Thursday, April 9, 2015

හෙළ හවුල සහ කවියෝ 1 (අපේ සිංහල අපෙන් මත්තට 3)


මින් පෙර පළ වූ ලිපි පහතින් බලන්න..
සිංහල භාෂාවේ අප විසින් වරද්දවන ලද තැන්...>>
වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට එක් වූ වචන..>>
කුමාරතුංග මුනිදාස මහතා
සිංහල බසට ආදරය කරන්නෝ සිංහල භාෂා ප්‍රේමියෝ ය. හෙළ හවුල ලෙස නම් කෙරෙන්නේ, එක දහස් නවසියය හතලිස් කාලයේ සිට සිංහල භාෂා සාහිත්‍යය විෂයෙහි ක්‍රියාත්මක වන්නට වූ සිංහල භාෂාවේදී හා සිංහල භාෂාප්‍රේමින්ගේ සංවිධානයකි. 1941 දී මෙය බිහි විය. සිංහල ජාතිය, භාෂාව, සාහිත්‍යය හා සාස්කෘතිය යන අංශවලින් ලබමින් සිටි පිරිහීම වටහා ගත් කුමාරතුංග මුනිදාසයාණෝ ඒවායේ සංරක්ෂණය අරභයා තමන්ගේ දායකත්වය කෙසේ විය යුතු දැයි විමසුවෝ ය. එය බීජයක් ලෙස දිස් ව ලබාගන්නා ඵලයෙන් බස ඇසුරින් සිංහල ජාතියත්, ජාතිය ඇසුරින් දෙශයත් සුරක්ෂිත කළ හැකි බැව් දුට හ.

ඊට පෙර මහා බලයක් සේ වැඩුණු ලක්මිණි පහන පුවත්පත, මේ වන විට ප්‍රකාශනය නැවතී තිබූ බැවින් කුමාරතුංගයෝ පෙර නො පසුබටන අරමුණින් එය ආරම්භ කළෝ ය. ඉන් පසු අවදියේ සුබස නමින් සඟරාවක් ද පටන් ගත් හ. ඔහුගේ මෙම ක්‍රියා ආවලිය නව ජවයක් සේ ලෝකයාට දිස් වූ බැවින් 1941 දී හෙළ හවුල සංවිධානය මොහුගේ මූලිකත්වයෙන් බිහි වෙයි. හෙළ හවුලේ බොහෝ අය සිංහලයට අමතර ව පාලි හා සංස්කෘත භාෂා මැනවින් හදාළ පිරිසක් වූහ. මේ පිරිසෙන් කාව්‍යකරණයට බට කිහිපදෙනා හෙළ කවුලේ කවියෝ වූහ.

හෙළ හවුලේ කවියෝ පිළිබඳ ව පසුවට..
මූලාශ්‍ර- 10-11 ශ්‍රේණි, සිංහල සාහිත්‍ය සංග්‍රහය විචාරය 2 -රත්න කොඩිකාර

ඔයත් සිංහල ගැන හොඳට දන්නවානම්, ඔයාගේ නම උඩින් සඳහන් කරලා සිංහලෙන් පෝස්‍ටුවක් ලියා පහත ඊ-මේල් ලිපිනයට එවන්න. ඔබගේ ලිපිය පරීක්ෂා කර ඇඩ්මින්වරුන් විසින් එය පල කෙරේ.
info.rusiru@gmail.com

සිංහල නිවැරදි ව භාවිතා කර සිංහල ගගනත සරසමු.



0 Comments:

Post a Comment