Friday, May 22, 2015

නිතරම හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ නොදන්නා බොහෝ දේ [ PART 04 ]

අද මම ඔයලට ගෙනාවෙ කාලෙකට පස්සෙ වැදගත් ලිපියක්. පාසලේ ඉගෙනුම් කටයුතු එක්ක දැන්නම් ගොඩක් busy. කොහොමින් කොහොම හරි ඔන්න අද නම් free. 

අපේ රටේ වගේම තුන්වන ලෝකයේ බොහෝ රටවල සුලබම රෝගයක් තමා මේ සෙම්ප්‍රතිශ්‍යාව. අපි කොයි කවුරුත් දන්නව සෙම්ප්‍රතිශ්‍යාව නොහොත් අපේ කටවහරේ හැටියට හෙම්බිරිස්සාව හැදුනම කොච්චර අපහසුද කියල. ඉතින් මේ හෙම්බිරිස්සාව ගැන මුල ඉදන්ම දැනගනිමු. 

දහනවවන සියවසේ විසූ ඉංග්‍රීසි ජාතික ජනප්‍රිය ලේඛක චාර්ස් ලෑම්බි විසින් කියා ඇත්තේ " සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුනු කෙනෙක් අත් විඳින විඩාව , බෙලහීනතාවය , අවිසංවේදනය සහ වචනයෙන් විස්තර කල නොහැකි කාලකණ්ණි මූසල ස්වභාවය ට පිලියමක් නැද්ද යන්නයි". 

මේ රෝගාබාධයට ඔබ මේ වසරේදීත් අඩුම තරමේ තුන් වතවකදී වත් ගොදුරු වන්න ඇති. මේ රෝගය වෛරසයක් නිසා සෑදෙන් බැවින් තවම හරි හැටි ප්‍රතිකාරයක් නෑ. මේ රෝගයේ රෝගලක්ෂණ සේ සැලකෙන උගුරේ වේදනාව , සොයු දියර ගැලීම , කඳුළු වැගිරීම , කිවිසුම් යාම , හිස බර ගතිය , මුලු සිරුරේම් වේදනාව තමයි මේ රෝගයේ රෝග ලක්ෂණ. 

ගනන් කල නොහැකි තරම් වූ සෙම්ප්‍රතිශ්‍යා වෛරස ප්‍රභේද ප්‍රමාණයක් ඇත. මේ හේතුව නිස තමයි අපි මේ රෝගය වැලඳෙන වැලඳෙන වාරයක් පාස බෙහෙත් ගත්තත් නැවත නැවත මේ රෝගය හැදෙන්නේ. 

ඇඩිනො වෛරසය 

සින්සිෂල් වෛරසය 



රයිනෝ වෛරසය 



ඉහතින් දක්වා ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යා වෛරස කිහිපයකි. සෙම්ප්‍රතිශ්‍යා වෛරසයට මිනිසුන් නැතිව පැවැත්මක් නොමැත. එක් මනුෂ්‍යයකුගෙන් තවත් මනුෂ්‍යයෙකුට ආදී වශයෙන් පැතිරෙන මෙම රෝගය ප්‍රධාන ලෙසම ස්පර්ශයෙන් බෝවන අතර රෝගීන් අල්ලන ලද ලේන්සු , පෑන් , පැන්සල් , phones , දොර අගුල් , පොත් පත් , වීදුරු ,වෙනත් භාණ්ඩ ස්ඵර්ශයෙන් අපිට මේ රවැල් වැලඳෙන්න පුලුවන්. 

ඔබ දන්නවද ? සෙම්ප්‍රතිශ්‍යා රෝගියෙකු කිවිසුමක් යැවීමේදී බිලියන ගනණක් වෛරස පැයට සැතපුම් 100 ක වේගයකින් අඩි 2-12 දක්වා ප්‍රදේශයක පැතිර යන බව. තවත් දෙයක්. හිරු එලිය හා මනා වාතාශ්‍රය තමයි මේ සෙම්ප්‍රතිශ්‍යා වෛරසයේ ප්‍රධානම සතුරන්. මේව නිසා ආසාදිත වෛරස විනාශ වෙනවා. තවද සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුන විටදී අපි ආහාර ගැනීම මොනයම් හෝ හේතුවක් නිසාවෙන් ප්‍රතික්ෂේප කලහොත් වෙනත් විවිධ සංකූලතා උද්ගත වෙලා අපි තවත් අමාරුවෙ වැටෙන්න පුලුවන්. තවද , මේ රෝගාබාධයට තවත් එක් සුවිශේෂීම හේතුවක් තමයි අපේ ශරීරයේ අඩංගු විටමින් C ප්‍රමාණය අවම වී යාම. මෙයට පිලියමක් වශයෙන් සතියකට දෙවතාවකට වැඩියෙන් ඇඹුල් පලතුරු ආහාරයට ගැනීම හෙවත් පැඟිරි කුලයේ ශාක වල පලතුරු ආහාරයට ගැනීම කල හැකියි. මේ ලබා ගන්නා පලතුරු වර්ග නැවුම් බවින් යුක්ත වීමත් ඉතාම වැදගත්. මේ පලතුරු ආහාරයට ගැනීමට අකමැති අයෙක් ඉන්නවා නම් ඔහුට/ඇයට පුලුවන් vitamin C පෙති වශයෙන් දිනපතා ලබගැනීම කරන්න. කෙනෙක් හිතන්න පුලුවන් ඒ දෙය ශරීර සෞඛ්‍යයට හිතකරද කියා. ඒ අයට කියන්න ඕනා කවදාවත් අපේ ඇඟට vitamin වැඩි වෙන්නෙ නෑ කියන එක. 

දැන් අපි සෙම්ප්‍රතිශ්‍යාව ගැන ගොඩක් දේ දැන ගත්තනෙ. දන් බලමු අඩුම වශයෙන් හෝ මේ රෝගයේ රෝග ලක්ෂණ වත් වලකා ගන්නෙ කොහොමද කියල. 


  • ඉඟුරු , කොත්තමල්ලි  හා දෙහි කොළ එකට තම්බා ඒ හුමාලය ආශ්වස කිරීම හා මුහුනට ඇල්ලීම. 
  • වියළි ඉඟුරු ( අමු ඉඟුරු නුසුදුසුය ) , තිප්පිලි , කොත්තමල්ලි හා වෙනිවැල්ගැට එකට තම්බා සීනි දමා මද රස්නය ඇතිව පානය කිරීම.
  • ඉහත සඳහන් ද්‍රව්‍ය ම කබලේ බැද , කුඩු කොට කෝපි සේ වත්කොට සීනි දමා මද රස්නය ඇතිව පානය කිරීම. 
සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව කළ හැකි හොඳම අඩු වියදම් ප්‍රතිකාරය වන්නේ "රෝගය සුව වීමට ඉල්ලා සිටින කාලය ලබා දීමයි". එම කාලය කෙටි කිරීමට යාමෙන් ඵලයක්ද නැති තරම් ය. 

එම කාලය තුල විවේකීව සිටීම, උතුරවා නිවා ගත් ජලය පානය කිරීම , සුලඟට,වැස්සට හා පින්නට නිරාවරණය නොවීම , පෝශ්‍යදායී ආහාරපාන ගැනීම සඳහන් කල හැක. 


එහෙනම් මේ ලිපිය කියවපු හැම දෙනෙක්ටම දිර්ඝායුශ පතන ගමන් ලිපිය නිමා කරනව. 

thank you !!! comment එකකුත් දානවනම් ගොඩක් සතුටුයි. 

p.s  : තොරතුරු මූලාශ්‍රය > සුලභ රෝගාබාධ හඳුනා ගනිමු. 

                                        සරත් රණවීර , ස්වර්ණා රණවීර                        

6 Comments:

  1. හොඳ ලිපියක් වගේ.. දැන්නම් කියවන්න කම්මැලියි..

    ReplyDelete
  2. නිතරම හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ නොදන්නා බොහෝ දේ [ Part 04 ] - Techno Lanka >>>>> Download Now

    >>>>> Download Full

    නිතරම හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ නොදන්නා බොහෝ දේ [ Part 04 ] - Techno Lanka >>>>> Download LINK

    >>>>> Download Now

    නිතරම හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ නොදන්නා බොහෝ දේ [ Part 04 ] - Techno Lanka >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
  3. නිතරම හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ නොදන්නා බොහෝ දේ [ Part 04 ] - Techno Lanka >>>>> Download Now

    >>>>> Download Full

    නිතරම හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ නොදන්නා බොහෝ දේ [ Part 04 ] - Techno Lanka >>>>> Download LINK

    >>>>> Download Now

    නිතරම හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ නොදන්නා බොහෝ දේ [ Part 04 ] - Techno Lanka >>>>> Download Full

    >>>>> Download LINK iP

    ReplyDelete