් දක්වනවා. මවුසර ආදාරයෙන් ඒවා පහල කොටු දැල වෙත රැගෙන යන්න පුලුවන්.



මෙතනදී ඇත්තටම පරිගණක පිහිටන්න ඕනේ ආකාරයටම අපිට මෙය නිර්මාණය කරගන්න පුලුවන්.


ඉහත රූපයේ මං නිර්මාණය කාලා සරල මනංකල්පිත පරිගණක ජාලයක්. මෙතනදී මං බාවිතා කලේ ස්ටාර් ආකාරයේ ලෝකල් ඒරියා නෙට්වර්ක් කීපයක්. ඒ කියන්නේ පරිගණක සියල්ල ස්විච් එකකට සම්බන්ද වෙලා තියන අවස්තා කීපයක්. මේ මෘදුකාංගය මගින් නිර්මාණය කරන පරිගණක ජාලයේ දෝශ පවතිනව නම් එය රතු පැහැති බල්බයක් දැල්වෙන ආකාරයෙන් පෙන්නුම් කරනවා. එවිට අපිට දැනගන්න පුලුවන් ජාලයේ දෝෂය පවතින ස්තානය. 

ඉන් පසුව මං රවුටරයක් බාවිතා කරමින් කලින් සැකසූ ලෝකල් ඒරියා නෙට්වර්ක් 3 එකට සම්බන්ද කරනවා පහල රූපය බලන්න. ඉතින් අපිට හැකියාව තියනවා මේ ජාලය නිසි ආකාරයෙන් වැඩ කරනවාද බලන්නත්. “Send data” කියන බටන් එක ක්ලික් කරන්න. ඉන්පසු අපිට දත්ත් පැකට්ටු කීපයක් පරිගණක හරහා හුවමාරු කරන්න පුලුවන්



එතනදී මොන නෙට්වර්ක් කාඩ් එකෙන්ද දත්ත හුවමාරු වෙන්න් ඕනේ කියන එක අහනවා. එතනදී ලැබෙන නෙට්වර්ක් කාඩ් එක තෝරා සෙන්ඩ් කරන්න.



ඉතින් වරදක් තියනවා නම් ගොඩක් ලොකු කාලයක් ගන්නේ නෑ ඒ බව දක්වන්න. වරදක් තියනවා නම් රතු පැහැයෙන් එය දක්වනවා. ඉතින් පලමු පරිගණකයෙන්ම දෝෂ සහගත බව දක්වනවා. පහල රූපය බලන්න. මොකද්ද හේතුව? දත්ත හුවමාරු වෙන්න නම් පරිගණක අදුනාගන්න පොදු තලමිතියක් ඕනේ. සරලව කියනවා නම් ලිපිනයක් ඕනේ. ඔන්න වැරදුන තැන. අපි පරිගනක ජාල ගත කලට IP සැකසුම් සකස්  කලේ නෑ නේද? 

ඉතින් අපි බලමු මේ පරිගණකයක network settings එහෙම නැත්නම් IP සැකසුම් හදන්නෙ කොහොමද කියලා. පරිගනකය උඩ right click කරලා Netcard තෝරන්න. ඊලගට එන් සංවාද කොටුවෙන් නියමිත IP සැකසුම් ලබාදෙන්න. ඉතින් අපිට හැකියාව තියනවා DNS සර්වර් පරිගණකයක් ජාලයට එක් කර IP සැකසුම් ඉබේම ලබා ගන්නා ආකාරයටත් හදන්න. එය ප්‍රායෝගිකව අපිට වැදගත් වෙනවා DNS පරිසරයකදී කොහොමද ජාලය ක්‍රියාත්මක වන්නේ කියලා තේරුම් ගන්න. 



ඉතින් මට් ඕනේ කරනවා මෙ ජාලයට gateway එකක් එකතු කරගන්න. පරිගණකයක් right click කර Properties ගන්න. මතුවෙන සංවාද කොටුවෙන් default gateway එක ලබාදෙන්න. එතනදී මං පරිගණක 6ක් එක subnet එකකට යොදනවා. එතනදී පහල රූපයේ ආකාරයට ඒවා කොල පාටට හැරෙනවා.



ඒ වගේම පරිගනක් ජාලයේ පවතින අනිකුත් උපකරණත් කලමණාකරනය කරමින් ඒවාගේ සැකසුම් අනුව ජාලයේ වෙන වෙනස්කම් අධ්‍යයනය කරන්න පුලුවන්. මං බාවිතා කල රවුටරයේ Properties ලබාගන්නවා. එතනදී බාවිත කල යුතු පෝට් ගනන අපිට සටහන් කර ජාලයේ තදබදය පවා සැලසුම් කරගන්න පුලුවන්. 




ඕනේම උපකරනයක් මත Right click කර “Show log” විදානය ක්‍රියාත්මක කල විට මෙතෙක් එම උපකරනයේ ක්‍රියාකාරීත්වය බලාගන්න පුලුවන් 



ඉතින් සංකීරණ ජාලයක් මෙ ආකාරයෙන් සරලව විශ්ලේෂණය කිරීම මගින් එහි පවතින අඩුපාඩු සියල්ල නිසි අකාරයෙන් සකසා ගැනීමේ හැකියාව පවතිනවා. මේ මෘදුකාංගය පමණක් නොව වෙනත් මේ ආකාරයේ මෘදුකාංග සියල්ලන්ගෙන්ම ලබාගැනීමට හැකි වන්නේ මේ ආකාරයේ සේවාවක්.

For Originle Post : http://helpitlanka.blogspot.com/

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

Which Windows 8 Version Is For You? - ඔබට අවශ්‍ය වින්ඩෝස් 8 කුමන සන්ස්කරනයද?



තව දින 2කින් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය එලිදක්වන බව මයික්‍රොසොෆ්ට් සමාගම අනාවැකි කිවුවා. ඊට කලින් මේ ආකාරයි කියලා දැනගන්න වින්ඩෝස් 8 සංස්කරණයක් එලිදැක්වුවා. ඉතින් මේ වෙනකොට වින්ඩෝස් 8 ගැන නොදන්න කෙනෙක් නැති තරම්. මයිකොසොෆ්ට් සමාගමට අනුව ඔවුන් විසින් වින්ඩෝස් 8 සංස්කරණයන් කීපයක්ම එලිදැක්වීමට සුදානමින් සිටිනවා. ඒවායේ පහසුකම් එකිනෙක වෙනස්. Starter, Home Basic, Home Premium, සහ  Ultimate සංස්කරනයන් මේ අතර තියනවා. 



Windows RT 

Windows RT කියන්නේ ඉතාමත් පැටලිලි සහගත සංස්කරණයක් ලෙසයි විචාරකයින් දක්වන්නේ. මේ සංස්කරණය විශේෂයෙන් නිර්මණය කරලා තියෙන්නේ tablets පරිගණක වෙනුවෙන්. මේ සංස්කරණයේදී දැනට බාවිතා කරන මෘදුකාංග නම් බාවිත කරන්න වෙන්නෙ නෑ. යම් හෙයකින් Windows RT මිලට ගතහොත් Metro ආකාටයේ යෙදවුම් බාවිතා කරන්න සිදු වෙනවා. desktop ආකාරයේ පරිගණකයකදී නම් මයික්‍රොසොෆ්ට් සමාගමේ නිශ්පාදනයන් වන  Microsoft Office වැනි දේට පමණක් සහය දක්වනවා.ඒ කියන්නේ තෙවන පාර්ශවීය මෘදුකාංග වලට සහය දැක්වීමත් මේ මගින් කෙරෙන්නෙ නෑ 

Windows RT කියන්නේ Windows කියන එකයි. මුලින් WinRT ලෙසින් නම් කරලා පසුව Windows RT ලෙසම නම් කලා. ඉතින් Microsoft Surface tablet වල මුලින්ම දාවනය උනේ Windows RT නමුත් මෙහිදි ඔබගේ ප්‍රියතම වින්ඩෝස් යෙදවුම බාවිතා කිරීමේ නොහැකියාව නිසා Surface tablet  වල ජනප්‍රියත්වය අඩු උනා. ඉතින් දැන් නිශ්පාදනය වන සියලුම Surface tablet වලට බාවිතා කරන්නේ Windows 8 Pro මිස Windows RT නොවේ. 



මුල් Windows RT මේ ආකාරයෙන් කරදරකාරී උනත් පසුව නිර්මාණය උන වින්ඩෝස් 8 සංස්කරණයන් ඉතාමත් සරල බවින් යුතු උනා.  

Windows 8 – වින්ඩෝස් 8 වල ප්‍රදාන සංස්කරණය නම් කර් ඇත්තේත් Windows 8 ලෙසින්මයි. මේ මෙහෙයුම් පද්දතිය අරමුණු කරගෙන ඉන්නේ සාමානය බාවිතා කරන්නන් එහෙම නැත්නම් home users වෙනුවෙන්. එය වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියේ “Home Premium” සංස්කරණයට අතිශයින් සමානයි. වින්ඩෝස් 8 සංස්කරණයේදී සාමානයය පුද්ගල පරිගණකයකදී ඔබ බලාපොරොත්තු වන සියලුම ගුණාන්ග ලබාගැනීමේ හැකියාව පවතිනවා. සාම්ප්‍රදායික වින්ඩෝස් යෙදවුම් සියල්ලටම මේ සංස්කරණය සහය දක්වනවා. නමුත් මෙ සියල්ල සිදු කරන්නේ වින්ඩෝස් 8 වල වැඩිදියුණු කල යෙදුමක් වන Metro මත සිටයි. ඉතින් Surface tablet වල් තිබුන් මේ Metro පහසුකමත් එක්කම වින්ඩෝස් 8 සංස්කරණය ජකප්‍රිය වෙයි කියලා මයික්‍රොසොෆ්ට් සමාගම සිතාගෙන් ඉන්නවා. 

Windows 8 Pro – මේතාක් ඉදිරිපත් කල සියලුම වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලදී මෙන් වින්ඩෝස් 8 වලදීඑත් එහි Pro සංස්කරණයක් ඉදිරිපත් වෙනවා. මෙයි ප්‍රදාන වශයෙන් අරමුණු කරගෙන සිටින්නේ කර්මාන්ත ආශ්‍රිත පරිගණක වලටයි.මෙහිදී group policy support, remote desktop server capabilities, Windows domain support, encrypting file system, virtual hard disk booting, වැනි පහසුකම් වගේම වින්ඩෝස් 7 වලදී හදුන්වාදුන් BitLocker පහසුකමත් අත්විදින්න පුලුවන්. 

Windows 8 Enterprise – මෙයත් සාම්ප්‍රදායික වින්ඩෝස් enterprise සංස්කරණයමයි. එය volume licenses ආකාරයෙන් මහාපරිමාණයෙන් ලබාගන්න පුලුවන්. මේ තුලත් Windows 8 Pro සංස්කරණයේ පහසුකම් ඇතුලත් වෙනවා. 



Windows 8 N - වින්ඩෝස් n ආකාරයේ සංස්කරණයක් ඉදිරිපත් වන බවත් මයික්‍රොසොෆ්ට් අනාවැකි පල කරනවා. විශේෂයෙන් යුරෝපා රටවල් අරමුනු කරගෙන මේ සංස්කරණය එලි දක්වන් බව සදහන් උනත් මෙහි වැඩි විස්තරයක් තවම එලි දක්වලා නෑ. 

ඕනේම ආකාරයේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ද්තියක් මිලට ගත්තද ඒ සමග “Windows Anytime Upgrade” පහසුමක ලැබෙනවා. ඒ මගින් පහත් සංස්කරණයන් සියල්ල ඉතාමත් සරලව ඉහල සංස්කරණයකට මාරු කරගන්න පුලුවන්.



වින්ඩෝස් 8 නිර්මාණය ඇරබුනේ 2009 වසරේදී. එදා සිට අද දක්වා ඔවුන් යම් යම් සංස්කරණයන් නොමිලේ ලබාදෙමින් මේහි අඩුපාඩු නිවැරදි කල. මුලින්ම  Developer Preview (සැප්තැම්බර් 13, 2011), Consumer Preview (පෙබරවාරි  29, 2012), සහ Release Preview (මැයි 31, 2012) ලෙසින් පරීක්ශා කිරීමේ පිටපත් නිකුත් කලා. 

මේ ආකාරයෙන් වසර ගනනාවක වින්ඩෝස් 8 පරීක්ශණ වල ප්‍රතිඵල මොනවාද? 

Faster Startup


පරිගණකයක් බාවිතයේදී අපි බලාපොරොත්තු වන මූලික දෙයක් තමයි ඉක්මනින් පරිගණකය ඔන් වීම එහෙම් නැත්නම් බූට් වීම. වින්ඩෝස් 8 බූට් ටයිම් එක ඉතාමත් අඩු කරලා තියනව. පැරණි සංස්කරණ වලදී මෙහෙයිම් පද්දතිය සහ අනෙකිත් තෙවන පාරිශවීය මෘදුකාංග වල මූලික කොටස් පවා මතකයට ගෙනයි පරිගණකය බූට් උනේ. නමුත් වින්ඩෝස් 8 වලදී මෙහෙයුම් පද්දතිය පමණක බූට් කරන අතර තෙවන පාරිශවීය මෘදුකාංග පරිශීලකයාගේ අවශයතාවය පරිදි ලෝඩ් කර දෙනවා. .


Task Manager




පැරණි මෙහෙයුම් පද්දති වල task manager පහසුකම් හා සැසදීමේදී වින්ඩෝස් 8 වල  task manager පහසුමක ඉතාමත් ප්‍රබල ආකාරයෙන් නිර්මාණයි කර තිබෙනවා.වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් අඩංගු කර තිබෙන අතර ප්‍රතිචාර නොදක්වන එහෙම නැත්නම් unresponsive ආකාරයේ වැඩසටහන් ඉතාමත් ඉක්මනින් ඉවත් කිරීමේ හැකියාව් මෙයට පවතින බවයි දක්වන්නේ.

Windows Explorer




Windows Explorer වෙනුවෙනුත් අලුත්ම රිබන් ආකාරයේ අතුරුමුහුනතක් හදුන්වා දී තිබෙනවා. ribbon ආකාරයට අකමැති නම් සාම්ප්‍රදායිම Windows Explorer  වලට යාමේ හැකියාවත් මීට එකතු කරලා තියනවා. 

Improved Security

පරිගණක ආරක්ශාව ගැන මේ කාලයේ බොහෝ දෙනා වැඩි අවදානය යොමු කරනාවා. වින්ඩෝස් XP වලත් පසුකාලීනව මහාපරිමාණයේ අනාරක්ශිත තැන් සොයාගනු ලැබුවා. ඉතින් වින්ඩෝස් 8 වලදීත් ආරක්ශාව ගැන වැඩි අවදානය යොමු කරලා තියන බවක් පෙනෙනවා. මයික්‍රොසොෆ්ට් විසින් අදුන්වා දුන් ප්‍රතිවයිරස් මෘදුකාංගය වන  Microsoft Security Essential  වැඩි දියිණු කිරීමක් සිදු වෙලා තියනවා. නමුත් මේ මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය  ගැන නම් හරියටම බලන්න වෙන්නෙ වින්ඩෝස් 8 ස්තාපිත කරගෙනම තමයි 

Refresh & Reset




පරිගණකයකට අලුත් මෙහෙයුම් පද්දතියක් ස්තාපිත කරනවාට වඩා ලේසියෙන් තියන මෙහෙයුම් පද්දතිය යාවත්කාල කරන්න පුලුවන්. ඉතින් මේ වෙනුවෙන් වින්ඩෝස් 8 හොදින් සහය දක්ව

ඉතින් වින්ඩෝස් 8 සමගම මයික්‍රොසොෆ්ට් සම්ගමේම නිර්මාණයක් වන Surface ලැප්ටොප් ආකාරයේ පරිගණකයත් එලි දක්වන්න සූදානම් බවයි කියන්නේ. මේ පරිගණකය සමග වින්ඩෝස් 8 සංස්කරණයන් 2ක් ලබා ගන්න පුලුවන් කම තියනවා. Surface for Windows 8 සහ  Surface for Windows RT කියන සංසකරණයන් දෙකයි ඒ.මෙහි,  10.6″ තිරය පවතිනවා. ඒ වගේම MicroSD, USB2, සහ  Micro HD video කියන පෝට් වර්ගත් MicroSDXC, USB3.0, mini DisplayPort පෝර්ට් වර්ගත් දකින්න පුලුවන්. 




For Original Article :  Visit http://helpitlanka.blogspot.com




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

Wednesday, October 24, 2012

Best Hackers and Best Movies

හැකින් පිලිබද ඉතිහාසයත් හැකින් තරම්ම රසවත්. ලෝකයේ හැකර්ස්ලා ආකාර 2ක් ඉන්නවා කියලා ඔයාලා දන්නවා. White Hat Hacker සහ Black Hat hacker කියන කොටස් දෙකයි ඒ. දැනට ලෝකයේ හදුනාගෙන ඇති හොදම (හොදම කියන එක හරිද මන්දා. භයානකම කිවුවොත් වඩා නිවැරදියි.) හැකර්ස්ලා කවුද? 












Jonathan James
මොහු අන්තර්ජාලය තුල හදුන්වන්නේ “c0mrade” ලෙසින්. මොහු තමයි ඇමරිකානු ආරක්ශණ පද්දතිය වෙත සහ NASA පරිගණක ජාලය වෙත රිංගපු පලමු  කෙනා. එසේම 100% සර්තක උන එකම කෙනා. ඒ වගේම බොට්නෙට් ජාලයක් නිර්මාණය කරගෙන් ලෝකයේ පරිගණක වලින් අඩකටත් වඩා පාලනය කල කෙනක්. ඒ වගේම NASA පරිගණක ජාලයෙන් තොරතුරු සොරාගෙන International Space Station එහෙම නැත්නම් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුමේ පාලන කටයුතු වලට බලපෑම කලා. මොහු විසින් සොරාගත් දත්ත වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.7 ලෙසින් ගනනය කරලා තියනවා. අවාසනාවකට 2008 වසරේදී මොහු සියදිවි නසාගත්තා. 

Kevin Mitnick
Kevin Mitnick කියන්නේ “most wanted ” ලෙසින් නම් කල අයෙක්. ඇමරිකානු ආරක්ශණ පද්දතිය ආක්‍රමණය කරන්න කීපවතාවක්ම උත්සාහා කලා. නමුත් 100% සාර්තක උනේ නෑ. ඔහු විසින් ලෝකයේ ප්‍රමුඛ ඉලෙක්ට්‍රොනික නිශ්පාදන සමාගම් සියල්ලකම වගේ පරිගණක ජාල ආක්‍රමණය කලා.නමුත් අවසානයේ සෝනි සමාගමේ පද්දතියට ඇතුලු වී සිටි අවස්තාවකදී අත්අඩංගුවට ගෙන වසර 5 සිරගෙට නියම උනා.  වසර 5 අවසානයේ එලියට පැමිනි මොහු පරිගණක ආරක්ශාව පිලිබද දේශකයෙක් බවට පත් උනා. හොදම දේ ඔහු විසින්ම හැක් කරපු ඉලෙක්ට්‍රොනික සමාගම් වල ප්‍රදාන ජාල ආරක්ශණ උපදේශක ලෙසින් ඔවුන් මොහුව බදවා ගත්තා. 

Albert Gonzalez
ලෝකයේ මෙතෙක් සිදු උන ලොකුම ක්‍රෙඩිට් කාඩ් ගිනුම් අංක හැක් කිරීම සිදු කලේ මොහු විසින්. මිලියන 170 වඩා වැඩි ගිණුම් ප්‍රමාණයක් මොහු විසින් Man in the middle attack බාවිතයෙන් සොරාගෙන තිබුනා.මොහු විසින් තනාගත් බොට්නෙට් ජාලය උනේ ShadowCrew. එය 2007 වසරේදී වසා දමන විට ලෝකයේ පරිගණක වලින් මිලියන 1.5 පමණ එයට ඇදී තිබුනා. අවසානයේ TJX ආයතනයේ පරිගණක ජාලය තුල සිටින විටදී අත්අඩංගුවට ගෙන 2010 දී වසර 20 කට සිරගත කලා. 

Kevin Poulsen
මොහුව අන්තර්ජාලයේදී හදුන්වන්නේ “Dark Dante” ලෙසින්.  මොහු හැක් කලේ පාරිගණක හරහා ක්‍රියාත්මකවන ටෙලිපෝන් පද්දති. එසේ ග්‍රහණයට ගන්නා පද්දති වල පරිශීලකයින්ට ඇමතීමත් මොහු පුරුද්දක් කරගෙන උන්නා. මොහු විසින් FBI ටෙලිපෝන් පද්දතිය ආක්‍රමණය කල. විනාඩි 51 ක කාලයක් ඔහු විසින් ග්‍රහණය කරගත් මේ පද්දතිය නිදහස් කරද්දී සියලුම පරිශීලක නාම වෙනස් කර් තිබුනා. අවසානයේ සිරගත උන මොහු දැනට Wired News ජාලයේ  ජේෂ්ඨ සංස්කාරකයෙක්. 

Gary McKinnon
“Solo” ලෙසින් අන්තර්ජාලයේදී මොහුව හදුන්වනවා. ඔහු විසින් NASA ආයතනයේ ඉතාමත් ආරක්ශිත පරිගණක 97 ක දත්ත මාස 13 තුලදී සොරාගෙන තිබුනා. එසේම Area 51 ජාලය අක්‍රමණය කරමින් පිටසක්වල ජීවීන් ගැන ලියවෙන බ්ලොග් අඩවියකට එහි ජායාරූප මුල් වතාවට ලබා දුන්නා. ඇමරිකානු බලදාරීන්ට අනුව ඔහු විසින් Area 51  වල පරිගණක තුල තිබූ වාර්තාවන් 300 පමන මකා දමා තිබෙනවා. නමුත් මෙය ඔහු විසින් නොපිලිගන්නා ලදී. 

මේ සියල්ලන්ම පිරිමි අය. ඔයාලා දන්නවාද ගැහැණු හැකර්ලාත් ඉන්නවා කියලා? ලෝකයේ දැනට හදුනාගෙන සිටින සරාගීම හැකර් තමයි Kristina Svechinskaya කියන්නේ. 



ඇය රුසියානු ජාතික කාන්තවක්. 1989 පෙබරවාරි 16 උපන් ඇය (මුලාශ්‍රය http://www.csarchive.net) මූල්‍ය ආයතන මුල් කරගෙන සිය හැකින් ප්‍රහාරයන් දියත් කලා. ඇය අන්තර්ජාලයේ හදුන්වන්නේ Anna Chapman ලෙසයි. ඇමරිකානු ඩොලර් මිලියන 3  ඇමරිකානු ගිනුම් වලින් හා ඩොලර් මිලියන 9.5 පමණ  සුවිස් බැංකු ගිනුම් වලින් මේ වෙනකොට සොරාගෙන තියනවා. ඇයගේ බොට්නෙට් ජාලය හදුන්වන්නේ Zeus Trojan ලෙසයි. 

ඉතින් මේ ඉන්නෙ ලොකේ මොලෙන් වැඩ ගන්න ලොකුම හොරු. එහෙම් කියන එක වැරදි. මෙයාලා බුද්ධි ගබඩා. ඔයාල නිකන් හිතන්න මෙයාලා අධි ආරක්ශිත පරිගණක ජාල වලට රිංගද්දි අපි කොච්චර මහන්සි වෙන්න ඕනේද කියලා කාගෙ හරි පේස්බුක් මුරපදයක් හරි පරිගණකයට ලොග් වෙන මුරපදයක් හරි හොයාගන්න? ඉතින් මෙයාලගේ දැනුම හොද දේකට යොමු කල නම් වඩාත් ඵලදායී වෙන්න තිබුනා 

හැකින් බාවිත කරලා එහෙම නැත්නම් මොලෙන් වැඩ ගන්න ආකාරයේ දැනට තියන හොදම චිත්‍රපට කීපයක් ගැනත් ඔයාලට කියන්න හිතුනා. කැමති නම් බාගත් කරගන්න ටොරන්ට් ගොනු වල ලින්කුවත් තියනවා. 

1. Tron (1982)

Tron , a poetical “cyberadventure” where the cyber world is a methaphorical representation of the “real” one.A classic! A hacker is transported into the digital universe inside a computer, and must survive combat as a cyber gladiator in order to stop the villanous Master Control. The imagination behind this movie made big ripples in the science fiction world, and today, Tron is a cult classic that every computer user should see at least once.

Download - http://kat.ph/search/tron%201982/

2. Wargames (1983)


This movie is very old, but it is still a pivotal film in many viewers’ minds. A young man finds a back door into a military central computer in which reality is confused with game-playing, possibly starting World War III. A preposterous plot, but a compelling commentary on nuclear war and the destruction of the human race. You have to see this movie just to say you have seen it.

Download -http://kat.ph/usearch/Wargames%20%281983%29/

3. Die Hard 4: Live Free or Die Hard (2007)


Leave it to Bruce Willis to save the world from uber hackers. Macintosh advertising personality, Justin Long, plays the reluctant programmer caught up in an digital terrorism scheme. Like Swordfish, this movie has over-the-top violence and outrageous action sequences, but if you liked the Die Hard series, definitely see this .

Download - http://kat.ph/die-hard-4-0-live-free-or-die-hard-2007-pal-dvd-en-subs-nord-t6114031.html

4. The Italian Job (2003)


Modern heist movies always involve some sort of hacking. This particular heist movie is extremely entertaining, especially when the supposed true inventor of “Napster” is the main hacker. At least 20 minutes of hacking footage in this actioner. An explosive guy, a safe-cracker, a computer genius, a wheel-man and a man with a spectacular plan of stealing 35 million without using a gun.

Download - http://kat.ph/usearch/The%20Italian%20Job%20%282003%29/

5. Swordfish (2001)


Over-the-top violence, preposterous situations, sexy women, and outstanding special effects make this a great popcorn rental. No, don’t bring your brain to watch this, but if you like techno-thrillers, definitely rent this. A secretive renegade counter-terrorist co-opts the world’s greatest hacker (who is trying to stay clean) to steal billions in US Government dirty money.

Download - http://kat.ph/usearch/Swordfish%20%282001%29/

6. Untraceable (2008)


Recently my friend Desigan gave this movie to me.Its an entertaining thriller about a crazed young computer geek who becomes the deranged moderator of his own “Kill With Me” live internet feed where he displays new victims being slowly tortured to death. The more hits he gets at his site, the faster the people featured on his webcam die.
FBI agent Jennifer Marsh is tasked with hunting down a seemingly untraceable serial killer who posts livevideos of his victims on the Internet. As time runs out, the cat and mouse chase becomes more personal.

Download - http://kat.ph/usearch/Untraceable%20%282008%29/

7. Sneakers (1992)


Complex but lighthearted thriller about computers and cryptography, government and espionage, secrets and deception and betrayal. The story revolves around two college buddies who take different paths in life. One becomes an ethical hacker, and the other…well, he is not quite so noble. Some great plot twists and comic scenes make this a good way to spend a Saturday afternoon at home.

Download - http://kat.ph/usearch/Sneakers%20%281992%29/

8. The Score (2001)


Edward Norton and Robert De Niro are fabulous in this heist flick. In a clever plot to rob a Montreal customs house of some royal artifacts, Norton and De Niro must break into the security systems with the help of a socially-awkward hacker who lives in his mother’s basement. Ten minutes of hacking, and 100 minutes of phenomenal robbery storytelling!

Download -http://kat.ph/usearch/The%20Score%20%282001%29/

9. Foolproof (2003)


A lower-budget movie about hobby bank robbers, this was a delightful surprise to many viewers. Ryan Reynolds and his friends “virtually” rob banks for fun, but are blackmailed into doing a heist for real. This is a good action rental.

Download - http://kat.ph/usearch/Foolproof%20%282003%29/

10. Revolution OS (2001)


This documentary tells the story about the Linux operating system, and how it forwarded the philosophy of “open source” and free intellectual property. Not an action movie, but definitely interesting for people who want to learn more about why computer culture is the way it is. There’s a scene where Bill Gate’s is responding to the issue of free software.I think the OpenSource movement is revolutionary, but I’m not sure this film brings this across.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

පුලුවන්ද?????? (විද්‍යා විජ්ජා) - 1




ඔන්න ඉතින් අද මම ආවේ පොඩි බඩ්ඩක් කියලා යන්න.. මේක කරන්න පුලුවන් එකාට අපි ටොකු විස්සක් ප්‍රදානය කරනවා(ගනන් ගන්න එපා හොදේ, මම ටිකක් පන්ඩිතයි)  මුලින්ම ඉටිපන්දමක් පත්තු කරලා.... ඒක මේසයක් උඩ හිටවගන්න. දැන් පුනීලයක් අරගෙන ඒකේ කෙමිය(මිට) ඔයාගේ කටට දාගෙන පුලුවන් තරම් වෙර දාල පිබින්න... ඒත් ඉටිපන්දම් දැල්ල නිවෙනවා වෙනුවට ඔයාගෙ කට පැත්තටම එනවා නෙද???????????

ඔන්න ඉතින් මේකේ විද්‍යාත්මක පැත්ත....

ඔන්න පුනීලෙට පිබිද්දි පුනීලය තුල ඇති හුලන්(වාතය) පීඩනය වෙනවා... එතකොට පිට තියෙන වාතය පුනීල කටට ඇවිල්ලා පස්සේ පුනීල කටේ ඇතුලු පත්තේ ගැවෙමින් පිටවෙලා යනවා... ඒක හින්දා කොච්චර හෛයෙන් පිම්බත් වැඩක් නැහැ......
 (මට පොස්ට් එකක් දාන්න කම්මලිය්.. මම මේ වගේ ගොඩක් දේවල් ඔගොල්ලොන්ට පස්සෙ කියන්නම්) ටටා..................