Showing posts with label Tech news. Show all posts
Showing posts with label Tech news. Show all posts

Friday, March 27, 2015

Top 10 applications for Smart Phone Users in Sri Lanka..(ලංකාවේ Smart Phonesවලට හොඳ ම applications 10ය..)

ශීඝ්‍රයෙන් දියුණුව කරා ඇදෙන Smartphone වෙළඳපොළ සහ නව තාක්‍ෂණය සමග හොඳින් අත්වැල් බැඳගත් වෙළඳපොළක් ශ්‍රී ලාංකිකයන් අතර බිහිව තිබෙනවා. දැනට දුරකථන අලෙවියෙන් 15.8%ක් ම Smart දුරකථන ‍වෙනවා. එය සංඛ්‍යාත්මකව අඩු අගයක් නමුත් මේවා සඳහා වූ නැඹුරුතාව වැඩි බව; පුළුල්ව ඉහළ යන දුරකථන සේවාලාභීන් සංඛ්‍යාව සහ දුරකථනය හරහා අන්තර්ජාල භාවිතා කරන්නන් සංඛ්‍යාව 2013 වසරේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ පමණක් මිලියන 1 ඉක්වවාලීම (ශ්‍රී ලංකා දුරකථන නියාමන කොමිෂන් සභාව) පෙන්වා දෙනවා. මේ ධනාත්මක ආකල්පය මෘදුකාංග සංවර්ධකයන්ට නිර්මාණාත්මක මෘදුකාංග (apps) නිපැයීමට අනුබල දෙනවා. පහතින් අප ගෙන එන්නේ Smartphone භාවිතා කරන්නන්ට වැදගත් විය හැකි හොඳම apps 10ක්.


10. ශ්‍රී ලංකා ජංගම දුරකථන ද්වාරය (Sri Lanka Mobile Portal App)
මේ මෘදුකාංගය ශ්‍රී ලංකා රජය, තොරතුරු තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) හරහා සංවර්ධනය කරන ලද්දක්. මෙය බොහෝ අමාත්‍යාංශ, රාජ්‍යායතන සහ දෙපාර්තමේන්තු සම්බන්ධ කරගැනීමට අවශ්‍ය සවිස්තර තොරතුරු ලබා දෙන හොඳ නිපැයුමක්. Google Play හරහා එය මෙතනින් බාගත හැකියි.
9. නිල් මහ සටන සජීවීව (Battle of the Blues Live)
මේ නිල් පැහැති මෘදුකාංගය ඔබට ලොව දෙවැනියට දීර්ඝතම ක්‍රිකට් මහා තරගය වන නිල් මහ සටනෙහි සජීවී ලකුණු පුවරුව, විස්තර විචාරය සහ විශේෂ අවස්ථා සහිත වීඩියෝ සහ Twitter පෝෂකයක් අඩංගු වෙනවා. මෙතනින් බාගන්න.

8. තාල (Thaala)
නීත්‍යානුකූලව සංගීත ශ්‍රවණය කළ හැක්කක් ලෙසට මේ මෘදුකාංගයට හොඳ ඉල්ලුමක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. මෙතනින් ඔබ කැමතිම දේශීය ගීත අසන්නට, නව ගීත සොයාගන්නට සහ ඔබේ ම ගීත ලැයිස්තුවක් සාදාගන්න.
7. Road.lk
මේ වටිනා මෘදුකාංගය ඔබට පහසුවෙන් ගමන් කිරීම සඳහා මාර්ග තදබද පිළිබඳ විස්තර ලබා දෙනවා. ඒ වගේ ම ඔබට ඔබේ යහළුවන්ටත් ඉඟි/නවතම විස්තර ලබාදෙන්න පුළුවන් මෙතැනින්.

6. MobiTV
ඔබේ ප්‍රියතම දේශීය රූපවාහිනී වැඩසටහන් නොමිලේ දුරකථනය හරහා නැරඹීමට මේ මෘදුකාංගය අවස්ථාව සලසනවා. ITN, හිරු TV, සිරසTV ආදී වූ පුළුල් පරාසයකින් යුත් නාලිකා රැසක් මෙහි අඩංගුයි. ඔබට එය මෙතැනින් බාගත හැකියි.

5. ශ්‍රී ලංකා විදුලි බිල්පත (Electricity Bill Sri Lanka)
නමෙන් කියැවෙන විධියට ම මේ මෘදුකාංගය ඔබේ විදුලි බිල ලංකා විදුලි බල මණ්ඩලයේ සම්මත මිනුම් අනුව ගණනය කොට දෙනවා. මෙම ගණනය කිරීම් පැරණි, යෝජිත සහ සම්මත ගාස්තු ලේඛණයන් අනුව සිදු කරගත හැකියි. මෙතනින් බාගන්න.
4. ලංකා හැඳුනුම්පත් විස්තර (Lanka ID Card Info)
මෙම මෘදුකාංගය ජාතික හැඳුනුම්පත් අංකය අනුව ඕනෑම කෙනෙකුගේ පෞද්ගලික අනන්‍යතාව පෙන්වනවා. එය උපන්දිනය, ස්ත්‍රී/පුරුෂ භාවය, විවාහ පිළිබඳ විස්තර සහ හැඳුනුම්පත්ධාරියාගේ වයස බලාගත හැකියි. මෙතනින් බාගත හැකියි.
3. BigBon
මේ අගනා මෘදුකාංගය ඔබේ නගරයේ ප්‍රියතම වෙළඳ නියෝජිතයන්ගේ හා ආපනශාලාවල වට්ටම් හා දීමනා පිළිබඳ බලා ගැනීමට අවස්ථාව සලසනවා. මින් ඔබට අවශ්‍ය පරිදි ප්‍රවර්ග (categories) අනුව ආහාර, ඇඳුම් පැළඳුම් ආදිය සොයාගත හැකියි. මා වෙනුවෙන් මෙතන ක්ලික් කරන්න.

2. Kaymu.lk
මේ තමයි සාප්පු සවාරි යන අයට හරියන හොඳ ම මෘදුකාංගය. පුළුල් පරාසයකින් යුත් භාණ්ඩ ගැණුම් හා විකුණුම් සඳහා තෝතැන්නක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. ඔබේ ප්‍රියතම විලාසිතාවෙන් යුත් ඇඳුම් හෝ ආභරණ Kaymu ලබාගන්න හෝ ඔබ සතු යමක් විකුණලා පොඩි ගාණක් අතට ගන්න.

1.    Aviary වෙතින් ඡායාරූප සංස්කාරකයක් (Photo Editor)

මේ අගනා මෘදුකාංගය ඔබේ ඡායාරූප හිත රැඳෙන ලෙසින් හා යහළුවන් හා බෙදාහදා ගත හැකි ලෙසින් සකසා දෙනවා. මෙහි ඇති වෘත්තිමය සංස්කාරක උපාංග ඔබේ ඡායාරූප වඩාත් සිත් ගන්නා සුළු ඒවා බවට පත් කරාවි.

Friday, March 20, 2015

YOUTUBE VIDEOS බාගන්න ලෝකයේ තියෙන හොඳ ම වෙබ්සයිට්ස්...

Download-youtube-videos
YOUTUBE VIDEOS බාගන්න දැන් හරිම ලේසියි. ලේසියි කියන්නේ අපිට ඔන්ලයින් ඉදගෙන ම වීඩියෝ එක කන්වර්ට් කරලා බාගන්න  පුලුවන්. පල්ලෙහා තියෙන්නේ හොඳ ම යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ්ර්ස්. හරි ම සරලයි මේවා ඔක්කොගෙම කරන්න තියෙන්නේ යූ ටියුබ් වීඩියෝ යූ ආර් එල් එක එතන තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ පේස්ට් කරන එක.


SaveFrom

saveform

මේ වෙබ් සයිට් එක්න් වීඩියෝස් බාන්න සයිට් එකට ම යන්න ඕනේ නෑ. ඔයා යූ ටියුබ් එකේ වීඩියෝ එකේ යූ ආර් එල් එකේ www.youtube.com/example කියන තැනේ .[තිත] හා යූ ටියුබ් එකේ y අකුරට කලින් ss කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න.

උදා-https://www.ssyoutube.com/watch?v=XPY5shjVXNs



ClipConverter

cc


KeepVid

sdfa

DownVids

downvids


CatchVideo

ctch vid



SaveVid

SaveVid



VideoGrabber

video grab
එහෙනම් අදට ගියා...

මගේ අනෙකුත් ලිපි මෙතනින් බලන්න..
http://techno-lanka.blogspot.com/search/label/Rusiru

Thursday, March 19, 2015

නො මිලයේ දෙන ලෝකයේ හොඳ ම Video Converters

Five Best Video Converters
මේ දවස්වල අලුතින් මොනවත් පෝස්ට් දාන්න බැරිවුනා. මීඩියා ඩේ එකේ වීඩියෝස් වගයක් හදන්න වෙච්ච නිසා. ඒ හදපු වීඩියෝස් පල්ලෙහායින් බලන්න.
ඔන්න දැන් ඉතින් වැඩේට බහිමු. අද මම කියන්න යන්නේ ලෝකයේ හොඳ ම වීඩියෝ කන්වර්ටර්ස් මොනවද කියලා. මුලින්ම මම අද කියන්න යන VC වලට ලැබිලා තියෙන වෝට්ස් බලන්න. ඔයාට හොදයි කියලා හිතෙන එක බාගන්න.
 
 
 
 
 
 
 
 
 
 


මම පාවිච්චි කරන්නෙ ‍ෆ්‍රීමේක් එක තමා. අනිත් ඒවා ගැන දැන් බලමු.

අපිට VC මක්කටැයි
ගොඩක් වෙලාවට අපි ටීවී එකෙන් වීඩියෝස් එහෙම බලන්න ඕන උනාම අපිට වීඩියෝස් ටීවී එකේ ප්ලේ වෙන ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයා වීඩියෝ එඩිටර් කෙනෙක්නම් එඩිටරයට සපොර්ට් කරන්නැති වීඩියෝස් කන්වර්ට් කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයා ලඟ තියෙන වීඩියෝ එක පොඩි සයිස් එකකට දාගන්නත් මේවා ඕන වෙනවා.

1.MPEG Streamclip (Windows/OS X)

Five Best Video Converters
මේක බලසම්පන්න වීඩියෝ ප්ලේයර් එකක්, එඩිටරයක් වගේ ම කන්වර්ටර් එකකුත් වෙනවා. මැක්වලට යි වින්වලටයි වැඩ. ගොඩක් ෆෝමැට්ස්වලට කන්වර්ට් කරන්න පුලුවන්.
2.Format Factory (Windows)
Five Best Video Converters
මේකත් හොඳ වීඩියෝ කන්වර්ටර් එකක්. මේඩෙන් වීඩියෝස් ඩීවීවලට උනත් කන්වර්ට් කරන්න පුලුවන්.
3.Handbrake (Windows/OS X/Linux)
Five Best Video Converters
වෝට්ස් අනුව හොදම එක මේක තමා.

4.Freemake Video Converter (Windows)

Five Best Video Converters

5.SUPER (Windows)

Five Best Video Converters

එහෙනම් අදට ගිහින් එන්නම්. කමෙන්ට් එකක්වත් දාලා අපිව දිරිමත් කරන්න.

Tuesday, March 17, 2015

Sri Lanka vs South Africa මැච් එක වෙනුවෙන් ගූගල් වෙනස් වෙයි



එක එක හේතු නිසා ගූගල් ආයතනය Google Search එකේ දිස්වෙන ලෝගෝ එක වෙනස් කරනවා කියල දන්නවනෙ.(Google Doodle) ඉතින් හෙට පැවැත්වෙන්න නියමිත තීරණාත්මක Sri Lanka vs South Africa මැච් එක වෙනුවෙනුත් ඔවුන් ඒක වෙනස් කරලා.මේ තියෙන්නෙ දැන් ගූගල් දිස්වෙන විදිහ.


ගූගල් එකට ගිහිල්ලම බලන්න මෙතන ක්ලික් කරන්න.

     මගේ අනිත් ලිපි මෙතනින් බලන්න

Sunday, March 15, 2015

ඔයාගේ pen 1ක unlimited gb pen 1ක් කර ගන්න



අද මම ගෙනාවේ අලුත්ම දෙයක්. හැම කෙනෙක් ගාවම pen තියෙනවනේ හැබැයි ඉතිං ඒකේ storage කරන්න limit 1ක් තියෙනවනේ.4 gb 1කේ 4 gb විතරයි.හැබැයි මම කියන විදියට  4 gb,2gb,1gb,8 gb,32 gb ඒවගේ තව ඔන pen 1ක unlimited storage කරන්න පුලුවන්.ඒහෙනම් තව කතා ඔන නැහැනේ අපි වැඩේට බහිමු..
අපිට ඒ වැඩේට software 1ක් ඔින වෙනවා 

දැන් ඉතිං කරන විදිය
අපි අපේ pen 1කේ folder 1ක් open හදනවා(මම ඒකේ නම techno lanka කියලා දානවා)

ඊට පස්සෙ ඒකෙ අැතුලට අපිට ඔන කරන දේ දානවා
(example විදිහට මම new folder ටිකක් හදලා දානවා)

දැන් ඉතිං හදපු new folder ටික delete කරලා දාන්න

අපි අර download කර ගත්ත software 1ක instrall කරලා open කරන්න

දැන් අර software 1න් pen 1ක පෙන්නාවි ඒක open කර ගන්න

ඒකේ අැති techno lanka කියලා folder 1ක්open කරන්න
දැන් අපි අර delete කරපු file ටික රතු පාට කතිරයකින් පෙන්නයි 


ඊට පස්සෙ උඩ save as කියලා button 1ක් අැති...
ඒක click කරලා next දාන්න ඊට පස්සෙ browse කරලා අවශ්‍ය  path 1ක දෙන්න දැන් ඉතිං next දාලා save කරන්න දැන් ඔයා අර save වෙන්න දුන්න තැන ‍ට ගිහිල්ලා බලන්න save වෙලා අැති.....


  
දැන් ඉතිං pen 1ක පිරෙන්නම මොනවා හරි දාගෙන delete කරලා අායි pen 1ක පිරෙන්නම මොනවා හරි දාගන්න දැන් අර software 1න් open කරලා ඔයා අර delete කරපු ටික උඩ තියෙන විදිහට save කර ගන්න

ඔයාලට මේ ගැන අවුලක් තියෙනවා නම් comment කරන්න 
ඒහෙමත් බැරි නම් g+,facebook msg 1ක් දාන්න



















Saturday, March 14, 2015

වටේම බල බල යන්න 360° වීඩියෝ Youtube වෙතින් ප්‍රථම වතාවට



ඔයාලා Panorama Pictures දැකලා තියෙනවනෙ. ඕන පැත්තකට හරවල බලන්න පුලුවන්නෙ ඒ පින්තූර. ඒ විදිහට වීඩියෝස් තිබ්බොත් කොහොමද?  ඒ වගේ වීඩියෝ ඔන්න දැන් අපි කවුරුත් දන්න යූ ටියුබ් වෙතින් මාර්තු 12 වෙනිදා සිට නිකුත් කරන්න පහසුකම් සලසල දීල තියෙනවා. මේ වෙනකොටත් ඒ වගේ වීඩියෝස් කිහිපයක්ම යූ ටියුබ් වෙත නිකුත් කරල තියෙනවා.

හැබැයි මේ වීඩියෝස් දැනට බලන්න පුලුවන් ක්‍රෝම් බ්‍රොව්සරයෙන් සහ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වලින් පමණයි. එහෙනම් මෙන්න ඒ වගේ වීඩියෝස් ටිකක්. වීඩියෝ එක ප්ලේ වෙද්දි මවුස් එකෙන් ඩ්‍රැග් කරන්න ඕන පැත්තට.

ධාවනය වන රේසින් කාර් එකක සිට - Link
Sea Plane එකක සිට - Link

ගුවන් කරණම් කරුවෙක් (Wingsuit) - Link
බෝට්ටුවක සිට - Link

එහෙනම් හොද නරක කියාගෙනම යන්නකො. ඉක්මනටම තව පෝස්ට් එකකින් හමුවෙමු.

Friday, March 13, 2015

HUTCH Non Stop Internet


මේක හච් එකෙන් කරන අලුත් වැඩක්. රුපියල් 70/=කට පැය හයක් ලිමිට් එකක් නැතුව ඉන්ටෙර්නෙට් යන්න පුලුවන්. හැබැයි රෑ 12.00ත් උදේ 6.00ත් අතර විතරයි. Max බෑමේ ස්පීඩුව 3.6එම්.බී.පී.එස්. ද Min බැමේ වේගය 512කේ.බී.පී.එස්. ද වේ. පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් ටයිප් කරන්න ඕන කෝඩ් එක දැනගන්න.

සිහලෙන් යතුරු ලියන්නේ කොහොමද?


මොන වැඩේ කරන්න ගියත් අපි හැම වෙලේ ම සුද්දගේ ගානට යන්න තමයි හදන්නේ. ඒකෙන් මේකෙන් වෙන්නේ අපි කලු සුද්දෝ වෙන එක. ඉතින් හැම වෙලේ ම ඉංගිරීසි වංසේ කබල් ගාන්නේ නැතුව සිංහලෙන් ටයිප් කළොත් නරක ද?

සිංහල ටයිප් කරනවා කියනකොටම හැමෝටම මැවිලා පේන්නේ ලොකු කරදරයක්. ඒත් අපි සිංහල යුනිකෝඩ්වලට මාරුවුනොත් වෙන විදිහකින් අපි සින්ග්ලිෂ් පොරවල් උනොත් මේ ඔක්කොම වද ඉවරයි.

ඉතින් මම පල්ලෙහා දාන්නේ මම සිංහල ටයිප් කරපු ලේසිම ක්‍රම ටික. එකින් එක බලමු. මේකෙදි කරන්නේ අපි සිංග්‍රීසිවලින් ටයිප් කරන එකේ උච්චාරන විදිහ අනුව සිංහලෙන් අකුරු ලැබෙන එක.

1. ගූගල් සිංහල අදාන මෙවලම්

       අදහස්(උපුටන)-
නිවසේ සිටියත්, කාර්යාලයේ සිටියත්, වෙනත් අතරමගක සිටියත්—ඔබට අවශ්‍ය භාෂාවෙන් අදහස් හුවමාරු කරන්න, ඔබට එය අවශ්‍ය විටක. Google ආදාන මෙවලම් ඔබේ නිවැරදි කිරීම් මතක තබා ගෙන නව හෝ සුලබ නොවන වචන සහ නම් සඳහා ගැලපුම් ශබ්දකෝෂයක් පවත්වා ගනියි. ඔබට අවශ්‍ය භාෂාවෙන් සහ රටාවෙන් ඔබේ පණිවුඩය ලබා ගන්න. භාෂා 80ක් අතර සහ යෙදවුම් ක්‍රම අතර මාරු වීම ටයිප් කරන තරම්ම පහසුය.
 මුලින්ම මේ ලින්ක් එකට යන්න. දැන් පල්ලෙහා තියෙන ටෙක්ස්ට් බොක්සුවේ අපිට ඕනෙ වචන ටයිප් කරන්න. ඈගියක් විදිහට amma කියලා ටයිප් කළොත් 'අම්ම' කියලා වැටේවි. මේක කරන්න වචනේ ටයිප් කරලා ස්පේස් බාර් එක එබුවහම හරි.
දැන් කරන්න තියෙන්නේ එතනින් සිංහල ටෙක්ස්ට් එක ක්පි කරලා අවශ්‍යය තැනට දාන එක.
ඕනනම් මේක බාගන්නත පුලුවන්.

2. Real Time Singlish

මම සිංහල ටයිප් කරන්නෙත් මේකෙන් තමයි. ඉතාමත් සාර්ථක ක්‍රමයක් මෙතනින් බාගන්න. ඉන්ස්ටෝල් කරලා සිංහල ටයිප් කරන්න.



3.Pencil


මේකත් හොද සොෆ්ට්වෙයා එකක්. ඒත් මේක ටික වෙලාවක් යද්දි ස්ලෝ වෙනවා. පල්ලෙහායින් බාගන්න.



අදට මේ ඇති. තවත් දවසක හම්බවෙමු.

Thursday, March 12, 2015

ගූගල් සිංහල ට්‍රාන්ස්ලේට්වල සබලතා සහ දුබලතා...(UPDATED)


ගූගල් එකෙන් අලුතින් හදුන්වා දී ඇති සිංහල ට්‍රාන්ස්ලේටරය පරිගනක තාක්ෂණයේ ලාංකීය වේදිකාව නවමු මගකට යොමු ලරන ලද නිර්මාණයක්. කෙසේ නමුත් මෙම පරිවර්තකයේ සබලතා මෙන් ම දුබලතා ද බොහෝ ය. පහතින් Google Translator පි‍ටුවට පිවිසෙන්න.
එහි පළමු භාෂාව ඉංග්‍රීසි ලෙසත් දෙවන භාෂාව ලෙස සිංහල ද යොදන්න. ඉංග්‍රීසි පසේ ඉංග්‍රීසියෙන් ටයිප් කරන දෑ සිංහල පසේ සිංහලින් දිස් වේ.

Google Sinhala Translator  හි සබලතා
සාමාන්‍යය සිංහල බසින් හෙවත් ලිඛිත බසින් එනම් සම්මත පරිදි උක්ත ආඛ්‍යාත පද ආදිය සම්බන්ධ කොට ඇති වැකි ඉංග්‍රීසියට නැඟිය හැක.
ඉක්මනින් ඉංග්‍රීසි ලිපියක් සිංහලයට නඟාගත හැකි ය.
තවත් බොහෝ දේ එය පරිශීලනය කිරිමෙන් සොයාගත හැක.

Google Sinhala Translator  හි දුබලතා
සිංහල ලිඛිත නොවන හෙවත් ව්‍යවහාර භාෂාව නිවැරදි ව ඉංග්‍රීසි බසට පරිවර්තනය කොට ගැනීම අපහසු වේ.


නමුත් මෙම මෙවලම ද නුදුරු අනාගතයේ දී ම තවත් දියුනු වනු ඇත. එය දියුනු කිරීමට ඔබට ද දායක විය හැක.

https://translate.google.com/community


නව ලිපියකින් හමුවෙමු.

Wednesday, March 11, 2015

IP හංගලා ඕන වෙබ් සයිට් එකකට ලෝකෙට ම හොරෙන් යමු....


ලංකාවේ අපිට ගොඩක් වෙබ් සයිට්ස් බ්ලොක් කරලා තියෙන්නේ. මේකට විසදුමක් අපේ තරිඳු දාලා තිබ්බා. ඒක තමයි මම හිතන විදිහට සාර්ථක ම විදිහ. ඒත් ටොර් එක්න් ගොඩක් ඩේටා වගේ ම අපේ කාලෙත් එක්තරා අන්දමකට නාස්ති වෙනවා. ඉතින් හදිස්සියකට ටොර් ඕපන් කර කර ඉන්නේ නැතුව අපේ රනුල් මට කියලාදීපු සෙන් මේට් එක්ස්ටෙන්ශන් එක පාවිච්චි කරන්න පුලුවන්. ඕන ම බ්‍රව්සර් එකකට මේ එක්ස්ටෙන්ශන් එක පාවිච්චි කරන්න පුලුවන්. පල්ලෙහා තියෙන්නේ ඒක ගැන සෙන් මේට් එකේ සම නිර්මාතෘ යවපු මේල් එකක්. (ඉන්ග්ලිශ් එක ගූග්ල් එකෙන් සින්හලට හැරෙව්වා)
හිතවත් ආදම්,
පළමු ලකුණු: නැත වගකීම් ඇත - ඔබ පාලනය හැම විටම ඉන්නේ! ZenMate නොමිලයේ වන අතර සෑම විටම වනු ඇත. ඔබ ඔබේ මනාපයකින් තොරව අය කරනු නැහැ.
අපගේ වෙළෙඳපොළ පැහැදිලි වන්නේ තුලදී, අපි කාලය සීමිත ප්රමාණයක් සඳහා සියලු නව පරිශීලකයන්ට අසීමිත ගමනාගමනය සමඟ ගිණුම් ඉදිරිපත් වී සිටී. අනාගතයේදී අප මාසික රථවාහන හා අසීමිත මාසික රථවාහන හා අතිරේක අංගයන් සමඟ ගෙවනු වාරික ගිණුම් රැසක් එලිදැක්වීමත් සීමිත ප්රමාණයක් සමග නිදහස් ගිණුම් ලබා දෙනු ලැබේ.
ඔබගේ ගිණුම පෙර සැකසුම මඟින් නිදහස් පවතිනු ඇත ඔබට පැහැදිලි ලෙසම එසේ කිරීමට කැමති නම් පමණක් ගෙවන රක්ෂණ වාරික ගිණුමට වෙනස් කරනු ඇත.
සුභ පතමින්,
සීමොන් Specka - සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්යක්ෂ
 දැන් වැඩිය කතා ඕනේ නැ. පල්ලෙහායින් සෙන් මේට් සයිට් එකට යන්න. එක්ස්ටෙන්ශන් එක ඇඩ් කරගන්න. මේ ක්‍රමය නරකකට යොදාගත්තොත් මේ ලිපියෙන් වැඩක් නැති වෙනවා. ඒක නිසා මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ඔයාට අයිති වැඩක්. එහෙනම් අදට යන්නම්.

Sunday, September 15, 2013

Techno-lanka හි ඔන්ලයින් ටීවී චැනල් එක ඇරබුනා


Techno-lanka හි ඔන්ලයින් ටීවී චැනල් එක ලෙස techTUB ඉදිරිපත් කර ඇත. සැප්තැම්බර් 25 බදාදා සිට සෑම බදාදා දිනකම රාත්‍රී 9.00 ට http://techtubonline.blogspot.com/හරහා විකාශය වේ. මෙහිදී ඔබගේ ප්‍රශ්න සින්හලෙන්ම කතාකල හැක. එසේනම් http://techtubonline.blogspot.com/ හරහා ඔන්ලයින් ටීවී නැරබීමට ආරාධනා!!!