Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts

Wednesday, April 22, 2015

ලෝක මිහිකත දිනය වෙනුවෙන් GOOGLE අලුත් වෙයි.

2015 අප්‍රේල් මස 22 ක් වූ අද දිනට යෙදී ඇති ලෝක මිහිකත දිනය වෙනුවෙන් GOOGLE සිය home page එක වෙනස් කලා.   

මේ මිහිකත දිනය ප්‍රථම වතාවට සමරා ඇත්තේ 1970 වර්ශයේ දීය. මෙවර මිහිකත දිනයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ චීනයේ "චීන මහා ප්‍රාකාරය පිරිසිදු කිරීම" , ලෙබනනයේ වෙරල පිරිසිදු කිරීමත් , ඉන්දුනීසියාවේ අක්කර 25000 ක් වූ වැසි වනාන්තර ප්‍රමාණය රැක ගැනීමට උත්සහ දැරීමත් ය. 

ලෝකයේ දැනටමත් සිදුවෙමින් පවතින මිහි මාතාවට හානිදායක වූ , ලෝකයාගේ විවිධ ක්‍රියාකාරකම් මගින් සිදුවන විනාශය වලක්වා ගැනීමට දායකවන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එසේනම් පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් එක් ගසක් හෝ රෝපණය කරන මෙන් ඉල්ලා සිටිනව. දිනෙන් දිම අවම වෙමින් පවතින ලෝකයේ භූගත ජලමට්ටම අපේ රටේ ස්ථාවර කර ගැනීමට මේ මිහිකත දිනයේ එය ඉතා හොඳ ආයෝජනයක් වේවි.  

තවත් වැදගත්ම දෙයක් කියන්න අමතක වුනානෙ. මෙවර මිහිකත දින තේමාව "දේශගුණ විපර්‍යාස ජයගමු" යන්නයි. මිහිකත දිනය සැමරීමේ 45 වන සංවත්සරය මෙයයි. මෙවර රටවල් 192 ක මිහිකත දිනය සමරනවා.

මිහිකත දිනය ගැන වැඩි දුර විස්තර මෙතනින් ලබාගන්න. 

එහෙනම් thank you ලිපිය කියෙව්වාට. 

ඔබේ අදහස් පහතින් දාන්න. 



Wednesday, April 15, 2015

සියලු දෙවි දේවතාවුන්ගේ ඇති ආනුභාවයක් නැත...(අපේ සිංහල-අපෙන් මත්තට 6)


මේ අලුත් අවුරුදු සමය යි. ඉදින් හිතමිත්‍රාදීහු ජංගම දුරකථනවලින් එකිනෙකාට සුබ පැතුම් එකතු කරති. නමුත් සිංහල ගැන නො සිතා එවන කෙටි පණිවිඩවල කුමන සුබක් ද? සිංහල වනස වනසා කෙටි පණිවිඩ යවති.

මාගේ ජංගම දුරකථනයට එවන ලද බොහෝ කෙටි පණිවිඩ සිංහල බසින් සදොස් ය. පහතින් එකක් දක්වමි.

Thisarana aashirwaadhayen..... this thun koatoyak devi dewatawun wahanselage aanubaawayen..****

දෙවියන්ට මම දන්න තරමින් ආනුභාවයක් නැත. ඇත්තේ අනුභාවයකි. එයට හේතුව නම් භාවය යන්නට 'අනු' යන උපසර්ග පදය යෙදීමෙන් අනුභාවය යන පදය සෑදීම යි. එබැවින් අදින් මත්තට සිංහල බසින් දෙවියන්ට අපහාස නො කර නිවැරදි ව සිංහල භාවිත කරමු.

Tuesday, April 14, 2015

ඇඹුලයි ඇඹුලයි , ඒත් පට්ට ගුණයි. දෙහි නොහොත් LIME [Part two]

මම පහුගිය සතියෙ ඉඳන් ලියන්න ගත්ත ලිපි පෙලේ දෙවන කොටසයි මේ.

අද මම ඔයාලට කියන්නෙ දෙහි නොහොත් lime වල ඇති ඖෂධීය වැදගත්කම ගැන. 

මෙහි විද්‍යාත්මක නාමය තමයි Citrus aurantifolia. ඉතින් මේ දෙහි විවිධ විදියට ඖෂධාත්මකව වැදගත් වෙනව. 

රෝග සුවයට 


  • සෙම්ප්‍රතිශ්‍යාවට > දෙහිකොල තැම්බූ ජලයෙන් දුම් ඇල්ලීම.
  • පණු රෝගයට   >දෙහි ඇඹුලින් ගලේ තබා අඹරා ගත් සාදික්කා වලට නැවතත් දෙහි මිශ්‍ර කොට බොන්න.
  • හිසරදයට         >දෙහි කොල තැම්බූ වතුරෙන් හුමාලය නාසයෙන් උරා මුඛයෙන් පිටකරන්න. 
  • ඉස්සොරි වලට  >දෙහි කොල , දෙහි ඇඹුල් , පොල් කිරි යන මේවා සම ප්‍රමාණවලින් ගෙන දිනක් අව්වේ කකාරා දවස් හතක් ඔලුවේ ගාන්න.
  • ආහාර රුචියට   >දෙහි යුෂ , අමු ඉඟුරු , සීනි කලවම් කොට දියකර බොන්න. 
  • ඉදිමුම් බැස්මට  >දෙහි පොතු ලුණු ස්වල්පයක් දමා කොටා මලවා බඳින්න. 
  • පත්තෑ විෂට      >දෙහි මදයක් ගෙන කෑ තැන අතුල්ලන්න.
  • ගෝනුසු විෂට   >දෙහි ඇඹුල් හා දිවි කදුරු කොල යුෂ ඇතුලත් මිශ්‍රණයක් සාදා බොන්න.
  • අලුහම් වලට     >ඇත්තෝර කොල දෙහි ඇඹුලින් අඹරා ඇඟ ගා පැය බාගයකට පසු නාන්න.
  • දිවි මකුලුවෙකු දෂ්ඨ කල විට > දෂ්ඨ කල ස්ථානයේ දෙහි ඇඹුලින් ගොටුකොළ ගා එම මිශ්‍රණයම මදක් ජලය දමා තනුක කොට බොන්නට දෙන්න. 
දැන් ඔයාල දැනගත්තනෙ දෙහි යුෂ වගේම දෙහි ගසම ඉතා වැදගත්කමකින් යුතු බව.   
-



ඉතින් තව දෙයක් කියන්න තියෙනව. දෙහි වැඩි වශයෙන් ව්‍යප්ත වෙලා තියෙන්නේ මොණරාගල , අම්පාර , බිබිල යන පැති වල. විටමින් C බහුල ආහාරයක් විදියට තමා දෙහි හඳුන්වන්නේ. ඒකයි අපි කෑම හදනකොට සම්බෝල , ලුණුමිරිස් වගේ ඒවලට දෙහි දාන්නෙ. අපිට විටමින් C ලැබෙන්නත් , එමගින් රෝගනිවාරණයත් හොඳින්ම සිදුවන නිසත් තමයි අපි ඒ විදියට දෙහි පාවිච්චි කරන්නෙ. 

ඉතින් මේ අවුරුදු කාලෙ ice-cream කාල වැඩිවෙලා හෙම්බිරිස්සාවක් එහෙම හැදුනත් ඔයාලට මේ ලිපිය කියෙව්ව නිසා ඒකට පිලියම් තියෙනවනේ. ලෙඩක් දුකක් නොවී නිරෝගීව ඉන්න ලැබේව කියල පතනව !!!  

එහෙනම් මේ ලිපි පෙලේ part 3 වලින් වෙනස්ම දේකින් හමු වෙමු.

thank you !!! comment එකකුත් දාගෙනම යන්න. 


සුබ පතංග මඟුලක් වේවා!!!


ඉදින් තවත් අපේ වසරක් ගෙවී ගියා. පස්සට ආපසු හැරී බලන කල අපේ වූ, නමුදු අපේ නො වූ සීන රාශියක් තිබිණි. සැබෑ වූයේ ටිකකි. ඉතින් අදින් නව ඉරක් අපට උදා වී තිබේ. පතංග මඟුලට ටෙක්නෝ ලංකා සහ පිරිවරගේ උණුසුම් පැතුම් මෙලෙස දක්වමු. මෙතෙක් කල් ටෙක්නො ලංකා සමග ‍රැඳී සිටි ඔබට හා, සියලු ම සිංහල හා දමිළ ඇත්තන්ට සුබ ම සුබ, පැතූ පැතුම් ඉ‍ටුවන, සිතූ සිතුම් රජවන අලුත් අවුරුද්දක් වේවා!!!


Sunday, April 12, 2015

අපි කනවිට විසි කලාට මෙන්න බලන්න කරපිංචා (curry leaf) වල වැදගත්කම [part 1]

  අද ඉඳන්  මම කල්පනා  කලා  හැමෝටම වැදගත්  ලිපි සෙට් එකක් ලියන්න පටන් ගන්න. 

මම මුලින්ම ලියන්න හිතුවෙ කරපිංචා  නොහොත්  (curry leaf) වල  වැදගත්කම  ඔයාලට කියන ලිපියක්.  

ඉතින්  මේ  කරපිංචා විවිධ  රෝග රාශියකට  බෙහෙතක්  කියල  ඔයාලට   මුලින්ම  කියන්න  ඕන. හෘදරෝගීන්ට  ,කොලෙස්ටෙරෝල් අවම  කිරීමටත් , කුෂ්ඨ , ඉදිමුම් වලටත් මේ කරපිංචා  වලින්  සැදූ කැඳ වෛද්‍යවරුන් නිර්දේශ  කරනවා.  

ඉතින්  මේ  කරපිංචා විවිධ  අවස්ථා  වලදී  අපිට විවිධ  ආකාරයට ප්‍රයෝජනවත්  වෙනවා.  

  • සර්ප  විෂේ දී  >  කරපිංචා  කොල කැඳ  බීමට  දෙනවා. මෙහි  ඇති විෂ නැසීමේ  ගුනය  නිසා  මී  විෂ  ට,  සෙංගමාලය   වැනි අවස්ථා  වලදී  බීමට දීමටද  සුදුසුයි. 
  • බඩ බුරුලට  යාමේදී  >  කරපිංචා  දලු මී  පැණියෙන්  අඹරා දෙනු ලැබේ.  මෙය  ලේ  පිටවන විට  අර්ශස්  රෝගයටද  ගුණය. 
  • පිත් වමනයට  >  කුඩු  කරගත්  කරපිංචා  ගසේ පොතු  තේ හැන්දක්  ඇල්  දියෙන්  දීම සුදුසුයි. 
  • අකලට  හිසකෙස්  පැසීමට  >  කරපිංචා  වල පෝෂණීය  ගුනය  නිසා කෙස් පැසීම අවම කරයි. පොල්  තෙල්  සමග මිශ්‍ර  කරගත්  තෙල  හිසේ  ගානු  ලබයි. 
  • අධික  තරබාරුවට  >  මේරූ  කරපිංචා කොල  10  බැගින්  ආහාරයට  ගැනීමෙන්  අධික තරබාරුව  මැඩලිය  හැක.  
  • කරකැවිල්ල  හා   වමනය  ඇති  අයටත් , විෂ  ශරීර  ගත  වූ  අයටත් ,  කුසගිනි  නොමැති  අයට  කුසගිනි ඇති  කරවීමටත්  ,  සුලු  උමතු  ගති  ඇති  අයට  ඔසුවක්  ලෙසත්  දේශීය වෛද්‍යවරුන්  කරපිංචා කැඳ නිර්දේශ  කරනවා.   
මේ තරම්  ඉහල  ඔසු ගුණයක් ඇති  කරපිංචා  ගසේ  හැම  කොටසක්ම වැදගත්කමකින්  යුතු  බව  දැන්  ඔබ දැන ගත්තානෙ.  

දැන් අපි  බත්පිඟානේ තියෙන  කරපිංචා කොලයවත් විසි  නොකර පරිභෝජනයට  හුරු  වෙමු.   

එහෙනම් ගොඩක් ස්තුතියි  මේ  ලිපිය  කියෙව්වට.  

මේ ලිපි පෙල දිගටම කියවන ලෙසට හිතාදර පාඨකයින්ගෙන්  ඉල්ලා සිටිනවා. comment එකකුත් දාගෙනම  යන්න. 


හෙළ හවුල සහ කවියෝ අවසාන කොටස(අපේ සිංහල අපෙන් මත්තට 5)


මින් පෙර පල වූ ලිපි පහතින්..

හෙළ හවුල සහ කවියෝ 2 (අපේ සිංහල අපෙන් මත්තට 4)


කුමාරතුංගයන්ගේ මඟ ඔස්සේ ම කාව්‍යකරණය්ට පිවිසි කිහිප දෙනෙක් වූ හ. ‍රැයිපියෙල් තෙන්නකෝන්, අමරසිරි ගුණවර්ධන, වෙල්ලාල ජයමහ, හියුබත් දිසානායක, මහානාම දිසානායක, අරීසෙන් අහුබුදු, ගුණපාල සේනාධීර, අලවූ ඉසි සැබිහෙළ, අනඳපිය කුඩාතිහි, වීරකෝන්, කිත්සිරි සුමනසිහි ඒ අතර ප්‍රසිද්ධියට පත් විය.

මේ අතර මුනිදාසයන්ගේ කාව්‍යාවබෝධය මොනවට අවබෝධ කර ගත් හා ඒ අනුව කාව්‍යකරණයට පිවිසි සාර්ථකත්වය ලද්දෝ ලෙස, ‍රැයිපියෙල් තෙන්නකෝන් හා අරීසෙන් අහුබුදු හඳුන්වා දිය හැකි ය.

අරීසෙන් අහුබුදු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
අරීසෙන් අහුබුදු
උපතමාර්තු 18, 1920
කොග්ගලමලළගමශ්‍රී ලංකා
මරණයමැයි 26, 2011
කොළඹ ශ්‍රී ලංකා
ජාතිකත්වයශ්‍රී ලංකාව Sri Lankan
වෙනත් නම්දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ
වෘත්තියලේඛකයෙක්කථිකයෙක්ශාස්ත්‍රඥයෙක්,නාට්‍ය රචකයෙක්ගුරුවරයෙක් (Guru),සිංහල ගීත රචකයෙක්, කතුවරයෙක් සහකිවියෙක්.
කලාසූරී අරීසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කිවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද කලාශූරී නාමය දහොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය ද හිමි කරගෙන ඇත.

මූලාශ්‍ර- 10-11 ශ්‍රේණි, සිංහල සාහිත්‍ය සංග්‍රහය විචාරය 2 -රත්න කොඩිකාර
...................................................................................
ඔයත් සිංහල ගැන හොඳට දන්නවානම්, ඔයාගේ නම උඩින් සඳහන් කරලා සිංහලෙන් පෝස්‍ටුවක් ලියා පහත ඊ-මේල් ලිපිනයට එවන්න. ඔබගේ ලිපිය පරීක්ෂා කර ඇඩ්මින්වරුන් විසින් එය පල කෙරේ.
info.rusiru@gmail.com

සිංහල නිවැරදි ව භාවිතා කර සිංහල ගගනත සරසමු.

internet එකේ ඉන්න අතරතුර ප්‍රශ්න වලට උත්තර හොයමු & ඔයාලට වැදගත් sites කීපයක්


 අද මම ඔයාලට කියන්න හැදුවේ  නියම web site එකක් ගැන. ඒ site එකට මෙතනින්  යන්න. ඉතින් මේකෙන් අපි විනෝදයක් ලබනවා වගේම අපි ලබාදෙන පිළිතුරු වලින් ගොඩක් වෙලාවට   සමීක්ෂණ ත් සිදුකරනව. තවත් දෙයක් තමයි question of the day කියල  question එකකුත් අහනව.  ප්‍රශ්න නම් ඕන තරම් තියෙනවා. 

ඔබ ඉවුම් පිහුම් ගැන උනන්දු අයෙක්නම් මෙන්න කෑම හදන්න ඉගෙන ගන්න ෂෝක් site එකකුයි blogger එකකුයි. 

site එකට මෙතනින් 

blogger එකට මෙතනින්  



site එකේ තියෙන්නෙ  විවිධ කේක් වර්ග හා බත් වර්ග. 

blogger එකෙත්   ඉඹුල් කිරිබත් , මුං කිරිබත් , වටලප්පන් හදන හැටි තියෙනව. 



තවත් පට්ටම site එකක් මෙන්න. 

ඔයාල කැමතිද ගෙදර  ඉඳන්,  Eiffel කුලුනෙ උඩ ඉඳන් බිම බලන්න.  මෙන්න එහෙනම් ඒකටත් chance එක මං ගානෙ.

Eiffel කුලුනෙඉන්න කාටහරි උඩ  ඉඳන් බැලුවම පේන වටපිටාව panorama එකක් විදියට ලස්සනට පෙන්නනවා.  ගිහින්ම බලන්න       මෙතනින්    අංශක 360 ම පේනවා.  




අනිව comment කරයි කියල හිතනව.

thank you !!!


Friday, April 10, 2015

සුපිරි සිංහල ෆොන්ට්ස් සෙට් එකක් බාගන්න...


ගොඩක් අය සිංහල ෆොන්ට්ස් පාවිච්චි කොරලා වැඩ කෑලි දාන්න කැමතියි.. ඒත් සින්හල ෆොන්ට්ස් ඕනකරන හැඩයෙන් හොයා ගන්න එක අමාරුයිනේ... ඔන්න ඒක නිසා මම අද සින්හල ෆොන්ට්ස් තොගයක්ම ගෙනාවා... 
මේවා තිබ්බේ http://www.sindusinhala.com/ සයිට් එකේ.. ඒකට යන්න මෙතන ක්ලික් කරන්න.. කතා ඕන නෑ බාගන්න ඕන ෆොන්ට් එක උඩ ක්ලික් කරන්න.. ඩවුන් වේවී....


( PS:- පොඩි අවුලක් නිසා වෙන පේජ් එකකට දාන්න උනා. මෙතනින් යන්න :- http://techno-lanka.blogspot.com/p/sinhala-fonts.html


හෙළ හවුල සහ කවියෝ 2 (අපේ සිංහල අපෙන් මත්තට 4)


හෙළ හවුලේ නිර්මාතෘ කුමරතුඟුවන් ගැන අද දක්වමි..  මින් පෙර පල වූ ලිපි පහතින්..
පහත දැක්වෙන්නේ විකීපීඩියා විශ්වකෝශයෙන් උපුටා ගත්තකි.. මා සතුව ඇත්තේ ද ඒ තොරතුරු නිසාවෙන් ඒය මේ බ්ලොගයට මුසු කළෙමි. සියලු ම තොරතු‍ටු විකීපීඩියා හි මෙම ලිපිය පළ කළ ඇත්තන් සතු බැවින් මෙහි පූර්ණ හිමිකම් ඔවුන්ට යි.

කුමාරතුංග මුනිදාස (1887-1944) වූ කලී ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට වාග් විශේෂඥෙයක්, අර්ථ කතාකරුෙවක්, කවිෙයක් සහ පත්‍ර කලාෙවීදිෙයක් දෙවී . ඔහු විසින් ෙහළ හවුල නම් සංවිධානය පිහිටුවා, සිංහල භාෂාව තුළ අරක් ගෙන තිබූ සංස්කෘත බලපෑම් ඉවත් කිරීමට ඉමහත් පරිශ්‍රයක් දරනු ලැබී ය.
මෙතුමන් ශ්‍රී ලංකාවේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ පඬිවරයකු ලෙස සලකනු ලබයි. ඔහු අන්‍ය සාහිත්‍යකරුවන් අතරින් විශේෂ වුයේ ඔහු තුළ පැවති අසාමාන්‍ය භාෂා ඥානයත්, නිර්මාණශීලී චින්තනය සඳහා සිංහල භාෂාව හැසිරවීමත් නිසාය. සිංහල, පාලි, සංස්කෘත භාෂා හැසිරවීමේ හසල දැනුමත් සහිත වූ මෙතුමා දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් සහ ග්‍රීක් භාෂා හැසිරවීමේ දක්ෂෙයක් ද වුයේය.
යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍ය බලපෑම් හේතුකොට ගෙන 19 වන ශතවර්ෂයේ මුල් භාගයේ සිටම සිංහල සාහිත්‍යයේ පිරිහීමක් දක්නට ලැබිණ. කුමාරතුංග මුනිදාස, මහගමසේකර, මඩවල එස් රත්නායක, ආදීන් සිංහල සංස්කෘතිය රැක ගැනීමට මහඟු පරිශ්‍රමයක් දැරීය.
ප්‍රථම සිංහල නවකතා රචනා වූයේ ද මේ අවධියේය. ඇල්බට් සිල්වාගේ විමලා (1892) සහ ආදර හසුන (1894) මෙම ප්‍රථම සිංහල නවකතාවලින් සමහරකි. සයිමන්ද සිල්වාගේ මීනා (1905) නමැති නවකතාවද වඩා ජනප්‍රියත්වයට පත් වූ නවකතාවකි. කුමාරතුංග මුනිදාසයන් සාහිත්‍යකරුවකුට අමතරව පර්යේෂකයකු ලෙස ශ්‍රී ලංකාවටම ආවේණික වූ සංගීත ශෛලියක් තැනීම සඳහා පර්යේෂණයන් රැසක් දියත් කළේය.
කුමාරතුංග මුනිදාසයන් තම ජීවිත කාලයේ විවිධ කාල වලදී සාහිත්‍යකරුවකු, ගුරුවරයකු, ගුරුවරු පුහුණු කරන්නකු, පාසල් පරීක්ෂකයෙකු කටයුතු කළේය.
වර්තමානයේදී ද ළමුන් අතර වඩාත් ජනප්‍රිය කෘතීන් වන ශික්ෂා මාර්ගය, කියවන නුවණ, හත්පණ, මඟුල් කෑම, හීන්සැරය, ප්‍රබන්ධ සංග්‍රහය, පහන් කටුවෙකි, කවි ශික්ෂාව යනාදිය කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත කෘතීන් වේ.

ළමා සාහිත්‍යය සඳහා දායකත්වය

සිංහල භාෂාව සහ සාහිත්‍ය ‍ක්ෂේත්‍රයේ එතුමා පතාක යෝධයකු බව කුමාරතුංග මුනිදාසයන්ගේ කෘති පරිශීලනයෙන් පෙනී යන්නේය. ආසාමාන්‍ය ආකෘතිමය ස්වරූපයකින් යුතු කාව්‍ය නිර්මාණ ඔහුගේ සාහිත්‍ය දිවියේ කැපී ‍පෙනෙන අංගවේ. ‘හා හා හරි හාවා’ (හාවාගේ වග කෘතියෙන්), මහ පුදුමෙකි, මලෙක මලකි, නැහැ එහි සකි, සමණළයෙකි’ (‘මල් බස්’) වැනි ඒවා ඒ සඳහා කදිම උදාහරණ වේ.
කුමාරතුංගයන් තුළ පැවති ගැඹුරු සංවේදී අදහස් ‘දරු සුරතල්’, ‘අවසාන’, ‘සොහොයුරු වියෝව’ සහ ‘මගේ වරද’ ගැන කාව්‍ය සංග්‍රහ වලින් දැකිය හැක. ‘මගේ වරද’ කෘතියේ සඳහන් වනුයේ බොරුවක් කීම සම්බන්ධව තම බාල පුතුට පහර දුන් ආකාරය පිළිබඳවයි. එය ඔහු විස්තර කරන්නේ ‍මෙසේය.
‘දරුවාගේ අනාගතේ කුසුම්
හටගන්වන්නට මයි මා තැත් කියා,
වැනසුම් හැම වත්මනේ කුසුම්’

හෙළ හවුල

කුමාරතුංග මුනිදාසයන් දෙස, බස, රැස තෙරුවන් ලෙස සැලැකු අතර එය රැකැ-ගැනිමේ අරමුණින් ඇරැඹි හෙළ හවුල යනු 1941 දී ඒතුමා ගේ මුල් වීමෙන් බ්‍රිතයන්‍ය ලංකා යටත්විජිතයේ පිහිටුවන ලද ජාතික සංවිධානයෙකි. දෙස, බස, රැස යන හෙළ තෙරුවන සුරැකීම සඳහා ඇරැඹුණු හෙළ හවුල, සිංහළ බසෙහි අබිවැඩුම සඳහා විසල් මෙහෙවරක් ඉටු කළ ආයතනයෙකි. නිවැරැදි පිරිසුදු හෙළ බස නඟා-ලීම මේ ආයතනයෙහි මුල් අරමුණෙකි. තව ද හෙළ ඉතිහසෙහි සැබෑ යටගියාව ඉස්මතු කිරීම සඳහා ද හෙළ හවුලින් ඉටු වූ මෙහෙය නොපටු යැ. 1941 සිට මේ දක්වා ක්‍රියාකාරී වැ පවත්නා එක මැ සිංහළ භාෂා ගුරුකුලය ද මෙය යි. හෙළ හවුලින් බිහි වූ කිවිවරු ද පඬිවරු ද බොහෝ යැ.
"ලක්දිවට ඉතා බිහිසුණු කාලයකි.පිට රටින් සාල නැවතිණි නම් අපට කෑම නැත.පිට රටින් එන රෙදි නැවතිණි නම් අපට විළි වැස්ම නැත.පිට රටින් එන යාන නැතිනම් අපට ගමන නැත.කොටින් මැ පිට රට පිහිට නැත්නම් අපට කළහැකි කිසිවක් නැත."
(ලක් මිණි පහන් කතු වැකි_කුමාරතංග මුනිදාස)
ආනන්ද රාජකරුණා එස්.මහින්ද හිමියන් මුනිදාස කුමාරතුංග වැනි නිර්මාණශීලී නිර්මාණ කරුවන්ගේ ළමා නිර්මාණ ඉහළ මට්ටමක පැවැතුණා. ඒ අය ළමා මනසට උචිත ගීත සාහිත්‍යයක් ගොඩනැගුවා. අදත් අප ඒ ආස්වාදනීය ගීත රස විදිනවා. ‘සිරිමත් මගෙ සකි යහපත් ළමයෙකි’ එවැනි අරුත්බර ගීත සංකල්පනා අද ළමා නිර්මාණ තුළ සරවිඳින්නට ලැබෙන්නේ නැහැ. වර්තමානයේ වැඩිහිටි ගීතය මෙන්ම ළමා ගීතයද පරිහානිය කරා ගමන් කරන ලක්ෂණ දක්නට ලැබෙනවා.
ක්‍රි.ව. 20වන ‍ශත වර්ශය මුල වකවානුවේ කුමාරතුංග මුනිදාස පඪිදු ඇරඹි හෙළ බස ව්‍යාප්‍රතිය නීසාද, දිනමිණ වැනි පුවත් පත් නිසාද සිංහල භාෂාවට නව ඡීවයක් ලැබුණි.

ඊ ළඟ ලිපිය පසුවට..
ඔයත් සිංහල ගැන හොඳට දන්නවානම්, ඔයාගේ නම උඩින් සඳහන් කරලා සිංහලෙන් පෝස්‍ටුවක් ලියා පහත ඊ-මේල් ලිපිනයට එවන්න. ඔබගේ ලිපිය පරීක්ෂා කර ඇඩ්මින්වරුන් විසින් එය පල කෙරේ.
info.rusiru@gmail.com

සිංහල නිවැරදි ව භාවිතා කර සිංහල ගගනත සරසමු.

Thursday, April 9, 2015

හෙළ හවුල සහ කවියෝ 1 (අපේ සිංහල අපෙන් මත්තට 3)


මින් පෙර පළ වූ ලිපි පහතින් බලන්න..
සිංහල භාෂාවේ අප විසින් වරද්දවන ලද තැන්...>>
වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට එක් වූ වචන..>>
කුමාරතුංග මුනිදාස මහතා
සිංහල බසට ආදරය කරන්නෝ සිංහල භාෂා ප්‍රේමියෝ ය. හෙළ හවුල ලෙස නම් කෙරෙන්නේ, එක දහස් නවසියය හතලිස් කාලයේ සිට සිංහල භාෂා සාහිත්‍යය විෂයෙහි ක්‍රියාත්මක වන්නට වූ සිංහල භාෂාවේදී හා සිංහල භාෂාප්‍රේමින්ගේ සංවිධානයකි. 1941 දී මෙය බිහි විය. සිංහල ජාතිය, භාෂාව, සාහිත්‍යය හා සාස්කෘතිය යන අංශවලින් ලබමින් සිටි පිරිහීම වටහා ගත් කුමාරතුංග මුනිදාසයාණෝ ඒවායේ සංරක්ෂණය අරභයා තමන්ගේ දායකත්වය කෙසේ විය යුතු දැයි විමසුවෝ ය. එය බීජයක් ලෙස දිස් ව ලබාගන්නා ඵලයෙන් බස ඇසුරින් සිංහල ජාතියත්, ජාතිය ඇසුරින් දෙශයත් සුරක්ෂිත කළ හැකි බැව් දුට හ.

ඊට පෙර මහා බලයක් සේ වැඩුණු ලක්මිණි පහන පුවත්පත, මේ වන විට ප්‍රකාශනය නැවතී තිබූ බැවින් කුමාරතුංගයෝ පෙර නො පසුබටන අරමුණින් එය ආරම්භ කළෝ ය. ඉන් පසු අවදියේ සුබස නමින් සඟරාවක් ද පටන් ගත් හ. ඔහුගේ මෙම ක්‍රියා ආවලිය නව ජවයක් සේ ලෝකයාට දිස් වූ බැවින් 1941 දී හෙළ හවුල සංවිධානය මොහුගේ මූලිකත්වයෙන් බිහි වෙයි. හෙළ හවුලේ බොහෝ අය සිංහලයට අමතර ව පාලි හා සංස්කෘත භාෂා මැනවින් හදාළ පිරිසක් වූහ. මේ පිරිසෙන් කාව්‍යකරණයට බට කිහිපදෙනා හෙළ කවුලේ කවියෝ වූහ.

හෙළ හවුලේ කවියෝ පිළිබඳ ව පසුවට..
මූලාශ්‍ර- 10-11 ශ්‍රේණි, සිංහල සාහිත්‍ය සංග්‍රහය විචාරය 2 -රත්න කොඩිකාර

ඔයත් සිංහල ගැන හොඳට දන්නවානම්, ඔයාගේ නම උඩින් සඳහන් කරලා සිංහලෙන් පෝස්‍ටුවක් ලියා පහත ඊ-මේල් ලිපිනයට එවන්න. ඔබගේ ලිපිය පරීක්ෂා කර ඇඩ්මින්වරුන් විසින් එය පල කෙරේ.
info.rusiru@gmail.com

සිංහල නිවැරදි ව භාවිතා කර සිංහල ගගනත සරසමු.



Wednesday, April 8, 2015

වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට එක් වූ වචන.. (අපේ සිංහල- අපෙන් මත්තට 2 )


මින් පෙර අප දැක් වූ සිංහල භාෂාවේ අප විසින් වරද්දවන ලද තැන් ලිපිය මෙතනින් බලන්න.

දැන් සිංහල යනු මිශ්‍ර භාෂාව කි. බටහිරකරණය හා නවීකරණය ඔස්සේ සිංහල බස ද දැන් නවමු තාලයකට හැඩ ගැසී ඇත. අද ටෙක්නෝ ලංකා- අපේ සිංහල අපෙන් මත්තටහි  අපි සිංහල බසට එක් වූ වෙනත් භාෂාවල වචන ගැන සාකච්ඡා කරන්නෙමු.


එස් යන ශබ්දවලින් ඇරඹි පද සිංහලයාගේ භාවිතයට පැමිනියේ ඉස් යන ශබ්දයෙනි. එ බැවින් එස්කෝලා යන පදය ඉස්කෝලේ ලෙස ද, එස්පාසෝ යන පදය ඉස්පාසුව ලෙස ද විය.


පරංගි එෆ් ශබ්දය සිංහලයට ප හඬින් එක්විය. පාං යන පදය ද පරංගි පදයකි. එසේ ම පරංගි බසින් සිංහලයට එක්වූ පෝරකේ, පෝරමේ, පෝරනුව, ගෑරුප්පුව හා අල්පෙනෙත්ත යන පද fora, forma, forno, garfo, alfinete යන පදවලින් බිඳී ආ පද යි.


සමහර වචනවල විවිධ ශබ්දවලට ඊට පර ව යෙදි ව්‍යංජනයක් යෙදිණි. අර්මසාංඕ, කුර්තෝ, ගර්පෝ, ෆෝර්කා, ලන්තෙර්නො, ෆෝර්නො වැනි පද ද අරුමෝසං, කුරුත්තු, ගෑරුප්පු, පෝරකේ, ලන්තැරුම, පෝරණුව යන පදවලින් සිංහලයට එක්විය.



ව්‍යංජනයකට පර ව ර් යෙදීමෙන් සෑදුණු පද ද මේ රීතියෙන් ම සිංහලයට හැඩ් ගැසිණි. මෝස්ත්‍ර, මෝස්තර විය. ලීස්ත්‍ර, ලීස්තර විය. ක්‍රාවො, කරාබු විය. කෲස්, කුරුසිය විය. ලාක්‍රෙ, ප්‍රථමයෙන් ම ලාකිරි බවට ද පසුව ලාකඩ බවට ද පෙරලිණි. ග්‍රාදේ, ගරාදි විය. වීද්‍රො, වීදුරු විය. විනාග්‍රෙ, විනාකිරි බවට ද පත් විය.

කලිසම යන්න සිංහලයට ආවේ කල්සාංඕ යන්නෙනි. පරංගි අල්ගෝස්, අලුගෝසු යනුවෙන් ද, අල්කොවිතෙයිරෝ, අලුකුත්තේරු යනුවෙන් ද සිංහලයට එක් විය. අලුගෝසුවා නිසා වධකයා වඳ විය. අලුකුත්තේරුවා යනු වෛශ්‍යාවන් වෙතට මිනිසුන් කැඳවා ගෙන යන්නා ය.


සමහරක් පද ඒවා ඇති ආකාරය අනුව විදෙස් පද යැයි නො සිතේ. නික්කාංසු යන්න පරංගි දිස්කාන්සු යන පදයෙන් ද, සිකුරුයි යන පදය පරංගි සිගුරො යන පදයෙන් ද ආ බව බොහෝ දෙනා නො දනිති. ගොරෝසු යන්න ග්‍රොස්සො යන පදයෙන් පැමිණියකි. විමසුමට කරුණ නම් පරංගි යන පදය ද සිංහලට එක්වූයේ ෆෙරිංගි යන හින්දි පදයෙන් බව යි.


මේ අයුරින් දවත් බොහෝ පද සොයා ගහ හැකි ය.


ඉදින් "ඉස්කෝලේ" පස් පාගා, සිංහල "මෝස්තරේ" උගෙන, "පෝරකේට" නො යා "නික්කාංසුවේ" දිවි ගමන තරණය කරන්නට අපි අදිටන් කර ගමු.


කමෙන්‍ටුවක් ලැබුනොත් හොඳා කියලා හිතෙනවා....

අදට එහෙමනම් යන්නම්..

ඔයත් සිංහල ගැන හොඳට දන්නවානම්, ඔයාගේ නම උඩින් සඳහන් කරලා සිංහලෙන් පෝස්‍ටුවක් ලියා පහත ඊ-මේල් ලිපිනයට එවන්න. ඔබගේ ලිපිය පරීක්ෂා කර ඇඩ්මින්වරුන් විසින් එය පල කෙරේ.
info.rusiru@gmail.com

සිංහල නිවැරදි ව භාවිතා කර සිංහල ගගනත සරසමු.


මූලාශ්‍ර- හඬ වටා පද රටා-ජේ. බී. දිසානායක

Thursday, April 2, 2015

සිංහල භාෂාවේ අප විසින් වරද්දවන ලද තැන්...(අපේ සිංහල-අපෙන් මත්තට)


සිංහල වූ කලී ලෝකයේ ඇති අද්භූත භාෂාවන්ගෙන් දෙ වන ස්ථානය ලබා ඇති සිංහලයාගේ භාෂාව යි. අතීත්යේ පටන් සිංහලයාගේ දියුණුව මෙම සිංහල බස හරහා මොනවට පිළිබිඹු වේ. සිංහලයා යනු, ගසක් නම් එහි පැවැත්ම ස්ථිර කරන පතංගාලෝකය සිංහල බසයි. පතංග යනු සූර්යයා යි. මෙසේ සිංහල බසින් ගලපා ගත් විට කුණුහරපයක් පවා රසවත් වන බව අතීත වියත්හු පැවසුවෝ ය. එ බැවින් සිංහල බස නිරවද්‍යය ලෙස භාවිතා කළ යුතු ය. 


සිදත් සඟරා පෙළ හා භාවය ලියූ පුවසති අලගියවන්න තුමා පවසන්නේ උසස් යැයි සැළකෙන ඉංග්‍රීසි බසට තවමත් අංග සම්පූර්ණ හෝඩියක් නැති බව යි. නමුත් සිංහල සංස්කෘතිය ‍රැක ගනිල්ලා යැයි පවසන ඇතැම් කළු සුද්දන්ගෙන් මේ සිංහල බස පිරිහී ඇත.


'කිත් තබා දහදිය පුදා රත් රුහිරුයෙන් දෙරණත හොවා
සද මනුන් ලක් මව ‍රැකූ නිදහස් දජය ගුවනත නගා
වසගත්තුවේ වූ සතයකුත් දෙරණට නො දී බඩ සා ‍රැකූ
නොවද දේ ඒ නො විය අවියක් කපන්නට නිදහස දිනූ'


අපි නිදහස ලබා ඇත්තේ නමට පමණි. සිංහල සංස්කෘතිය තවමත් යුද්ධයේ ය. එය ‍රැකගැනීමට අවි දරන්නෝ අල්ප වේ.


සිංහල භාෂාව සංකීර්ණ භාෂාවක් බැවින් එය භාවිතයේ දී බොහෝ ගැටලු මතු වේ. ඒවායින් ප්‍රධාන ගැටලු හා භාෂා අවභාවිතයන් පහත දක්වා ඇත.



නිපාත වෙන් නො කිරීම
නිපාත යනු අව්‍යය පද විශේෂය කි. එ නම් වෙනස් නො වන පද විශේෂය කි. මේවායින් උපසර්ග පදයක් හා එක් ව තිබේ. 


උපසර්ග-

ශුද්ධ සිංහල-
ප, පර, අව, ස, අනු, නි, දු, වි, අ, අදි, සු, උ, අබි, පිරි, උප, අප, පස්, පිළි, අති, පි
මිශ්‍ර සිංහල-
ප, පරා, අප, සං, අනු, අව, නිශ්, දුශ්, වි, ආ, නි, අධි, අපි, අති, සු, උද්, අභි, ප්‍රති, පරි, උප



උදාහරණ- විසර්ගය, පිළිමල්, පරසතු, අවමානය, උපනායක.

නමුත් නිපාත පදයක් හා සංයුක්ත ව නො ලිය වේ.
නිපාත බොහෝමයකි. ඒවා වෙන් කර ලිවිය යුතු ය.
උදාහරණ-
අම්මා ගමට ද ගියා ය.(මෙහි ද හා ය යනු නිපාත වේ)
කර්මානුරූපී ව(මෙහි ව නිපාතයකි)

එ බැවින් නිපාත වෙන් කිරීම සුභාෂාවකින් යමක් අලංකෘත කිරීමට වැදගත් වේ.


පසරුත් නම් වෙන් කර ලිවීම

පසරුත් හෙවත් ප්‍රත්‍යාර්ථ නාම දෙ කොටසකි. එ නම් තද්දිත හා කෘදන්ත යනුවෙනි. මේවාට අයත් ප්‍රත්‍යය බොහෝමයකි. ඒවා ප්‍රකෘතිය හා සංයුක්ත කොට ලිය වේ.

තද්දිත ප්‍රත්‍ය-
ශුද්ධ සිංහල- ඉ, මුවා, මය, වත්, මත්, තර, තම, ඉති, අටි, අ‍ටු, අස්, අත්, බ, තා, ආන, අනු, අනි, එක්, අක්, අ, අළ, ආ, උ, උතු
මිශ්‍ර සිංහල-වන්ත, ශීලි, ගාමි, බඩ, තන, ඉක, ඊය, ඉෂ්ට ත්ව

කෘදන්ත ප්‍රත්‍ය-
න නු නා
උ ඌ ඉ ඊ
එන එනු එනා
උණ උණු
උම් ඊම් ඉළි මන්
අන්නේ අන්නා අන්නී අන්නෝ


ප්‍රත්‍යාර්ථ නාම අවභාවිතය

වත්, මත් යන තද්දිත ප්‍රත්‍යය දෙක ම සහිත වූයේ යන අර්ථයෙන් යෙදේ. නමුත් මත් ප්‍රත්‍යය යෙදිය හැක්කේ නාම ප්‍රකෘතියේ අග අකුරේ ඇති ස්වරය ඉ, ඊ, උ, ඌ නම් පමණි.
උදාහරණ- ශ්‍රී+මත්=ශ්‍රීමත්
රූ+මත්=රූමත්

එ බැවින් නිවැරදි වහර ආලෝකවත්, ආදර්ශවත්, ප්‍රබෝදවත් යන ඒවා ය.


එ මෙන් ම ඉක ප්‍රත්‍යය යෙදීමේ දී නාම ප්‍රකෘතිය වෙනස්කමකට භාජනය වේ. ස්වරය දීර්ඝ වේ.

උදාහරණ- සංසාර+ඉක=සාංසාරික.
අධ්‍යාපන+ඉක=ආධ්‍යාපනික

මේ අයුරින් තව බොහෝ සිංහල භාවිතයේ වැරදි සොයා ගත හැක. ඒවා පසුවට ම විසින් මෙම බ්ලොගයේ ප්‍රදර්ශනය කෙරේ. සිංහල නිවැරදි ව භාවිතා කර සිංහල ගගනත සරසමු.

Saturday, March 28, 2015

පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකො‍ටුවකි

මුලින්ම කියන්න ඔන මෙක සම්පුර්නයෙන්ම උපුටා  ගැනිමක්.වර්ජීනියා හි පිහිටා ඇති "පෙන්ගටන්" යනු ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානයයි. ලෝකයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූද, ලෝකයේ අධි ආරක්ෂිත ගොඩනැගිල්ල වූද මෙම පෙන්ටගන් ගැන මා මේ කීමට යන දෙය ඔබ බොහෝ විට විශ්වාස නොකරාවි. නමුත් "සත්‍යය", අපගේ පරිකල්පනයේ සීමා මායිම් වලින් ඔබ්බේ සිට ඔච්චම් කරමින් අප දෙස බලා සිටී.


                                                        මෙ web එකෙ උපුටාගැනිම් තහනම් උනත් මට මෙක දාන්න ඕනමයි කියල හිතුන .මෙලිපිය දාපුකෙනාට ගරුකිරිමක් විදිහට  මතනින් බලන්න. මෙම බ්ලොගයේ ඇතිදෙහි සත්‍ය අසත්‍ය තාවගැන  වගනොකියනු ලැබේ ,

Thursday, March 19, 2015

නො මිලයේ දෙන ලෝකයේ හොඳ ම Video Converters

Five Best Video Converters
මේ දවස්වල අලුතින් මොනවත් පෝස්ට් දාන්න බැරිවුනා. මීඩියා ඩේ එකේ වීඩියෝස් වගයක් හදන්න වෙච්ච නිසා. ඒ හදපු වීඩියෝස් පල්ලෙහායින් බලන්න.
ඔන්න දැන් ඉතින් වැඩේට බහිමු. අද මම කියන්න යන්නේ ලෝකයේ හොඳ ම වීඩියෝ කන්වර්ටර්ස් මොනවද කියලා. මුලින්ම මම අද කියන්න යන VC වලට ලැබිලා තියෙන වෝට්ස් බලන්න. ඔයාට හොදයි කියලා හිතෙන එක බාගන්න.
 
 
 
 
 
 
 
 
 
 


මම පාවිච්චි කරන්නෙ ‍ෆ්‍රීමේක් එක තමා. අනිත් ඒවා ගැන දැන් බලමු.

අපිට VC මක්කටැයි
ගොඩක් වෙලාවට අපි ටීවී එකෙන් වීඩියෝස් එහෙම බලන්න ඕන උනාම අපිට වීඩියෝස් ටීවී එකේ ප්ලේ වෙන ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයා වීඩියෝ එඩිටර් කෙනෙක්නම් එඩිටරයට සපොර්ට් කරන්නැති වීඩියෝස් කන්වර්ට් කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයා ලඟ තියෙන වීඩියෝ එක පොඩි සයිස් එකකට දාගන්නත් මේවා ඕන වෙනවා.

1.MPEG Streamclip (Windows/OS X)

Five Best Video Converters
මේක බලසම්පන්න වීඩියෝ ප්ලේයර් එකක්, එඩිටරයක් වගේ ම කන්වර්ටර් එකකුත් වෙනවා. මැක්වලට යි වින්වලටයි වැඩ. ගොඩක් ෆෝමැට්ස්වලට කන්වර්ට් කරන්න පුලුවන්.
2.Format Factory (Windows)
Five Best Video Converters
මේකත් හොඳ වීඩියෝ කන්වර්ටර් එකක්. මේඩෙන් වීඩියෝස් ඩීවීවලට උනත් කන්වර්ට් කරන්න පුලුවන්.
3.Handbrake (Windows/OS X/Linux)
Five Best Video Converters
වෝට්ස් අනුව හොදම එක මේක තමා.

4.Freemake Video Converter (Windows)

Five Best Video Converters

5.SUPER (Windows)

Five Best Video Converters

එහෙනම් අදට ගිහින් එන්නම්. කමෙන්ට් එකක්වත් දාලා අපිව දිරිමත් කරන්න.