ඔන්න කාලෙකට පස්සෙ post එකක් දාන්න ආවා.
හැමදාමත් ඔයාලට වැදගත් දෙයක් කියල දෙන්න තමයි අපි උත්සහ ගන්නෙ.
ඉතින් කුරුලෑ කැළැල් කියන්නෙ කාටත් ගොඩක් ලොකු කරදරයක් බව දන්න නිසාම තමයි මම මේ post එක දාන්න හිතුවේ. වෙනිවැල්ගැට වලින් පුලුවන් ඒකට බෙහෙත් කරගන්න.
ඔය තියෙන්නෙ වෙනිවැල් තමයි. ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා වෙනිවැල් ගැන පොඩි විස්තරයක් දැනගෙන ඉම්ඳිමුකො අපි.
දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ ඉතාමත් වැදගත් ඖෂධයක් ලෙස වෙනිවැල් ගැට හඳුන්වා දී තිබෙනව. මේ මහඟු ඖෂධය නැති නිවෙසක් අතීත ලංකාවේ සොයාගැනීමට නැති තරම් විය. වෙහෙස මහන්සි වූ අවස්ථාවක වෙනිවැල්ගැට තම්බා ගත් ජලය පානය කර වෙහෙස නිවා ගැනීම තවමත් අප ගැමියන් අතර සිරිතකි. පස් පංගුවට ගන්නා එක් ඖෂධයක් ලෙස මේ වෙනිවල් ගැට හඳුන්වන්න පුලුවන්. එය වේදනා නාශක ඖෂධයක්ද වෙනවා. එසේම උණ සෙම්ප්‍රතිශ්‍යාව, ශාරීරික වේදනා මෙන්ම පිටගැස්ම රෝගය සඳහාද වටිනා ඖෂධයකි. එපමණක් නොව විෂබීජ නාශකයක් මෙන්ම ශරීර උත්තේජකයක් ලෙසද වෙනිවැල්ගැට පිළිගන්නවා.
කුරුලෑ පැල්ලම් නිවාරණයට වෙනිවැල්ගැට
කුරුළෑ නිසා මුහුනේ ඇති වෙන කැළැල් මැකීම සඳහා භාවිත වන දේශීය ඖෂධයකි. වෙනිවැල්ගැට ඇල් දියෙන් ගලගා කුරුලෑ කැළැල් මත ආලේප කිරීමෙන් එම කැළැල් මැකී යයි.
දැන් දැක්කනෙ ඔයාලට වැඩි දෙයක් කරන්න නෑ කියල. ඉතින් තවත් බලන් ඉන්නෙ මොකටද ? ඔයගෙ මූණත් කුරුළෑ කැළැල් නිසා කැත වෙලානම් දැන්ම අත් හදා බලන්නකෝ.
thank you කාලෙකට පස්සෙ දාපු පොස්ට් එක කියෙව්වට. මම ඔයාලට මෙතෙක් ගෙන ආ ඖෂධ ගැන ලිපි පෙළ මෙතෙකින් අවසන් වෙනව.
තොරතුරු මූලාශ්‍රය : වෛද්‍යවරයා මාසික සුව සංග්‍රහය 2007 මැයි
මම ඔයාලට කිව්වනෙ මේ ලියන තෙවෙනි ලිපිය වෙනස් විදියකට ලියනව කියල. ඉතින් මං කල්පනා කලා ඔයාලට වැදගත් වන ශාක ගැන දැන් ලිපි දෙකකින්ම ලිව්ව නිසා අද ඔයාලට රෝග නිවාරණය ගැන කියන්න.
ඉතින් දත් කැක්කුම , හිසරදය , බඩේ කැක්කුම වාගේ ලෙඩ සමාජයේ බහුලයි නෙ. ඉතින් මම කල්පනා කලා ඔයාලට ඒ ලෙඩ වලට පිළියම් කියල දෙන්න. මේ බෙහෙත් මම ඕනෑතරම් පරීක්ෂා කරල බලල තියනව. ඒ නිසා අත් දුටුයි , ප්‍රත්‍යක්ෂ යි.
මෙන්න එහෙනම්.
- දත් කැක්කුමට > අමු ඉඟුරු , සුදු ලූනු , ගම්මිරිස් සමව ගෙන එකට අඹරා යුශගෙන වියලි මිරිස් කරලක ඇට ඉවත් කර එතුලට බෙහෙත් දියරය පුරවා පොල්තෙල් පහන් දැල්ලෙන් රත්කර මද රශ්මියෙන් කැක්කුම ඇති දතට වත්කරන්න.
- දත් කැක්කුමට > ඉද්ද කොළ යුෂ ගෙන කටේ කලතා ඉවත දමන්න.
ඉහත සඳහන් ප්‍රතිකාරයන්ගෙන් දත් කැක්කුම ඉක්මනට සුව වෙනවා.
- හිසරදයට > දෙලුම් මල් යුෂ නාසයට උරා ( නශ්‍ය කොට ) සෙම හරින්න.
- හිසරදයට > අබ , අමු ඉඟුරු , සුදු ලූනු එකට අඹරා රෙදි කඩක ගා නලලේ එලීමෙන් සුවවේ.
- හිසරදයට > සුදුලූනු , කරපිංචා නැටි , රතුලූනු , සූදුරු , පොල්තෙලට යොදා රත්කර හිස ගැල්වීමෙන් සුවවේ.
- බඩේ කැක්කුමට > සුදුලූනු , අමු වදකහ , අමු ඉඟුරු එකට කොටා එයට මී පැණි දමා බී විට සුවවේ.
- බඩේ කැක්කුමට > නටන උනුවතුර කෝප්පයක් ඇල් ජලය නොදමා නිවා මදක් නිවුනු පසු බොන්නට දෙන්න.
ඉතින් ඉහත සඳහන් ආකාරයට ඉහත සඳහන් ලෙඩ සුව කර ගත හැකියි.
ලිපිය කියෙව්වාට thank you !!!
එහෙනම් comment එකකුත් දාන්න.
මම පහුගිය සතියෙ ඉඳන් ලියන්න ගත්ත ලිපි පෙලේ දෙවන කොටසයි මේ.
අද මම ඔයාලට කියන්නෙ දෙහි නොහොත් lime වල ඇති ඖෂධීය වැදගත්කම ගැන.
මෙහි විද්‍යාත්මක නාමය තමයි Citrus aurantifolia. ඉතින් මේ දෙහි විවිධ විදියට ඖෂධාත්මකව වැදගත් වෙනව.
රෝග සුවයට
- සෙම්ප්‍රතිශ්‍යාවට > දෙහිකොල තැම්බූ ජලයෙන් දුම් ඇල්ලීම.
- පණු රෝගයට >දෙහි ඇඹුලින් ගලේ තබා අඹරා ගත් සාදික්කා වලට නැවතත් දෙහි මිශ්‍ර කොට බොන්න.
- හිසරදයට >දෙහි කොල තැම්බූ වතුරෙන් හුමාලය නාසයෙන් උරා මුඛයෙන් පිටකරන්න.
- ඉස්සොරි වලට >දෙහි කොල , දෙහි ඇඹුල් , පොල් කිරි යන මේවා සම ප්‍රමාණවලින් ගෙන දිනක් අව්වේ කකාරා දවස් හතක් ඔලුවේ ගාන්න.
- ආහාර රුචියට >දෙහි යුෂ , අමු ඉඟුරු , සීනි කලවම් කොට දියකර බොන්න.
- ඉදිමුම් බැස්මට >දෙහි පොතු ලුණු ස්වල්පයක් දමා කොටා මලවා බඳින්න.
- පත්තෑ විෂට >දෙහි මදයක් ගෙන කෑ තැන අතුල්ලන්න.
- ගෝනුසු විෂට >දෙහි ඇඹුල් හා දිවි කදුරු කොල යුෂ ඇතුලත් මිශ්‍රණයක් සාදා බොන්න.
- අලුහම් වලට >ඇත්තෝර කොල දෙහි ඇඹුලින් අඹරා ඇඟ ගා පැය බාගයකට පසු නාන්න.
- දිවි මකුලුවෙකු දෂ්ඨ කල විට > දෂ්ඨ කල ස්ථානයේ දෙහි ඇඹුලින් ගොටුකොළ ගා එම මිශ්‍රණයම මදක් ජලය දමා තනුක කොට බොන්නට දෙන්න.
දැන් ඔයාල දැනගත්තනෙ දෙහි යුෂ වගේම දෙහි ගසම ඉතා වැදගත්කමකින් යුතු බව.
-
ඉතින් තව දෙයක් කියන්න තියෙනව. දෙහි වැඩි වශයෙන් ව්‍යප්ත වෙලා තියෙන්නේ මොණරාගල , අම්පාර , බිබිල යන පැති වල. විටමින් C බහුල ආහාරයක් විදියට තමා දෙහි හඳුන්වන්නේ. ඒකයි අපි කෑම හදනකොට සම්බෝල , ලුණුමිරිස් වගේ ඒවලට දෙහි දාන්නෙ. අපිට විටමින් C ලැබෙන්නත් , එමගින් රෝගනිවාරණයත් හොඳින්ම සිදුවන නිසත් තමයි අපි ඒ විදියට දෙහි පාවිච්චි කරන්නෙ.
ඉතින් මේ අවුරුදු කාලෙ ice-cream කාල වැඩිවෙලා හෙම්බිරිස්සාවක් එහෙම හැදුනත් ඔයාලට මේ ලිපිය කියෙව්ව නිසා ඒකට පිලියම් තියෙනවනේ. ලෙඩක් දුකක් නොවී නිරෝගීව ඉන්න ලැබේව කියල පතනව !!!
එහෙනම් මේ ලිපි පෙලේ part 3 වලින් වෙනස්ම දේකින් හමු වෙමු.
thank you !!! comment එකකුත් දාගෙනම යන්න.
අද ඉඳන් මම කල්පනා කලා හැමෝටම වැදගත් ලිපි සෙට් එකක් ලියන්න පටන් ගන්න.
මම මුලින්ම ලියන්න හිතුවෙ කරපිංචා නොහොත් (curry leaf) වල වැදගත්කම ඔයාලට කියන ලිපියක්.
ඉතින් මේ කරපිංචා විවිධ රෝග රාශියකට බෙහෙතක් කියල ඔයාලට මුලින්ම කියන්න ඕන. හෘදරෝගීන්ට ,කොලෙස්ටෙරෝල් අවම කිරීමටත් , කුෂ්ඨ , ඉදිමුම් වලටත් මේ කරපිංචා වලින් සැදූ කැඳ වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.
ඉතින් මේ කරපිංචා විවිධ අවස්ථා වලදී අපිට විවිධ ආකාරයට ප්‍රයෝජනවත් වෙනවා.
- සර්ප විෂේ දී > කරපිංචා කොල කැඳ බීමට දෙනවා. මෙහි ඇති විෂ නැසීමේ ගුනය නිසා මී විෂ ට, සෙංගමාලය වැනි අවස්ථා වලදී බීමට දීමටද සුදුසුයි.
- බඩ බුරුලට යාමේදී > කරපිංචා දලු මී පැණියෙන් අඹරා දෙනු ලැබේ. මෙය ලේ පිටවන විට අර්ශස් රෝගයටද ගුණය.
- පිත් වමනයට > කුඩු කරගත් කරපිංචා ගසේ පොතු තේ හැන්දක් ඇල් දියෙන් දීම සුදුසුයි.
- අකලට හිසකෙස් පැසීමට > කරපිංචා වල පෝෂණීය ගුනය නිසා කෙස් පැසීම අවම කරයි. පොල් තෙල් සමග මිශ්‍ර කරගත් තෙල හිසේ ගානු ලබයි.
- අධික තරබාරුවට > මේරූ කරපිංචා කොල 10 බැගින් ආහාරයට ගැනීමෙන් අධික තරබාරුව මැඩලිය හැක.
- කරකැවිල්ල හා වමනය ඇති අයටත් , විෂ ශරීර ගත වූ අයටත් , කුසගිනි නොමැති අයට කුසගිනි ඇති කරවීමටත් , සුලු උමතු ගති ඇති අයට ඔසුවක් ලෙසත් දේශීය වෛද්‍යවරුන් කරපිංචා කැඳ නිර්දේශ කරනවා.
මේ තරම් ඉහල ඔසු ගුණයක් ඇති කරපිංචා ගසේ හැම කොටසක්ම වැදගත්කමකින් යුතු බව දැන් ඔබ දැන ගත්තානෙ.
දැන් අපි බත්පිඟානේ තියෙන කරපිංචා කොලයවත් විසි නොකර පරිභෝජනයට හුරු වෙමු.
එහෙනම් ගොඩක් ස්තුතියි මේ ලිපිය කියෙව්වට.
මේ ලිපි පෙල දිගටම කියවන ලෙසට හිතාදර පාඨකයින්ගෙන් ඉල්ලා සිටිනවා. comment එකකුත් දාගෙනම යන්න.
මේ වෙබ්සයිට් එකේ තියෙන ඒවා ඇත්තටම ගොඩක් අප්‍රසන්නසුලුයි. ඒත් ඒක තමයි ලෝක ස්වභාවය.වැඩිය ඕනේ නෑ ගිහිල්ලම බලන්න.
http://adf.ly/1A7992
