මින් පෙර පල වූ ලිපි පහතින්..
හෙළ හවුල සහ කවියෝ 2 (අපේ සිංහල අපෙන් මත්තට 4)
කුමාරතුංගයන්ගේ මඟ ඔස්සේ ම කාව්‍යකරණය්ට පිවිසි කිහිප දෙනෙක් වූ හ. රැයිපියෙල් තෙන්නකෝන්, අමරසිරි ගුණවර්ධන, වෙල්ලාල ජයමහ, හියුබත් දිසානායක, මහානාම දිසානායක, අරීසෙන් අහුබුදු, ගුණපාල සේනාධීර, අලවූ ඉසි සැබිහෙළ, අනඳපිය කුඩාතිහි, වීරකෝන්, කිත්සිරි සුමනසිහි ඒ අතර ප්‍රසිද්ධියට පත් විය.
මේ අතර මුනිදාසයන්ගේ කාව්‍යාවබෝධය මොනවට අවබෝධ කර ගත් හා ඒ අනුව කාව්‍යකරණයට පිවිසි සාර්ථකත්වය ලද්දෝ ලෙස, රැයිපියෙල් තෙන්නකෝන් හා අරීසෙන් අහුබුදු හඳුන්වා දිය හැකි ය.
අරීසෙන් අහුබුදු
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
අරීසෙන් අහුබුදු | |
---|---|
උපත | මාර්තු 18, 1920 කොග්ගල, මලළගම, ශ්‍රී ලංකා |
මරණය | මැයි 26, 2011 කොළඹ ශ්‍රී ලංකා |
ජාතිකත්වය | Sri Lankan |
වෙනත් නම් | දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ |
වෘත්තිය | ලේඛකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්,නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක් (Guru),සිංහල ගීත රචකයෙක්, කතුවරයෙක් සහකිවියෙක්. |
කලාසූරී අරීසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කිවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද කලාශූරී නාමය දහොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය ද හිමි කරගෙන ඇත.
මූලාශ්‍ර- 10-11 ශ්‍රේණි, සිංහල සාහිත්‍ය සංග්‍රහය විචාරය 2 -රත්න කොඩිකාර
...................................................................................
ඔයත් සිංහල ගැන හොඳට දන්නවානම්, ඔයාගේ නම උඩින් සඳහන් කරලා සිංහලෙන් පෝස්‍ටුවක් ලියා පහත ඊ-මේල් ලිපිනයට එවන්න. ඔබගේ ලිපිය පරීක්ෂා කර ඇඩ්මින්වරුන් විසින් එය පල කෙරේ.info.rusiru@gmail.com
සිංහල නිවැරදි ව භාවිතා කර සිංහල ගගනත සරසමු.
0 Comments:
Post a Comment