Thursday, December 20, 2012

Pick the Right Motherboard(නිවැරදි මව් පුවරුව ‍තෝරා ගන්න..)

මවුපුවරුව එහෙම නැත්නම් මදර්බෝඩ් එක කියන්නේ පරිගණකයක මූලිකම කොටසක් වගේම අත්‍යවශයය කොටසක්. දහස් ගනනක් උන උප කොටස් වලින් සමන්විතව ක්‍රියාකාරී වන පරිපථයක් ලෙසයි මවුපුවරුව හදුන්වන්න පුලුවන්. ඉතින් මේ මවුපුවරුව එකිනෙකාගේ අවශ්‍යතාවය අනුව හා අතේ තියන මුදල් ප්‍රමාණය අනුව මිලදීගන්න පුලුවන්. මවුපුවරුවේ කාර්යය වන්නේ ඊට බාහිරින් සම්බන්ද කරන කොටස් එකට එකතු කරගෙන සියල්ල අතර මනා සන්නිවේදනයක් ඇති කිරීම මගින් පරිගණකය ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීමයි.



මේ ලිපිය මගින් මං බලාපොරොත්තු වන්නේ අවශ්‍යතාවය අනුව කොහොමද මවුපුවරුවක් මිලට ගන්නේ කියන එක ගැන දල අදහසක් ලබාදෙන්න. මේතාක් ලෝකයේ නිර්මාණය උන මවුපුවරු අතර විවිද ප්‍රමාණයේ මවු පුවරු දකින්න ලැබෙනවා. ඉතින් විශාලත්වය අනුව මේ මවු පුවරු පහල ආකාරයෙන් දක්වන්න පුලුවන්. 


වඩාත්ම බහුල වන්නේ ඉන්ටෙල් සමාගමේ Advanced Technology Extended (ATX) කියන ආකාරයේ මවු පුවරුයි. ඒවා පහල රූපයේ ආකාරයෙන් උප කොටස් වලට බෙදෙනවා.





මෙසේ වර්ගීකරණය උන මවු පුවරු වල එක් එක් කොටස් ස්තානගත වන පිලිවෙල අනුව නැවත කොටස් වලට බෙදාගන්න පුලුවන්.

General Advanced Technology Extended (ATX)





IBalanced Technology Extended (BTX)




ඉතින් මවු පුවරු වල දල සැකැස්ම ගැන අවබෝද වෙන්න ඇති නේද? ඉතින් අලුතින් මවු පුවරුවක් මිලට ගන්නවා නම් අපි සැලකිලිමත් වන්න ඕනේ කරුණු කීපයට මේ මවු පුවරුවේ සැකැස්මත් වැදගත් වෙනවා. මොකද අපි බාවිතා කරන්න බලාපොරොත්තු වන පරිගණක කේසිනයට මවු පුවරුවේ හැඩට බලපාන නිසා. ඊලගට බලමු ඉතිරි කොටස් කොහොමද ගලපාගන්නේ කියලා. 



Processor Sockets සකසනය සම්බන්ද වන ස්තානය 




සකසනය කියන්නේ පරිගණකයේ මොලය බදු මූලික කොටසයි. ඉතින් මේ වෙනකොට එක් එක් ආකාරයේ වේගයෙන්ගෙන් සමන්විත සකසනයන් වෙලදපොලේ මිලදී ගන්න පුලුවන් වෙනවා. ඒව එක් එක් මිලගණන් යටතේ එක් එක් නිශ්පාදකයාගේ නම් වලින් මිලදී ගන්න පුලුවන්. ප්‍රදාන වශයෙන් සකසන නිර්මාණයි කරන සමාගම් ලෙසින් Intel සහ AMD දක්වන්න පුලුවන්.  ඉතින් සකසනයක් මිලදි ගැනීමේදී,


  • සකසනයේ වෙලද නාමය 
  • සකසනයේ මිල 
  • සාක්සනයේ වේගය 
  • සකසනයේ L2 කෑෂ් මතක ප්‍රමාණය 
  • සකසනය වෙනුවෙන් ලැබෙන වගකීම 

කියන කරුණු ගැන අවදානය යොමු කරන්න ඕනේ. ඉතින් මවුපුවරුවක් මිලදී ගැනීමේදී එක් එක් සකසනයන්ට ගැලපෙන ආකාරයේ මවු පුවරුවක් මිලට ගන්න් ඕනේ. ප්‍රදාන වශයෙන් සකසන ආකාර දෙකක් පවතිනවා. තුඩු සහිතව හා තුඩු රහිතව ලෙසින්. ඉතින් තුඩු රහිත එහෙම නැත්නම් Pin Less ආකාරයේ සකසනයක් මිලදී ගන්නවා නම් අනිවාර්යයෙන්ම මවු පුවරුවත් pin less ආකාරයෙට සහය දක්වන මවු පුවරුවක් වෙන්න ඕනේ.

Intel සමාගමේ මවු පුවරු වල සකසනයන් සවිවන sockets වලට එක් එක් අනුවර්ත නාමයන් ලබාදීමක් සිදු කරනවා. උදාහරණයක් ලෙසින් Socket H හදුන්වන්න පුලුවන්. ඒ වගේම තාක්ශණික නාමයකුත් ලබාදෙනවා. LGA 1156 වගේ. තාක්ශණික නාමය මගින් අදාල socket එක ගැන අවබෝධයක ලබා ගන්න පුලුවන්. උදාහරණ ලෙසින්  LGA 1156 කියන්නේ Land Grid Array කියන වචනය හා 1156 කියන්නේ ඊට දාල තුඩු ගනනයි. එහෙම නැත්නම් pin ගනනයි. ඉතින් සකසනයන් ආකාර බොහොමයක් පවතිනවා. මෙ කාලයේ ජනප්‍රිය වන්නේ Core i3, Core i5, Core i7 වගේ සකසන කාණ්ඩයන්.

AMD සමාගමේ නිර්මාණයන් වලදී ඔවුන් ඒවා හදුන්වන්නේ AM2, AM2+, AM3 යනාදි වශයෙන් ඉතින් මේ විදියට බලපුවාම මගේ අදහස නම් මුලින් සකසනය මිලට ගෙන ඉන් පසුව ඊට ගැලපෙන් මවු පුවරුවක් ගන්න එක හොදයි කියන් එකයි.


Chipsets 




chipset එක මගින් පරිගණකයට සම්බන්ද කරන CPU, RAM, video card, සහ අනෙකුත් කොටස් සමග සබදතා පවත්වා ගනිමින් සංන්නිවේදනය කරනවා. සාමානයෙන් මවුපුවරුවේ ඇති northbridge චිපය හා southbridge චිපයේ එකතුවකුයි chipset එක ලෙසින් පොදුවේ හදුන්වන්නේ.

northbridge චිපය මගින් ඉතාමත් වේගවත්ව සකසනය විඩියෝ මතකය හා තාවකාලික මතකය අතර සංනිවේදන කටයුතු සිදු කරනවා. නමුත් වර්තමානයේ අලුතින් එන සකසනයන් වල මේ northbridge චිපයෙන් කල කර්යයන් සකසනය මගින් වඩා කාර්යක්ශමව කරනවා.

southbridge මගින් පරිගණකයේ පිටතින් සම්බන්ද කරන එක් එක් කොටස්  උදාහරණ ලෙසින් PCI-E, SATA, USB 3 වැනි දේවල් වල එකිනෙකට වෙනස් තාක්ශණයන් එකට එකතු කරමින් වේගවත්ව සකසනය වෙත දත්ත ලබාදී සිදු කරනවා.





ඉතින් ප්‍රදාන වන්නේ මේ දේවල්. ඊලගට් අපි බලන්න ඕනේ අමතර වශයෙන් ලැබෙන පහසුකම් මොනවද කියලා. එතනදීත් මූලිකවම


  • I/O ports
  • expansion slots

කොපමන ප්‍රමාණයක් පවතිනවද කියන එක බලන්න ඕනේ. වැඩි slots ප්‍රමාණයක් තියනවා කියන්නේ මවුපුවරුව විශාලයි කියන එක. කුඩා මවු පුවරුවක slots අඩු ප්‍රමාණයක දකින්න පුලුවන්.

ඊලගට බලන්න ඕනේ onboard features  මොනවද කියලා. ඒ කියන්නේ විඩියෝ සහ සවුන්ඩ් වෙනුවෙන් දක්වන දායකත්වය. ඒ දායකත්වය මදිනම් පිටින් සම්බන්ද කල හැකි කාඩ් ගසා විඩියෝ සහ සවුන්ඩ්  ප්‍රමාණයන් වැඩිකරගන්න එක වෙනම දෙයක්. නමුත් මවුපුවරුව මගින් ලබාදෙන onboard ආකාරයේ පහසුකමේ ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න අපි පිටතින් සවි කරන්න ඕනේ කාඩ් වෙනුවෙන් වැය කරන්න ඕනේ මුදල් ඉතුරු වෙන නිසා ඒ ගැන අවදානය යොමු කරන්න ඕනේ.


ඒ වගේම මවු පුවරුව සමග ලබාදෙන පොත එහෙම නැත්නම් මැනුවල් එක කියවලා අවබෝදයක් ලබාගන්න පුලුවන්. මවු පුවරුව සමග අනිවාර්යයෙන්ම ඊට දාල ඩ්‍රයිවර්ස් සහිත සිඩී එක ලබාගන්න මතකතියාගන්න. මොකද ඩ්‍රයුවර්ස් නොමැතිව නිසි ආකාරයෙන් පරිගණකය ක්‍රියාත්මක නොවන්න පුලුවන්. ඒ වගේම ඩ්‍රයිවර්ස් සොයාගැනීමෙත් ගැටලු පවතිනවා. අන්තර්ජාලයෙන් බාගත කරගන්න ඩ්‍රයිවර්ස් ගොනු තුල වයිරස් තියෙන්න පුලුවන්. එහෙම් උනොත් අලුතින් හදාගන්න පරිගණකය වයිරස් සමගමයි ලැබෙන්නේ.

ඉතින් මවුපුවරු නිශ්පාදකයින් බොහොමයක් මේ කාලයේ දකින්න ලැබෙනවා. නමුත් හොද මවුපුවරුවක් එහෙම් නැත්නම් හොද වෙලද නාමයක් හොයාගන්න එක අපහසුයි. දැනට වර්ගීකරණයි කර ඇති පරිදි හොදම මවුපුවරු වෙලද නාමය වන්නේ Asus


  1. Asus
  2. Tyan 
  3. Supermicro 
  4. Gigabyte
  5. EVGA
  6. DFI 
  7. Biostar 
  8. Foxconn 
  9. Intel 
  10. MSI 
  11. PNY 
  12. ASRock
  13. ECS
  14. PCChips
  15. Zotac
  16. XFX
(උපුටා ගැනීම http://www.pcmech.com/forum/computer-hardware/207564-motherboard-brand-rating.html) 

මේ බෙදීම ගැන ගැටලු පවතින්න පුලුවන්. Asus බෝඩ් එකක් අරන් සතියකින් දෙකකින් පිච්චුන අයත් මේ පෝස්ට් එක කියවනවා ඇති. ඒත් මේ ලෝකයේ පවතින රෑන්ක් එක. බොහෝ දෙනෙක් Intel හොදයි කිවුවත් මේ තේරීමේදී 9 වැනි ස්තානයයි හම්බෙලා තියෙන්නේ.

ඉතින් හොද දෘඩාංග කාර්මික නිලධාරියෙකුට මවු පුවරුවක් හොදද නරකද කියලා කියන එක අත්දැකීමෙන් අදුනාගන්න පුලුවන්. දැනුමක් තියන කෙනෙක්ගෙන් අහලම මවුපුවරුවක් ගන්න යන්න. සුබ දවසක්...!


http://helpitlanka.blogspot.com/




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

3 Comments:

  1. කාලෙකින් පෝස්ට් එකක්...

    ReplyDelete
  2. kiwwath wage mage ASUS board eka ledamayi dunne.

    Honda lipiyak. thanks!

    ReplyDelete
  3. Pick The Right Motherboard(නිවැරදි මව් පුවරුව ‍තෝරා ගන්න..) - Techno Lanka >>>>> Download Now

    >>>>> Download Full

    Pick The Right Motherboard(නිවැරදි මව් පුවරුව ‍තෝරා ගන්න..) - Techno Lanka >>>>> Download LINK

    >>>>> Download Now

    Pick The Right Motherboard(නිවැරදි මව් පුවරුව ‍තෝරා ගන්න..) - Techno Lanka >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete