Sunday, April 12, 2015

Bing Wallpaper එක හැමදාම Desktop එකට ගෙන්න ගන්න කැමතිද?



ඔයාලා දන්නව ඇතිනෙ Bing සයිට් එකේ තියෙන Image එක හැමදාම මාරු වෙනවා කියල. මේකට වැටෙන හැම පින්තූරයක්ම ගොඩක් ලස්සනයි. මෙතනින් ගියොත් අද එක බලාගන්න පුලුවන්. 

මේ තියෙන්නෙ ඒ වගේ වැටිලා තිබිච්ච ඒව ටිකක්.




කොහොමද , ගති නේ?
කොහොමද Bing එකට වැටෙන Image එක අපේ Desktop Wallpaper එක විදිහට දාගන්න තිබ්බනම්. නියමයි නේ. අනික හැමදාම මේක මාරු වෙන නිසා විවිධත්වයකුත් ඇති වෙනවා. මේකට පොඩි software කෑල්ලක් ඕන වෙනවා. මේක Bing එකෙන්මයි දෙන්නෙ. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. මෙන්න එහෙනම් ගන්න. 


ඕක ඉන්ස්ටෝල් කරල ඉවර උනාම ඕපන් කරල පල්ලෙහ තියෙන විදිහට 1 , 2 පියවරවල් කරන්න. ඔය සොෆ්ට්වෙයාර් එක දවසෙම දාගෙන ඉන්න ඕනෙ නෑ. (ඕනනම් දාගෙන ඉන්න :3 ) හවසට වගේ එක පාරක් ඕපන් කරල ටිකක් වෙලා තියන්න. එතකොට wallpaper එක මාරු වෙයි. ඊට පස්සෙ ක්ලෝස් කරල දාන්න.



එහෙනම් ආයිත් තව පෝස්ට් එකකින් හම්බෙමු. මගේ අනිත් පෝස්ට් මෙතනින් බලන්න.

0 Comments:

Post a Comment