Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts

Friday, March 27, 2015

Top 10 applications for Smart Phone Users in Sri Lanka..(ලංකාවේ Smart Phonesවලට හොඳ ම applications 10ය..)

ශීඝ්‍රයෙන් දියුණුව කරා ඇදෙන Smartphone වෙළඳපොළ සහ නව තාක්‍ෂණය සමග හොඳින් අත්වැල් බැඳගත් වෙළඳපොළක් ශ්‍රී ලාංකිකයන් අතර බිහිව තිබෙනවා. දැනට දුරකථන අලෙවියෙන් 15.8%ක් ම Smart දුරකථන ‍වෙනවා. එය සංඛ්‍යාත්මකව අඩු අගයක් නමුත් මේවා සඳහා වූ නැඹුරුතාව වැඩි බව; පුළුල්ව ඉහළ යන දුරකථන සේවාලාභීන් සංඛ්‍යාව සහ දුරකථනය හරහා අන්තර්ජාල භාවිතා කරන්නන් සංඛ්‍යාව 2013 වසරේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ පමණක් මිලියන 1 ඉක්වවාලීම (ශ්‍රී ලංකා දුරකථන නියාමන කොමිෂන් සභාව) පෙන්වා දෙනවා. මේ ධනාත්මක ආකල්පය මෘදුකාංග සංවර්ධකයන්ට නිර්මාණාත්මක මෘදුකාංග (apps) නිපැයීමට අනුබල දෙනවා. පහතින් අප ගෙන එන්නේ Smartphone භාවිතා කරන්නන්ට වැදගත් විය හැකි හොඳම apps 10ක්.


10. ශ්‍රී ලංකා ජංගම දුරකථන ද්වාරය (Sri Lanka Mobile Portal App)
මේ මෘදුකාංගය ශ්‍රී ලංකා රජය, තොරතුරු තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) හරහා සංවර්ධනය කරන ලද්දක්. මෙය බොහෝ අමාත්‍යාංශ, රාජ්‍යායතන සහ දෙපාර්තමේන්තු සම්බන්ධ කරගැනීමට අවශ්‍ය සවිස්තර තොරතුරු ලබා දෙන හොඳ නිපැයුමක්. Google Play හරහා එය මෙතනින් බාගත හැකියි.
9. නිල් මහ සටන සජීවීව (Battle of the Blues Live)
මේ නිල් පැහැති මෘදුකාංගය ඔබට ලොව දෙවැනියට දීර්ඝතම ක්‍රිකට් මහා තරගය වන නිල් මහ සටනෙහි සජීවී ලකුණු පුවරුව, විස්තර විචාරය සහ විශේෂ අවස්ථා සහිත වීඩියෝ සහ Twitter පෝෂකයක් අඩංගු වෙනවා. මෙතනින් බාගන්න.

8. තාල (Thaala)
නීත්‍යානුකූලව සංගීත ශ්‍රවණය කළ හැක්කක් ලෙසට මේ මෘදුකාංගයට හොඳ ඉල්ලුමක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. මෙතනින් ඔබ කැමතිම දේශීය ගීත අසන්නට, නව ගීත සොයාගන්නට සහ ඔබේ ම ගීත ලැයිස්තුවක් සාදාගන්න.
7. Road.lk
මේ වටිනා මෘදුකාංගය ඔබට පහසුවෙන් ගමන් කිරීම සඳහා මාර්ග තදබද පිළිබඳ විස්තර ලබා දෙනවා. ඒ වගේ ම ඔබට ඔබේ යහළුවන්ටත් ඉඟි/නවතම විස්තර ලබාදෙන්න පුළුවන් මෙතැනින්.

6. MobiTV
ඔබේ ප්‍රියතම දේශීය රූපවාහිනී වැඩසටහන් නොමිලේ දුරකථනය හරහා නැරඹීමට මේ මෘදුකාංගය අවස්ථාව සලසනවා. ITN, හිරු TV, සිරසTV ආදී වූ පුළුල් පරාසයකින් යුත් නාලිකා රැසක් මෙහි අඩංගුයි. ඔබට එය මෙතැනින් බාගත හැකියි.

5. ශ්‍රී ලංකා විදුලි බිල්පත (Electricity Bill Sri Lanka)
නමෙන් කියැවෙන විධියට ම මේ මෘදුකාංගය ඔබේ විදුලි බිල ලංකා විදුලි බල මණ්ඩලයේ සම්මත මිනුම් අනුව ගණනය කොට දෙනවා. මෙම ගණනය කිරීම් පැරණි, යෝජිත සහ සම්මත ගාස්තු ලේඛණයන් අනුව සිදු කරගත හැකියි. මෙතනින් බාගන්න.
4. ලංකා හැඳුනුම්පත් විස්තර (Lanka ID Card Info)
මෙම මෘදුකාංගය ජාතික හැඳුනුම්පත් අංකය අනුව ඕනෑම කෙනෙකුගේ පෞද්ගලික අනන්‍යතාව පෙන්වනවා. එය උපන්දිනය, ස්ත්‍රී/පුරුෂ භාවය, විවාහ පිළිබඳ විස්තර සහ හැඳුනුම්පත්ධාරියාගේ වයස බලාගත හැකියි. මෙතනින් බාගත හැකියි.
3. BigBon
මේ අගනා මෘදුකාංගය ඔබේ නගරයේ ප්‍රියතම වෙළඳ නියෝජිතයන්ගේ හා ආපනශාලාවල වට්ටම් හා දීමනා පිළිබඳ බලා ගැනීමට අවස්ථාව සලසනවා. මින් ඔබට අවශ්‍ය පරිදි ප්‍රවර්ග (categories) අනුව ආහාර, ඇඳුම් පැළඳුම් ආදිය සොයාගත හැකියි. මා වෙනුවෙන් මෙතන ක්ලික් කරන්න.

2. Kaymu.lk
මේ තමයි සාප්පු සවාරි යන අයට හරියන හොඳ ම මෘදුකාංගය. පුළුල් පරාසයකින් යුත් භාණ්ඩ ගැණුම් හා විකුණුම් සඳහා තෝතැන්නක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. ඔබේ ප්‍රියතම විලාසිතාවෙන් යුත් ඇඳුම් හෝ ආභරණ Kaymu ලබාගන්න හෝ ඔබ සතු යමක් විකුණලා පොඩි ගාණක් අතට ගන්න.

1.    Aviary වෙතින් ඡායාරූප සංස්කාරකයක් (Photo Editor)

මේ අගනා මෘදුකාංගය ඔබේ ඡායාරූප හිත රැඳෙන ලෙසින් හා යහළුවන් හා බෙදාහදා ගත හැකි ලෙසින් සකසා දෙනවා. මෙහි ඇති වෘත්තිමය සංස්කාරක උපාංග ඔබේ ඡායාරූප වඩාත් සිත් ගන්නා සුළු ඒවා බවට පත් කරාවි.

Friday, March 13, 2015

Android phone safe mode on කරමු

ඔයාලට කරන්න තියෙන්නෙ power off
බොත්තම ඔබාගෙන ඉන්න විතරයි. එතකොට මෙවගෙ message එකක් වැටෙයි.ඒක ok කරන්න.
මේකෙ වාසිය තමයි මොකක් හරි  හේතුවක් හින්ද (නොගැලපෙන app) phone එක on උනත් restart වෙනව වගෙ අවුලකදි මේ විදියට on කලොත් phone එකෙ තිබ්බ data ටිකවත් backup කරගන්න පුලුවන්.

Wednesday, March 11, 2015

නොමිලේ Android app බාමු

මේකනම් හරිම ලෙසි වැඩක්.මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නෙ 1 mobile market.apk කියන app එක බාගන්න විතරයි .මෙන්න මෙ ලින්ක් එකෙන් බාගන්න>http://adf.ly/19V7p
QR code ඔන අයට මෙන්න.

MB>6          OS >Android