Thursday, October 25, 2012

Simulate Your Network


පරිගණක ජාලයක් නිර්මාණය කිරීම සරල සැහැල්ලු දෙයක් නොවන නව ජාලකරණය වෘත්තියක් ලෙසින් කරන අය දන්නවා. පරිගණක ජාලයේ අවශ්‍යතාවය කුමද්ද යන ගැටලුවේ සිට අවසානයේ ජාල ආරක්ශණ ක්‍රමවේද අනුමගනය  කිරීම දක්වා ඉතාමත් සංකීරණ කරුණු කොටසක් මීට එතුලත්. සමහර දේවල් සිදධාන්ත මගිනුත් තවත් කොටසක් ප්‍රයෝගික ඇත්දැකීම් මගිනුත් එකතු කරගෙන තමයි සාර්තක පරිගණක ජාලයක් නිර්මාණය කරගන්න පුලුවන් වන්නේ.


ඉතින් පරිගණක ජාලයක් නිර්මාණයේදී ජාලයේ අවශ්‍යතාවය කුමද්ද යන්න මූලිකවම සලකා බලනවා. ඒ අනුවයි ඉදිරි වැඩ සැලසුම් කිරීමක් සිදුවන්නේ. ඉතින් ජාලය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක අපිට ජාලය ස්තාපිත කිරීමකින් තොරව කියන්න බෑ. නමුත් ඒ වෙනුවෙන් නිර්මාණයි කල මෘදුඅකංගයන් අද අන්තර්ජාලයේදී හොයාගන්න පුලුවන්. 

ඇයි අපිට පරිගණක ජාල සැලැස්මක් ඕනේ කරන්නේ? පරිගණක ජාලයක සීමාව දැන ගැනීම ප්‍රදාන කාරණයයි. ඉන්පසු පරිගණක ජාලයේ සිදුවන නඩත්තු කටයුතු වලදී ජාල සැලැස්ම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ ආකාරයේ ජාල සැලැස්මවල් නිර්මාණය කර ගැනීමට සහය දෙන මෘදුකාංගයක් තමයි NetEmul කියන්නේ. ඊට අමතරව සිස්කෝ සමාගමේ Packet Tracer ඉතාමත් හොද මෘදුකාංගයක්.

පහල ලින්කුවෙන අපිට මේ මෘදුකාංගය නොමිලේ බාගත කරගන්න පුලුවන්. 


ඉතින් මේ මෘදුකාංගය හරහා සරල පරිගණක ජාලයක සැලැස්ම සදාගන්නා ආකාරය අපි බලමු. පහල රූපයේ දක්නට ලැබෙන්නේ මෘදුකාංගයේ ප්‍රදාන අතුරු මුහුණතයි. පරිගණක, රවුටරයන්, සම්බන්දක සියල්ල මෙහි අයිකනයන් ලෙසින් දක්වනවා. මවුසර ආදාරයෙන් ඒවා පහල කොටු දැල වෙත රැගෙන යන්න පුලුවන්.



මෙතනදී ඇත්තටම පරිගණක පිහිටන්න ඕනේ ආකාරයටම අපිට මෙය නිර්මාණය කරගන්න පුලුවන්.


ඉහත රූපයේ මං නිර්මාණය කාලා සරල මනංකල්පිත පරිගණක ජාලයක්. මෙතනදී මං බාවිතා කලේ ස්ටාර් ආකාරයේ ලෝකල් ඒරියා නෙට්වර්ක් කීපයක්. ඒ කියන්නේ පරිගණක සියල්ල ස්විච් එකකට සම්බන්ද වෙලා තියන අවස්තා කීපයක්. මේ මෘදුකාංගය මගින් නිර්මාණය කරන පරිගණක ජාලයේ දෝශ පවතිනව නම් එය රතු පැහැති බල්බයක් දැල්වෙන ආකාරයෙන් පෙන්නුම් කරනවා. එවිට අපිට දැනගන්න පුලුවන් ජාලයේ දෝෂය පවතින ස්තානය. 

ඉන් පසුව මං රවුටරයක් බාවිතා කරමින් කලින් සැකසූ ලෝකල් ඒරියා නෙට්වර්ක් 3 එකට සම්බන්ද කරනවා පහල රූපය බලන්න. ඉතින් අපිට හැකියාව තියනවා මේ ජාලය නිසි ආකාරයෙන් වැඩ කරනවාද බලන්නත්. “Send data” කියන බටන් එක ක්ලික් කරන්න. ඉන්පසු අපිට දත්ත් පැකට්ටු කීපයක් පරිගණක හරහා හුවමාරු කරන්න පුලුවන්



එතනදී මොන නෙට්වර්ක් කාඩ් එකෙන්ද දත්ත හුවමාරු වෙන්න් ඕනේ කියන එක අහනවා. එතනදී ලැබෙන නෙට්වර්ක් කාඩ් එක තෝරා සෙන්ඩ් කරන්න.



ඉතින් වරදක් තියනවා නම් ගොඩක් ලොකු කාලයක් ගන්නේ නෑ ඒ බව දක්වන්න. වරදක් තියනවා නම් රතු පැහැයෙන් එය දක්වනවා. ඉතින් පලමු පරිගණකයෙන්ම දෝෂ සහගත බව දක්වනවා. පහල රූපය බලන්න. මොකද්ද හේතුව? දත්ත හුවමාරු වෙන්න නම් පරිගණක අදුනාගන්න පොදු තලමිතියක් ඕනේ. සරලව කියනවා නම් ලිපිනයක් ඕනේ. ඔන්න වැරදුන තැන. අපි පරිගනක ජාල ගත කලට IP සැකසුම් සකස්  කලේ නෑ නේද? 

ඉතින් අපි බලමු මේ පරිගණකයක network settings එහෙම නැත්නම් IP සැකසුම් හදන්නෙ කොහොමද කියලා. පරිගනකය උඩ right click කරලා Netcard තෝරන්න. ඊලගට එන් සංවාද කොටුවෙන් නියමිත IP සැකසුම් ලබාදෙන්න. ඉතින් අපිට හැකියාව තියනවා DNS සර්වර් පරිගණකයක් ජාලයට එක් කර IP සැකසුම් ඉබේම ලබා ගන්නා ආකාරයටත් හදන්න. එය ප්‍රායෝගිකව අපිට වැදගත් වෙනවා DNS පරිසරයකදී කොහොමද ජාලය ක්‍රියාත්මක වන්නේ කියලා තේරුම් ගන්න. 



ඉතින් මට් ඕනේ කරනවා මෙ ජාලයට gateway එකක් එකතු කරගන්න. පරිගණකයක් right click කර Properties ගන්න. මතුවෙන සංවාද කොටුවෙන් default gateway එක ලබාදෙන්න. එතනදී මං පරිගණක 6ක් එක subnet එකකට යොදනවා. එතනදී පහල රූපයේ ආකාරයට ඒවා කොල පාටට හැරෙනවා.



ඒ වගේම පරිගනක් ජාලයේ පවතින අනිකුත් උපකරණත් කලමණාකරනය කරමින් ඒවාගේ සැකසුම් අනුව ජාලයේ වෙන වෙනස්කම් අධ්‍යයනය කරන්න පුලුවන්. මං බාවිතා කල රවුටරයේ Properties ලබාගන්නවා. එතනදී බාවිත කල යුතු පෝට් ගනන අපිට සටහන් කර ජාලයේ තදබදය පවා සැලසුම් කරගන්න පුලුවන්. 




ඕනේම උපකරනයක් මත Right click කර “Show log” විදානය ක්‍රියාත්මක කල විට මෙතෙක් එම උපකරනයේ ක්‍රියාකාරීත්වය බලාගන්න පුලුවන් 



ඉතින් සංකීරණ ජාලයක් මෙ ආකාරයෙන් සරලව විශ්ලේෂණය කිරීම මගින් එහි පවතින අඩුපාඩු සියල්ල නිසි අකාරයෙන් සකසා ගැනීමේ හැකියාව පවතිනවා. මේ මෘදුකාංගය පමණක් නොව වෙනත් මේ ආකාරයේ මෘදුකාංග සියල්ලන්ගෙන්ම ලබාගැනීමට හැකි වන්නේ මේ ආකාරයේ සේවාවක්.

For Originle Post : http://helpitlanka.blogspot.com/

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

1 Comments:

  1. බොහොම තෑන්ක්ස් for ur ලිපිය...:P lol මේක ගොඩක් හොද ලිපියක්..:D අපි ඔයාට සුභ පතනවා(wish you all the best)

    ReplyDelete