Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts

Tuesday, April 14, 2015

DVD write කරන්න , ලස්සන menu හදන්න මෙන්න සුපිරිම software එකක්.

අද මම ඔයාලට ගෙනාවේ නියමෙට DVD write කරන්න පුලුවන් software එකක්. මේකෙ නම තමයි DVD Styler. මේකෙ තිබෙන විශේෂත්වය තමයි පට්ට විදියට menu හදන්න පුලුවන් වීම. අනික අපි අතරේ ජනප්‍රිය software  , ලොකු mega byte ගානකුත් වෙනවනෙ. මේක 28 MB වගේ තමයි වෙන්නේ. බලන්න මේ software එකේ screen shots කීපයක්. 



-

mac os , windows එක්කත් හරි හරියට වැඩ කරන මේ DVD styler එකේ තවත් විශේෂත්වයක් තමයි MP4 , 3GP , WMV , FLV , AVI , MPG , VOB වගේ ඕනම වර්ගයේ video එකක් write කරන්න පුලුවන් වීම. 

එහෙනම් වැඩි කථා නැතිව මෙන්න මෙතනින් ගිහිල්ලම බාගන්නකෝ. 

එහෙනම් thank you !!!  comment එකකුත් දාගෙනම යන්න. 






Sunday, April 12, 2015

recovery කරන්න බැරිවෙන්න delete කරන්න

ඔයාල දන්නවනෙ delete කරපුව ආයිත ගන්න පුලවන් software තියනව කියල  undelete plus(ඔනනන් මෙතනින් ගන්න)  වගෙ එව .එවගෙන් වත්  recovery කරන්න බැරිවෙන්න   delete  කරන්න පුලුවන්  software එකක් තමයි File Shredder කියන්නෙ . මෙතනින් බාගන්න .                                                                                                                                         
මගෙ වෙනත් ලිපි 

Bing Wallpaper එක හැමදාම Desktop එකට ගෙන්න ගන්න කැමතිද?



ඔයාලා දන්නව ඇතිනෙ Bing සයිට් එකේ තියෙන Image එක හැමදාම මාරු වෙනවා කියල. මේකට වැටෙන හැම පින්තූරයක්ම ගොඩක් ලස්සනයි. මෙතනින් ගියොත් අද එක බලාගන්න පුලුවන්. 

මේ තියෙන්නෙ ඒ වගේ වැටිලා තිබිච්ච ඒව ටිකක්.




කොහොමද , ගති නේ?
කොහොමද Bing එකට වැටෙන Image එක අපේ Desktop Wallpaper එක විදිහට දාගන්න තිබ්බනම්. නියමයි නේ. අනික හැමදාම මේක මාරු වෙන නිසා විවිධත්වයකුත් ඇති වෙනවා. මේකට පොඩි software කෑල්ලක් ඕන වෙනවා. මේක Bing එකෙන්මයි දෙන්නෙ. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. මෙන්න එහෙනම් ගන්න. 


ඕක ඉන්ස්ටෝල් කරල ඉවර උනාම ඕපන් කරල පල්ලෙහ තියෙන විදිහට 1 , 2 පියවරවල් කරන්න. ඔය සොෆ්ට්වෙයාර් එක දවසෙම දාගෙන ඉන්න ඕනෙ නෑ. (ඕනනම් දාගෙන ඉන්න :3 ) හවසට වගේ එක පාරක් ඕපන් කරල ටිකක් වෙලා තියන්න. එතකොට wallpaper එක මාරු වෙයි. ඊට පස්සෙ ක්ලෝස් කරල දාන්න.



එහෙනම් ආයිත් තව පෝස්ට් එකකින් හම්බෙමු. මගේ අනිත් පෝස්ට් මෙතනින් බලන්න.

Cam එකෙන් pdf හදමු ( only android)

 
ඔයාලට කරන්න තියෙන්නෙ මේ app එක බාගෙන ඔයාලට pdf එකක් විඩිහට හදා ගන්න ඔන කොලේ හරි book එක හරි මේ app එක පවිච්චි කරල photo එකක් අරගන්න එක විතරයි .  මෙතනින්ගන්න.                       cam එක 5mp වත් ඔන 

Friday, April 10, 2015

සුපිරි සිංහල ෆොන්ට්ස් සෙට් එකක් බාගන්න...


ගොඩක් අය සිංහල ෆොන්ට්ස් පාවිච්චි කොරලා වැඩ කෑලි දාන්න කැමතියි.. ඒත් සින්හල ෆොන්ට්ස් ඕනකරන හැඩයෙන් හොයා ගන්න එක අමාරුයිනේ... ඔන්න ඒක නිසා මම අද සින්හල ෆොන්ට්ස් තොගයක්ම ගෙනාවා... 
මේවා තිබ්බේ http://www.sindusinhala.com/ සයිට් එකේ.. ඒකට යන්න මෙතන ක්ලික් කරන්න.. කතා ඕන නෑ බාගන්න ඕන ෆොන්ට් එක උඩ ක්ලික් කරන්න.. ඩවුන් වේවී....


( PS:- පොඩි අවුලක් නිසා වෙන පේජ් එකකට දාන්න උනා. මෙතනින් යන්න :- http://techno-lanka.blogspot.com/p/sinhala-fonts.html


speed copy කරන්න අවශ්‍ය අයට වටින software එකක් මෙන්න

අද මම ඔයාලට ගෙනාවේ speed copy කරන්න පුලුවන්හොඳම software එක.
ඒකෙ නම තමයි ultra copier. 
 බලන්න screen shots කීපයක් .


ඉතින් , මේ software එකේවිශේෂත්වය තමයි copy වෙන speed එක අපිට පාලනය කල හෙකි වීම. අනිත් වාසිය තමයි අපි එක වාරයක් copy කරපු දෙයක් නැවත copy වෙනවනම් ඒක අපිට වහාමදැනුම් දීම. ඊට පස්සෙ අපිට ඒක overwrite කරල දාන්න පුලුවන්.  තවත් වාසියක් තමයි අපි copy කර කර ඉන්නකොට විදුලිය විසන්ධි වුනොත් ඒ copy වෙච්ච් ප්‍රමානය නැවත copy කරන්න ඕන නෑ. hard drives , CD rom s , windows, linux , mac ඕන එකකට වෙඩි වගේ වැඩ. දාගෙනම බලන්නකෝ 
මෙතනින්  ගිහින් බාගන්න.  6 MB වගේ තමයි වෙන්නෙ.
thank you !!!!

Thursday, April 9, 2015

අපි ලඟ තියෙන හැම software එකකටම product keys ,serials ගන්න හොදම sites මෙන්න



අපිට software එකක් free download කලාම තියෙන ලොකුම අවුල තමා ඒකෙ license එක දවස් 2ක 3න කින් expire වෙන එක.ඒකට හොඳම විසඳුම තමා මේ.ලෝකයේ තියෙන දහස් ගානක් software වලට අවශ්‍ය වන product keys , serials මේ sites  වල තියෙනව. අනික හැම  serials  ම වැඩ කරන්නෙත් නෑ නෙ. ඒවා software එකට අතුලත් කලාම සමහර වෙලාවට software එක වැඩ  නොකර යනව. එතකොට ඉතින් අමුතුවෙන් install කරන්නත් වෙන අවස්ථා එනවනෙ. තවත් විටෙක විනාඩි 2 , 3 කින් download කරන ඒ software එක activate කරගන්න නොදන්නා අය පැය ගනන් අමාරුවෙ වැටෙනව. මම මේ කියන sites වල තියෙන product keys , serials , activation keys කොච්චර දුරකට වැඩ කරනවඩ කියලත් ඔයාලටනිශ්චිතව දැනගන්නත් පුලුවන්. එහෙනම් ගිහින්ම බලන්න. 
මෙතනින්  හා  මෙතනින්   


comment එකකුත් දාන්න. මේ මම first time දාපු post එක.  

THANK YOU  !!!!!!!!!

Saturday, March 28, 2015

ඔබ දැනගතයුතුම පරිගණක කෙටි මං....



පරිගණකයක කටයුතු වඩා ඉක්මනින් හා පහසුවෙන් කර ගැනීමට පරිගනඛ කීබෝඩයේ කෙටි මං උදවු වේ. නිතර භාවිතා කිරීමට උවමනාවන කෙටි මං කිහිපයක් පහත දැක්වේ. 
F1
උදවු ලබාගැනීමට වූ වින්ඩෝව
F2
සිලෙක්ට් කර ඇති ෆයිල්ස් නම්කිරීම(Rename)
F3
ෆයිල් එකක් හෝ ෆෝල්ඩර් එකක් සෙවීම
Ctrl + A
සොයලුම දෑ සිලෙක්ට් කිරීම
Ctrl + C
‍තෝරාගත් දේ පිටපත්(Copy) කිරීම
Ctrl + D
වෙබ්පි‍ටුවක් Favourites ඇතුලත් කර ගැනීම
Ctrl + J
Download Manager open කර ගැනීම
Ctrl + L
ඇඩ්‍රස් බාර් එකේ ඇති වචන වාක්‍ය හෝ ලින්කු Highlight කිරීම 
Ctrl + V
පේස්ට් කිරීම
Ctrl + X
කට් කිරීම
Ctrl + Z
කල දෙයක් අන්ඩු කිරීම
Ctrl + Y
රීඩු කිරීම
Ctrl + P
මුද්‍රනය කිරීම
Ctrl + Esc
ස්ටාර්ට් මෙනුව විවුර්ත කිර ගැනීම
Ctrl + Right arrow
පරිගණක ඊතලය ඊලග වචනය මුලට ගෙනයාම
Ctrl + Left arrow
පරිගණක ඊතලය පෙර වචනය මුලට ගෙනයාම
Ctrl + Down arrow
පරිගණක ඊතලය ඊලග ඡේදයේ මුලට ගෙනයාම
Ctrl + Up arrow
පරිගණක ඊතලය පෙර ඡේදයේ මුලට ගෙනයාම
Ctrl + Shift + any arrow key
ඕනැම වචන පෙලක් සිලෙක්ට් කර ගැනීම
Ctrl + Mouse scroll wheel
අයිකන් වල ප්‍රමානය වෙනස් කිරීම
Ctrl + Alt + Tab
ඕපන් කර ඇති ඒවා මාරු කිරීමට

Friday, March 27, 2015

Top 10 applications for Smart Phone Users in Sri Lanka..(ලංකාවේ Smart Phonesවලට හොඳ ම applications 10ය..)

ශීඝ්‍රයෙන් දියුණුව කරා ඇදෙන Smartphone වෙළඳපොළ සහ නව තාක්‍ෂණය සමග හොඳින් අත්වැල් බැඳගත් වෙළඳපොළක් ශ්‍රී ලාංකිකයන් අතර බිහිව තිබෙනවා. දැනට දුරකථන අලෙවියෙන් 15.8%ක් ම Smart දුරකථන ‍වෙනවා. එය සංඛ්‍යාත්මකව අඩු අගයක් නමුත් මේවා සඳහා වූ නැඹුරුතාව වැඩි බව; පුළුල්ව ඉහළ යන දුරකථන සේවාලාභීන් සංඛ්‍යාව සහ දුරකථනය හරහා අන්තර්ජාල භාවිතා කරන්නන් සංඛ්‍යාව 2013 වසරේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ පමණක් මිලියන 1 ඉක්වවාලීම (ශ්‍රී ලංකා දුරකථන නියාමන කොමිෂන් සභාව) පෙන්වා දෙනවා. මේ ධනාත්මක ආකල්පය මෘදුකාංග සංවර්ධකයන්ට නිර්මාණාත්මක මෘදුකාංග (apps) නිපැයීමට අනුබල දෙනවා. පහතින් අප ගෙන එන්නේ Smartphone භාවිතා කරන්නන්ට වැදගත් විය හැකි හොඳම apps 10ක්.


10. ශ්‍රී ලංකා ජංගම දුරකථන ද්වාරය (Sri Lanka Mobile Portal App)
මේ මෘදුකාංගය ශ්‍රී ලංකා රජය, තොරතුරු තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) හරහා සංවර්ධනය කරන ලද්දක්. මෙය බොහෝ අමාත්‍යාංශ, රාජ්‍යායතන සහ දෙපාර්තමේන්තු සම්බන්ධ කරගැනීමට අවශ්‍ය සවිස්තර තොරතුරු ලබා දෙන හොඳ නිපැයුමක්. Google Play හරහා එය මෙතනින් බාගත හැකියි.
9. නිල් මහ සටන සජීවීව (Battle of the Blues Live)
මේ නිල් පැහැති මෘදුකාංගය ඔබට ලොව දෙවැනියට දීර්ඝතම ක්‍රිකට් මහා තරගය වන නිල් මහ සටනෙහි සජීවී ලකුණු පුවරුව, විස්තර විචාරය සහ විශේෂ අවස්ථා සහිත වීඩියෝ සහ Twitter පෝෂකයක් අඩංගු වෙනවා. මෙතනින් බාගන්න.

8. තාල (Thaala)
නීත්‍යානුකූලව සංගීත ශ්‍රවණය කළ හැක්කක් ලෙසට මේ මෘදුකාංගයට හොඳ ඉල්ලුමක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. මෙතනින් ඔබ කැමතිම දේශීය ගීත අසන්නට, නව ගීත සොයාගන්නට සහ ඔබේ ම ගීත ලැයිස්තුවක් සාදාගන්න.
7. Road.lk
මේ වටිනා මෘදුකාංගය ඔබට පහසුවෙන් ගමන් කිරීම සඳහා මාර්ග තදබද පිළිබඳ විස්තර ලබා දෙනවා. ඒ වගේ ම ඔබට ඔබේ යහළුවන්ටත් ඉඟි/නවතම විස්තර ලබාදෙන්න පුළුවන් මෙතැනින්.

6. MobiTV
ඔබේ ප්‍රියතම දේශීය රූපවාහිනී වැඩසටහන් නොමිලේ දුරකථනය හරහා නැරඹීමට මේ මෘදුකාංගය අවස්ථාව සලසනවා. ITN, හිරු TV, සිරසTV ආදී වූ පුළුල් පරාසයකින් යුත් නාලිකා රැසක් මෙහි අඩංගුයි. ඔබට එය මෙතැනින් බාගත හැකියි.

5. ශ්‍රී ලංකා විදුලි බිල්පත (Electricity Bill Sri Lanka)
නමෙන් කියැවෙන විධියට ම මේ මෘදුකාංගය ඔබේ විදුලි බිල ලංකා විදුලි බල මණ්ඩලයේ සම්මත මිනුම් අනුව ගණනය කොට දෙනවා. මෙම ගණනය කිරීම් පැරණි, යෝජිත සහ සම්මත ගාස්තු ලේඛණයන් අනුව සිදු කරගත හැකියි. මෙතනින් බාගන්න.
4. ලංකා හැඳුනුම්පත් විස්තර (Lanka ID Card Info)
මෙම මෘදුකාංගය ජාතික හැඳුනුම්පත් අංකය අනුව ඕනෑම කෙනෙකුගේ පෞද්ගලික අනන්‍යතාව පෙන්වනවා. එය උපන්දිනය, ස්ත්‍රී/පුරුෂ භාවය, විවාහ පිළිබඳ විස්තර සහ හැඳුනුම්පත්ධාරියාගේ වයස බලාගත හැකියි. මෙතනින් බාගත හැකියි.
3. BigBon
මේ අගනා මෘදුකාංගය ඔබේ නගරයේ ප්‍රියතම වෙළඳ නියෝජිතයන්ගේ හා ආපනශාලාවල වට්ටම් හා දීමනා පිළිබඳ බලා ගැනීමට අවස්ථාව සලසනවා. මින් ඔබට අවශ්‍ය පරිදි ප්‍රවර්ග (categories) අනුව ආහාර, ඇඳුම් පැළඳුම් ආදිය සොයාගත හැකියි. මා වෙනුවෙන් මෙතන ක්ලික් කරන්න.

2. Kaymu.lk
මේ තමයි සාප්පු සවාරි යන අයට හරියන හොඳ ම මෘදුකාංගය. පුළුල් පරාසයකින් යුත් භාණ්ඩ ගැණුම් හා විකුණුම් සඳහා තෝතැන්නක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. ඔබේ ප්‍රියතම විලාසිතාවෙන් යුත් ඇඳුම් හෝ ආභරණ Kaymu ලබාගන්න හෝ ඔබ සතු යමක් විකුණලා පොඩි ගාණක් අතට ගන්න.

1.    Aviary වෙතින් ඡායාරූප සංස්කාරකයක් (Photo Editor)

මේ අගනා මෘදුකාංගය ඔබේ ඡායාරූප හිත රැඳෙන ලෙසින් හා යහළුවන් හා බෙදාහදා ගත හැකි ලෙසින් සකසා දෙනවා. මෙහි ඇති වෘත්තිමය සංස්කාරක උපාංග ඔබේ ඡායාරූප වඩාත් සිත් ගන්නා සුළු ඒවා බවට පත් කරාවි.