Thursday, May 21, 2015

දැන් සිසුන් බඳවා ගැනේ? මේක ලියපු එකා සිංහල ද?(අපේ සිංහල-අපෙන් මත්තට 7)


සාමාන්‍ය පෙළ අවසන් වූ සැනින් නවමු නාඩගමක් ඇරඹේ. ඇස යොමන යොමන දෙස අහස් කුස වසා ගෙන සිටින්නේ බැනර් රාක්ෂයින් ය. සිංහල කන නිසා මේවා භයංකර ය. ඒ ඒවායේ සුපුරුදු ගොං වැකියක් තිබෙන බැවිනි. මොකක් ද මේ වැකිය?
දැන් සිසුන් බඳවා ගැනේ....

මෙහි ඇත්තේ සිංහල කර්තෘ කාරක කර්ම කාරක දොසකි. මෙහි උක්තය වී ඇත්තේ සිසුහු යි. ඒ බැවින් මෙහි නිවැරදි යෙදීම,
දැන් සිසුහු බඳවා ගැනෙති.
යන්න යි.

ඉතින් අපි මේ සම්ප්‍රදාය අදින් වෙනස් කරමු.
ඔයත් සිංහල ගැන හොඳට දන්නවානම්, ඔයාගේ නම උඩින් සඳහන් කරලා සිංහලෙන් පෝස්‍ටුවක් ලියා පහත ඊ-මේල් ලිපිනයට එවන්න. ඔබගේ ලිපිය පරීක්ෂා කර ඇඩ්මින්වරුන් විසින් එය පල කෙරේ.
info.rusiru@gmail.com

සිංහල නිවැරදි ව භාවිතා කර සිංහල ගගනත සරසමු.

2 Comments:

  1. තිලිණ සර්ට පිං සිද්ධ වෙන්න කොල්ල දියුනු වෙලා.

    ReplyDelete