Thursday, April 2, 2015

සිංහල භාෂාවේ අප විසින් වරද්දවන ලද තැන්...(අපේ සිංහල-අපෙන් මත්තට)


සිංහල වූ කලී ලෝකයේ ඇති අද්භූත භාෂාවන්ගෙන් දෙ වන ස්ථානය ලබා ඇති සිංහලයාගේ භාෂාව යි. අතීත්යේ පටන් සිංහලයාගේ දියුණුව මෙම සිංහල බස හරහා මොනවට පිළිබිඹු වේ. සිංහලයා යනු, ගසක් නම් එහි පැවැත්ම ස්ථිර කරන පතංගාලෝකය සිංහල බසයි. පතංග යනු සූර්යයා යි. මෙසේ සිංහල බසින් ගලපා ගත් විට කුණුහරපයක් පවා රසවත් වන බව අතීත වියත්හු පැවසුවෝ ය. එ බැවින් සිංහල බස නිරවද්‍යය ලෙස භාවිතා කළ යුතු ය. 


සිදත් සඟරා පෙළ හා භාවය ලියූ පුවසති අලගියවන්න තුමා පවසන්නේ උසස් යැයි සැළකෙන ඉංග්‍රීසි බසට තවමත් අංග සම්පූර්ණ හෝඩියක් නැති බව යි. නමුත් සිංහල සංස්කෘතිය ‍රැක ගනිල්ලා යැයි පවසන ඇතැම් කළු සුද්දන්ගෙන් මේ සිංහල බස පිරිහී ඇත.


'කිත් තබා දහදිය පුදා රත් රුහිරුයෙන් දෙරණත හොවා
සද මනුන් ලක් මව ‍රැකූ නිදහස් දජය ගුවනත නගා
වසගත්තුවේ වූ සතයකුත් දෙරණට නො දී බඩ සා ‍රැකූ
නොවද දේ ඒ නො විය අවියක් කපන්නට නිදහස දිනූ'


අපි නිදහස ලබා ඇත්තේ නමට පමණි. සිංහල සංස්කෘතිය තවමත් යුද්ධයේ ය. එය ‍රැකගැනීමට අවි දරන්නෝ අල්ප වේ.


සිංහල භාෂාව සංකීර්ණ භාෂාවක් බැවින් එය භාවිතයේ දී බොහෝ ගැටලු මතු වේ. ඒවායින් ප්‍රධාන ගැටලු හා භාෂා අවභාවිතයන් පහත දක්වා ඇත.



නිපාත වෙන් නො කිරීම
නිපාත යනු අව්‍යය පද විශේෂය කි. එ නම් වෙනස් නො වන පද විශේෂය කි. මේවායින් උපසර්ග පදයක් හා එක් ව තිබේ. 


උපසර්ග-

ශුද්ධ සිංහල-
ප, පර, අව, ස, අනු, නි, දු, වි, අ, අදි, සු, උ, අබි, පිරි, උප, අප, පස්, පිළි, අති, පි
මිශ්‍ර සිංහල-
ප, පරා, අප, සං, අනු, අව, නිශ්, දුශ්, වි, ආ, නි, අධි, අපි, අති, සු, උද්, අභි, ප්‍රති, පරි, උප



උදාහරණ- විසර්ගය, පිළිමල්, පරසතු, අවමානය, උපනායක.

නමුත් නිපාත පදයක් හා සංයුක්ත ව නො ලිය වේ.
නිපාත බොහෝමයකි. ඒවා වෙන් කර ලිවිය යුතු ය.
උදාහරණ-
අම්මා ගමට ද ගියා ය.(මෙහි ද හා ය යනු නිපාත වේ)
කර්මානුරූපී ව(මෙහි ව නිපාතයකි)

එ බැවින් නිපාත වෙන් කිරීම සුභාෂාවකින් යමක් අලංකෘත කිරීමට වැදගත් වේ.


පසරුත් නම් වෙන් කර ලිවීම

පසරුත් හෙවත් ප්‍රත්‍යාර්ථ නාම දෙ කොටසකි. එ නම් තද්දිත හා කෘදන්ත යනුවෙනි. මේවාට අයත් ප්‍රත්‍යය බොහෝමයකි. ඒවා ප්‍රකෘතිය හා සංයුක්ත කොට ලිය වේ.

තද්දිත ප්‍රත්‍ය-
ශුද්ධ සිංහල- ඉ, මුවා, මය, වත්, මත්, තර, තම, ඉති, අටි, අ‍ටු, අස්, අත්, බ, තා, ආන, අනු, අනි, එක්, අක්, අ, අළ, ආ, උ, උතු
මිශ්‍ර සිංහල-වන්ත, ශීලි, ගාමි, බඩ, තන, ඉක, ඊය, ඉෂ්ට ත්ව

කෘදන්ත ප්‍රත්‍ය-
න නු නා
උ ඌ ඉ ඊ
එන එනු එනා
උණ උණු
උම් ඊම් ඉළි මන්
අන්නේ අන්නා අන්නී අන්නෝ


ප්‍රත්‍යාර්ථ නාම අවභාවිතය

වත්, මත් යන තද්දිත ප්‍රත්‍යය දෙක ම සහිත වූයේ යන අර්ථයෙන් යෙදේ. නමුත් මත් ප්‍රත්‍යය යෙදිය හැක්කේ නාම ප්‍රකෘතියේ අග අකුරේ ඇති ස්වරය ඉ, ඊ, උ, ඌ නම් පමණි.
උදාහරණ- ශ්‍රී+මත්=ශ්‍රීමත්
රූ+මත්=රූමත්

එ බැවින් නිවැරදි වහර ආලෝකවත්, ආදර්ශවත්, ප්‍රබෝදවත් යන ඒවා ය.


එ මෙන් ම ඉක ප්‍රත්‍යය යෙදීමේ දී නාම ප්‍රකෘතිය වෙනස්කමකට භාජනය වේ. ස්වරය දීර්ඝ වේ.

උදාහරණ- සංසාර+ඉක=සාංසාරික.
අධ්‍යාපන+ඉක=ආධ්‍යාපනික

මේ අයුරින් තව බොහෝ සිංහල භාවිතයේ වැරදි සොයා ගත හැක. ඒවා පසුවට ම විසින් මෙම බ්ලොගයේ ප්‍රදර්ශනය කෙරේ. සිංහල නිවැරදි ව භාවිතා කර සිංහල ගගනත සරසමු.

4 Comments:

  1. සිංහල බසත් එය ආරක්ෂාවට සිටින ලොව එකම ජාතිය වන සිංහලයනුත් කොයි තරම් වටිනා වුවත් අප රටේ දේශපාලඥයන් මේ රට ජාතිය ගැන අබමල් රේණුවක් හෝ හැගීමකින් තොරව ක්‍රියාකිරීම ගැන තමයි කණගාටුව.

    ReplyDelete
    Replies
    1. දෙස්පප්ලලන් පැත්තත දාමු.
      සිංහල වෙසරද්දු බස ගැන නිසි අවධානයක් නෑ.කලු සුද්දදන් ඉංගිරිස්සට සේ සංස්කෘත පාලි ගැනයි ඔවුන්ගේ වදවීම.

      Delete
  2. දෙස්පප්ලලන් පැත්තත දාමු.
    සිංහල වෙසරද්දු බස ගැන නිසි අවධානයක් නෑ.කලු සුද්දදන් ඉංගිරිස්සට සේ සංස්කෘත පාලි ගැනයි ඔවුන්ගේ වදවීම.

    ReplyDelete