Saturday, December 29, 2012

calculate your blog's value. තමන්ගේ බ්ලොග් එකේ වටිනාකම බලාගන්න


තමන් බොහොම මහන්සියෙන් හදපු බ්ලොග් එකක් විකුනගන්න කවුරුත් කැමති නැ. ඔන්න බ්ලොග් එක විකුනන් කන්න හදන අයට තමන්ගේ බ්ලොග් එකේ වටිනාකම බලාගන්න සය්ට් එකක් තියෙනවා. මෙතනින් යන්න. මේකෙ තියෙන හිස්තැන් ටික පුරවලා calculate එක එබුවම තමන්ගේ බ්ලොග් එකේ වටිනාකම තියෙන බැනර් එකක් දෙනවා. ඔය පල්ලෙහා තියෙන්නේ අපේ බ්ලොග් එකට හම්බව්ච්ච එක. ඔයගොල්ලොත් මේක කරලා බලන්න. ටටා.

Blog Money Valuation
My blog has been valued at... $165.90

Blog Valuation Tool from BlogCalculator.com

3D rad game making. 3D rad වලින් ගේම් හදන හැටි.




ඔන්න අද මම කියන්න යන්නේ මම කලින් දවසක කිව්ව කෝඩු ගේම් ලැබ් වගේ ගේම් හදන සොෆ්ට්වෙයා එකක් ගැන කියන්න. මේකේ නම 3ඩී ‍රැඩ් මේකෙන් කෝඩු එකටත් වඩා හොදට ගේම්ස් හදන්න පුලුවන්. පල්ලෙහාඉන් ඩවුන්ලෝඩ් කරගන්න.

මේකෙන් ගේම්ස් හදන හැටි ඉගෙන ගන්න 3drad.com කියන වෙබ් සය්ට් එකටයන්න. මේකෙන් මොකක් හරි ගේම් එකක් ඔයාලා හැදුවොත් අපිට කියන්න.


Wednesday, December 26, 2012

IDM Full Activation For LIfe Time - IDM ජීවිත කාලයටම

UPDATE| IMPORTANT
මෙම ක්‍රමය දැන් ක්‍රියාත්මක නොවන බැවින් නව ක්‍රමය සදහා පහත ලින්කුවට පිවිසෙන්න.
ඉහත ක්‍රමය මේ වන විටත් සාර්තක ව ක්‍රියාත්මක වේ.

අන්තර්ජාල බාගත කිරීම් වෙනුවෙන් බාවිත කරන ඉතාමත් ජනප්‍රිය මෘදුකාංගයක් තමයි IDM කියන්නේ. ඉතින් බොහොමයක් IDM මෘදුකාංගය බාවිතා කරන අය මුහුණ දෙන ප්‍රදාන ගැටලුවක් තමයි කාලයක් යද්දි රෙජිස්ටර් කරන්න කියලා එන පණිවිඩය. මේ ගැටලුවට විසදුම වන්නේ එක්කො IDM වල ලයිසන් එකක් ගන්න ඕනේ. නැත්නම් අන්තර්ජාලයෙන් සීරියල් කී එකක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රැක් වර්ශන් එකක් බාවිතා කරන්න ඕනේ. ඉතින් මේ ක්‍රම වලිනුත් විසදුම වලිනුත් IDM  නිසි ආකාරයෙන් ඇක්ටිවු උනේ නැත්නම් ආයේමත් පරණ ගැටලුවටම මුහුණ දෙන්න වෙනවා. මටත් මේ ගැටලුවටම මුහුණ දෙන්න් උන නිසා මටත් සිදු උනා IDM ජීවිත කාලයටම රෙජිස්ට්‍රර් කරලා තියාගන්න විදියක් හොයාගන්න. මෙ ගැන හොයනකොට හම්බුනා ඇක්ටිවේටර් එකක්. මේ ඇක්ටිවෙටරය හරහා කිසිම කී එකක් පැච් ගොනුවක් බාවිතා නොකරම IDM ඇක්ටිවු කරගන්න හැකියාව තියනවා.
මුලින්ම IDM මෘදුකාංගය බාගත කරගන්න පහල ලින්කුවෙන්. බාගත කරගන්න කියන්නේ මොකද දැනට බාවිතා කරන IDM මෘදුකාංගය සමග මේ ඇක්ටිවේටරය ක්‍රියාත්මක නොවෙන්න පුලුවන්. ඒ නිසා මේ පහල ලින්කුවේ ඇති මෘදුකාංගයම බාගත කරගන්න. ලොකු ධාරිතාවක් වෙන්නෙත් නෑ. 4.35MB පමණයි. 


ඊලගට මේ පහල දක්වලා තියන ලින්කුවෙන් IDM crack for life.exe කියන ගොනුව බාගත කරගන්න.


ඊලගට දැනට බාවිතා කරන IDM සංස්කරණයක් තියනවා නම් එය Uninstall කරලා පරිගණකය රීස්ටාට් කරලා එහෙම අලුත් IDM ගොනුව පරිගණකයට ස්තාපිත කරන්න. ඊලගට IDM crack for life.exe ගොනුව  ක්‍රියාත්මක කරන්න. පහල රූපයේ ආකාරයෙන් එය විවෘත වේවි 



මෘදුකාංගය මත දක්නට ලැබෙන Update කියන අයිකනය ක්ලික් කරන්න. ඉන්පසුව ඒ මෘදුකාංගය ක්ලෝස් කරන්න. ඊලගට IDM මෘදුකාංගය විවෘත කරගෙන එහි Help > Check for Update කියන පාත් එකට යන්න. පහල රූපයේ ආකාරයට.



ඊලගට ආයෙමත් IDM crack for life.exe මෘදුකාංගය විවෘත කරගන්න. එතනදී පහල රූපයේ දකින්න ලැබෙන ආකාරයට Start ක්ලික් කරන්න.


මේ  ක්‍රියාවලියාව අවසන් උන පසුව IDM මෘදුකාංගයේ Help වල About IDM ක්ලික් කරන්න. පහල රූපයේ ආකාරයට IDM මෘදුකාංගය full version එකක් එහෙම නැත්නම් ලයිසන් සංස්කරණයක් ආකාරයෙන් වෙනස් වී තියේවි.


අවධානයට.... මේ ආකාරයෙන් IDM මෘදුකාංගය වෙනස් කරගත් පසුව කිසිම් දිනක Update කරන්න යන්න නම් එපා. 

උත්සාහා කරලා බලන්න. මොනවා හරි ගැටලුවක් මතු උනිත් කමෙන්ටුවක් දමන්න. සුභ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

Tuesday, December 25, 2012

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා





ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා

Monday, December 24, 2012

TIMELINE BLOGGER TEMPLATE..............

Timeline Blogger Template
හරි.. ඔන්න අද මම කියලා දෙන්න යන්නේ බ්ලොග් එකට ෆේස්බුක් වල විදිහේ එහෙම නැත්නම් timeline template එකක් ඇඩ් කරගන්න විදිහ....  මේකෙන් ගොඩ්ක් ලේසියෙන් ඕන ඕන ඒවා ඇඩ් කරන්න පුලුවන් ... පල්ලෙහාඉන් down කරගන්න...මෙතනින් ඩීමෝ එක බලන්න
DOWNLOAD TIMELINE BLOGGER TEMPLATE
VIEW DEMO

Thursday, December 20, 2012

FACEBOOK SMILEYS FOR USE IN CHAT AND COMMENTS !!




හරි කොහොම හරි මට පෝස්ට් එකක් දාගන්න පුලුවන් උනා ලෝකවිනාශයට කලින්... (විහිලුවක්) මම අද කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ කැමතිම ෆේස්බුක් වලින් චැට් කරන කොට emotions එහෙමත් නැත්නම් ස්මය්ලීස් දාගන්න හැටි.... පල්ලෙහා මම රූපයක් දානවා පේන්නේ නැත්නම් ඒකේ උඩට ක්ලික් කරන්න... ඒ රූපේ විදිහට තියෙන වචන ටය්ප් කරලා එන්ටර් එබුවම smile එක වැටෙය්....
ආ අපේ ෆේස්බුක් පේජ් එකට මෙතනින් යන්න.. ලය්ක් එක දාන්න..

How to Burn an ISO Image to a Disc

පරිගණක බාවිතා කරද්දි එක් එක් ආකාරයේ ගොනු වර්ග සමග ගණුදෙනු කිරීමට සිදු වෙනවා. ඉතින් .iso කියන්නෙත් ඒ ආකාරයේන් නිරන්තරයෙන් බාවිතාවට ගන්න සිදුවන ගොනු වර්ගයක්. බොහොමයක් මෘදුකාංග අන්තර්ජාලයෙන් බාගත කරගත් පසුව මේ ආකාරයෙන් .iso ගොනුවක් ලෙසිනුයි දකින්න ලැබෙන්නේ. ඉතින් මේ තනි ගොනුව තුල ඇතුලත් ගොනු දැකගන්න නම් මෙය කුමක් හෝ මෘදුකාංගයක් හරහා විවෘත කරගන්න වෙනවා. ඒ වගේම එය සිඩී හෝ ඩිවිඩී එකකට ලියාගන්න ඕනේ නම් ඒත් අපිට තෙවන පාර්ශවීය මෘදුකාංගයක් බාවිතා කරන්න වෙනවා.


ImgBurn 


ඉතින් ImgBurn කියන්නේ ඒ ආකාරයෙන් බාවිතා කරන්න පුලුවන් මෘදුකාංගයක්. පහල ලින්කුවෙන් බාගත කරගන්න පුලුවන්. 



ඉතින් මෙ හරහා ලැබෙන .exe ගොනුව පරිගණකයට ස්තාපිත කරගන්න. 
ඉතාමත් ලේසියෙන් මේ මෘදුකාංගය හරහා .iso ආකාරයේ ගොනුවක් සිඩී එකකට හෝ ඩිවිඩී එකකට ලියවා ගන්න පුලුවන්. ස්තාපිත උන මෘදුකාංගයේ අයිකනය මත රයිට් ක්ලික් කරන්  Burn using ImgBurn තෝරන්න. පහල රූපයේ ආකාරයෙන්. 

ඉන්පසුව ImgBurn මෘදුකාංගය පහල රූපයේ ආකාරයෙන් විවෘත වේවි. මෙහි source සහ destination ලෙසින් කොටස් දෙකක් දකින්න ලැබේනවා. source එක ලෙසින් අපිට ලියවා ගන්න ඕනේ කරන .iso ගොනුව පවතින ස්තානයත් destination එක ලෙසින්  සිඩී/ඩිවිඩී  රයිටරයත් තෝරන්න 


ඉතින් ඉතාමත් සරලව ImgBurn මගින් .iso ගොනුව ලියවා ගන්න පුලුවන්. පහල රූපයේ ආකාරයෙන් නීරෝ වල මෙන් සිඩී/ඩිවිඩී එක ලියවෙයි. 


ඉතින් අවසානයේ සාර්තක බව දක්වමින් මැසේජය එනතුරු රැදී සිටින්න. 


ISO Recorder

ඉතින් මේ මෘදුකාංගය හරහාත් .iso  ආකාරයේ ගොනු සිඩී/ඩිවිඩී වලට ලියවා ගන්න පුලුවන්. මේ මෘදුකාංගය පහල ලින්කුවෙන් බාගන්න පුලුවන්.


මේ මෘදුකාංගයත් පරිගණකයට ස්තාපිත කරගන්න ඕනේ. ඊලගට පහල රූපයේ ආකාරයට රයිට් ක්ලික් කර Copy Image වලට යන්න. 


Image file කියන තැනට කොපි කරගන්න ඕනේ ඉමේජ් ගොනුව ලබා දෙන්න. 




ඉතින් මේ මෘදුකාංග දෙකම බාවිතා කරල .iso ආකාරයේ ගොනු ලියවා ගන්න පුලුවන්. උත්සාහ කරලා බලන්න. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

Pick the Right Motherboard(නිවැරදි මව් පුවරුව ‍තෝරා ගන්න..)

මවුපුවරුව එහෙම නැත්නම් මදර්බෝඩ් එක කියන්නේ පරිගණකයක මූලිකම කොටසක් වගේම අත්‍යවශයය කොටසක්. දහස් ගනනක් උන උප කොටස් වලින් සමන්විතව ක්‍රියාකාරී වන පරිපථයක් ලෙසයි මවුපුවරුව හදුන්වන්න පුලුවන්. ඉතින් මේ මවුපුවරුව එකිනෙකාගේ අවශ්‍යතාවය අනුව හා අතේ තියන මුදල් ප්‍රමාණය අනුව මිලදීගන්න පුලුවන්. මවුපුවරුවේ කාර්යය වන්නේ ඊට බාහිරින් සම්බන්ද කරන කොටස් එකට එකතු කරගෙන සියල්ල අතර මනා සන්නිවේදනයක් ඇති කිරීම මගින් පරිගණකය ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීමයි.



මේ ලිපිය මගින් මං බලාපොරොත්තු වන්නේ අවශ්‍යතාවය අනුව කොහොමද මවුපුවරුවක් මිලට ගන්නේ කියන එක ගැන දල අදහසක් ලබාදෙන්න. මේතාක් ලෝකයේ නිර්මාණය උන මවුපුවරු අතර විවිද ප්‍රමාණයේ මවු පුවරු දකින්න ලැබෙනවා. ඉතින් විශාලත්වය අනුව මේ මවු පුවරු පහල ආකාරයෙන් දක්වන්න පුලුවන්. 


වඩාත්ම බහුල වන්නේ ඉන්ටෙල් සමාගමේ Advanced Technology Extended (ATX) කියන ආකාරයේ මවු පුවරුයි. ඒවා පහල රූපයේ ආකාරයෙන් උප කොටස් වලට බෙදෙනවා.





මෙසේ වර්ගීකරණය උන මවු පුවරු වල එක් එක් කොටස් ස්තානගත වන පිලිවෙල අනුව නැවත කොටස් වලට බෙදාගන්න පුලුවන්.

General Advanced Technology Extended (ATX)





IBalanced Technology Extended (BTX)




ඉතින් මවු පුවරු වල දල සැකැස්ම ගැන අවබෝද වෙන්න ඇති නේද? ඉතින් අලුතින් මවු පුවරුවක් මිලට ගන්නවා නම් අපි සැලකිලිමත් වන්න ඕනේ කරුණු කීපයට මේ මවු පුවරුවේ සැකැස්මත් වැදගත් වෙනවා. මොකද අපි බාවිතා කරන්න බලාපොරොත්තු වන පරිගණක කේසිනයට මවු පුවරුවේ හැඩට බලපාන නිසා. ඊලගට බලමු ඉතිරි කොටස් කොහොමද ගලපාගන්නේ කියලා. 



Processor Sockets සකසනය සම්බන්ද වන ස්තානය 




සකසනය කියන්නේ පරිගණකයේ මොලය බදු මූලික කොටසයි. ඉතින් මේ වෙනකොට එක් එක් ආකාරයේ වේගයෙන්ගෙන් සමන්විත සකසනයන් වෙලදපොලේ මිලදී ගන්න පුලුවන් වෙනවා. ඒව එක් එක් මිලගණන් යටතේ එක් එක් නිශ්පාදකයාගේ නම් වලින් මිලදී ගන්න පුලුවන්. ප්‍රදාන වශයෙන් සකසන නිර්මාණයි කරන සමාගම් ලෙසින් Intel සහ AMD දක්වන්න පුලුවන්.  ඉතින් සකසනයක් මිලදි ගැනීමේදී,


  • සකසනයේ වෙලද නාමය 
  • සකසනයේ මිල 
  • සාක්සනයේ වේගය 
  • සකසනයේ L2 කෑෂ් මතක ප්‍රමාණය 
  • සකසනය වෙනුවෙන් ලැබෙන වගකීම 

කියන කරුණු ගැන අවදානය යොමු කරන්න ඕනේ. ඉතින් මවුපුවරුවක් මිලදී ගැනීමේදී එක් එක් සකසනයන්ට ගැලපෙන ආකාරයේ මවු පුවරුවක් මිලට ගන්න් ඕනේ. ප්‍රදාන වශයෙන් සකසන ආකාර දෙකක් පවතිනවා. තුඩු සහිතව හා තුඩු රහිතව ලෙසින්. ඉතින් තුඩු රහිත එහෙම නැත්නම් Pin Less ආකාරයේ සකසනයක් මිලදී ගන්නවා නම් අනිවාර්යයෙන්ම මවු පුවරුවත් pin less ආකාරයෙට සහය දක්වන මවු පුවරුවක් වෙන්න ඕනේ.

Intel සමාගමේ මවු පුවරු වල සකසනයන් සවිවන sockets වලට එක් එක් අනුවර්ත නාමයන් ලබාදීමක් සිදු කරනවා. උදාහරණයක් ලෙසින් Socket H හදුන්වන්න පුලුවන්. ඒ වගේම තාක්ශණික නාමයකුත් ලබාදෙනවා. LGA 1156 වගේ. තාක්ශණික නාමය මගින් අදාල socket එක ගැන අවබෝධයක ලබා ගන්න පුලුවන්. උදාහරණ ලෙසින්  LGA 1156 කියන්නේ Land Grid Array කියන වචනය හා 1156 කියන්නේ ඊට දාල තුඩු ගනනයි. එහෙම නැත්නම් pin ගනනයි. ඉතින් සකසනයන් ආකාර බොහොමයක් පවතිනවා. මෙ කාලයේ ජනප්‍රිය වන්නේ Core i3, Core i5, Core i7 වගේ සකසන කාණ්ඩයන්.

AMD සමාගමේ නිර්මාණයන් වලදී ඔවුන් ඒවා හදුන්වන්නේ AM2, AM2+, AM3 යනාදි වශයෙන් ඉතින් මේ විදියට බලපුවාම මගේ අදහස නම් මුලින් සකසනය මිලට ගෙන ඉන් පසුව ඊට ගැලපෙන් මවු පුවරුවක් ගන්න එක හොදයි කියන් එකයි.


Chipsets 




chipset එක මගින් පරිගණකයට සම්බන්ද කරන CPU, RAM, video card, සහ අනෙකුත් කොටස් සමග සබදතා පවත්වා ගනිමින් සංන්නිවේදනය කරනවා. සාමානයෙන් මවුපුවරුවේ ඇති northbridge චිපය හා southbridge චිපයේ එකතුවකුයි chipset එක ලෙසින් පොදුවේ හදුන්වන්නේ.

northbridge චිපය මගින් ඉතාමත් වේගවත්ව සකසනය විඩියෝ මතකය හා තාවකාලික මතකය අතර සංනිවේදන කටයුතු සිදු කරනවා. නමුත් වර්තමානයේ අලුතින් එන සකසනයන් වල මේ northbridge චිපයෙන් කල කර්යයන් සකසනය මගින් වඩා කාර්යක්ශමව කරනවා.

southbridge මගින් පරිගණකයේ පිටතින් සම්බන්ද කරන එක් එක් කොටස්  උදාහරණ ලෙසින් PCI-E, SATA, USB 3 වැනි දේවල් වල එකිනෙකට වෙනස් තාක්ශණයන් එකට එකතු කරමින් වේගවත්ව සකසනය වෙත දත්ත ලබාදී සිදු කරනවා.





ඉතින් ප්‍රදාන වන්නේ මේ දේවල්. ඊලගට් අපි බලන්න ඕනේ අමතර වශයෙන් ලැබෙන පහසුකම් මොනවද කියලා. එතනදීත් මූලිකවම


  • I/O ports
  • expansion slots

කොපමන ප්‍රමාණයක් පවතිනවද කියන එක බලන්න ඕනේ. වැඩි slots ප්‍රමාණයක් තියනවා කියන්නේ මවුපුවරුව විශාලයි කියන එක. කුඩා මවු පුවරුවක slots අඩු ප්‍රමාණයක දකින්න පුලුවන්.

ඊලගට බලන්න ඕනේ onboard features  මොනවද කියලා. ඒ කියන්නේ විඩියෝ සහ සවුන්ඩ් වෙනුවෙන් දක්වන දායකත්වය. ඒ දායකත්වය මදිනම් පිටින් සම්බන්ද කල හැකි කාඩ් ගසා විඩියෝ සහ සවුන්ඩ්  ප්‍රමාණයන් වැඩිකරගන්න එක වෙනම දෙයක්. නමුත් මවුපුවරුව මගින් ලබාදෙන onboard ආකාරයේ පහසුකමේ ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න අපි පිටතින් සවි කරන්න ඕනේ කාඩ් වෙනුවෙන් වැය කරන්න ඕනේ මුදල් ඉතුරු වෙන නිසා ඒ ගැන අවදානය යොමු කරන්න ඕනේ.


ඒ වගේම මවු පුවරුව සමග ලබාදෙන පොත එහෙම නැත්නම් මැනුවල් එක කියවලා අවබෝදයක් ලබාගන්න පුලුවන්. මවු පුවරුව සමග අනිවාර්යයෙන්ම ඊට දාල ඩ්‍රයිවර්ස් සහිත සිඩී එක ලබාගන්න මතකතියාගන්න. මොකද ඩ්‍රයුවර්ස් නොමැතිව නිසි ආකාරයෙන් පරිගණකය ක්‍රියාත්මක නොවන්න පුලුවන්. ඒ වගේම ඩ්‍රයිවර්ස් සොයාගැනීමෙත් ගැටලු පවතිනවා. අන්තර්ජාලයෙන් බාගත කරගන්න ඩ්‍රයිවර්ස් ගොනු තුල වයිරස් තියෙන්න පුලුවන්. එහෙම් උනොත් අලුතින් හදාගන්න පරිගණකය වයිරස් සමගමයි ලැබෙන්නේ.

ඉතින් මවුපුවරු නිශ්පාදකයින් බොහොමයක් මේ කාලයේ දකින්න ලැබෙනවා. නමුත් හොද මවුපුවරුවක් එහෙම් නැත්නම් හොද වෙලද නාමයක් හොයාගන්න එක අපහසුයි. දැනට වර්ගීකරණයි කර ඇති පරිදි හොදම මවුපුවරු වෙලද නාමය වන්නේ Asus


  1. Asus
  2. Tyan 
  3. Supermicro 
  4. Gigabyte
  5. EVGA
  6. DFI 
  7. Biostar 
  8. Foxconn 
  9. Intel 
  10. MSI 
  11. PNY 
  12. ASRock
  13. ECS
  14. PCChips
  15. Zotac
  16. XFX
(උපුටා ගැනීම http://www.pcmech.com/forum/computer-hardware/207564-motherboard-brand-rating.html) 

මේ බෙදීම ගැන ගැටලු පවතින්න පුලුවන්. Asus බෝඩ් එකක් අරන් සතියකින් දෙකකින් පිච්චුන අයත් මේ පෝස්ට් එක කියවනවා ඇති. ඒත් මේ ලෝකයේ පවතින රෑන්ක් එක. බොහෝ දෙනෙක් Intel හොදයි කිවුවත් මේ තේරීමේදී 9 වැනි ස්තානයයි හම්බෙලා තියෙන්නේ.

ඉතින් හොද දෘඩාංග කාර්මික නිලධාරියෙකුට මවු පුවරුවක් හොදද නරකද කියලා කියන එක අත්දැකීමෙන් අදුනාගන්න පුලුවන්. දැනුමක් තියන කෙනෙක්ගෙන් අහලම මවුපුවරුවක් ගන්න යන්න. සුබ දවසක්...!


http://helpitlanka.blogspot.com/




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

හැමෝම බලාගෙන හිටිය ලෝක විනාශය හෙටය්.............



හැමෝම බලාගෙන හිටිය ලෝක විනාශය හෙටය්.............
මේ දවස් වල කට්ටිය බොහොම සන්වර, ගුනයහපත් කට්ටිය වෙලා... ඇය් ඉතින් ලෝක විනාශෙන් ගැලවෙන්න.......... ඔය ලෝක විනාශය ගැන කියපු එකා කවුද දන්නේ නෑනේ... ඒක නෙමේ අලුත්ම කතාව පිටරට අවුරුදු 18-20 විතර කොල්ලෝ නාසා ගූගල් + එකට කියලා තියෙනවා උන්ට රෑට නින්ද යන්නේ නෑ කියලා ලොකවිනාශේ මතක් වෙනකොට..... සමහර අයට තමන්ගේ දිවි(ජීවිතය) විනාශ කර ගන්න

 හිතෙනවලු...... කොහොම වුනත් අපිට කියන්න බැ ලෝකවිනාශේ ඇත්තද බොරුද කියලා.... සමහරවිට මේ මගේ අන්තිම පෝස්ට් එක වෙන්නත් පුලුවන්.... හැමෝම හෙට උදේ නැගිටලා... බුදුහාමුදුරුවෝ වන්දනා කරලා... දෙවියන්ට පින් දෙන්න ලන්කාවට වෙන හානිය අවම කරන්න කියලා(ඇය් දැන් එහෙම කතාවකුත් තියෙනවානේ) ...... කොහොම වුනත් අපි නරක වැඩ කරලා නෑනේ ඒකනිසා ඔය ලෝක විනාශයට බයවෙන්න කාරි නැ... මම එහෙනම් ගිහින් එන්නම්(ආ ආයෙත් එන්න වෙය්ද දන්නේ නෑ අය් ලෝක විනාශෙනේ.. පොඩි විහිලුවක් qB-D ) ඕගොල්ලෝ හැමෝටම බුදු සරනෛ! 
                                සාදු! සාදු!! සාදු!!!

Sunday, December 16, 2012

MAKE A PC TALKIT USING NOTEPAD......................


ඔන්න අද මම කියන්න යන්නේ නෝට් පෑඩ් වලින් pc talkit එකක් හදාගන්න හෑටි.... මම ඉතින් පෝස්ට් එකක් දැම්මට එකම එක කමෙන්ට් එකක් වත් හමබවෙන්නේ නෑනේ.... ඒක නිසා මට පෝස්ට් එකක් දාන්නත් හිතෙන්නේ නෑ....... කොහොම වුනත් අර කියපු එක නෝට් පෑඩ් වලින් හදමුකෝ................


මුලින්ම නෝට් පෑඩ් ඕපන් කරගන්න.....

Dim msg, sapi
msg=InputBox("Enter your text","Talk it")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg



ඊටපස්සේ ඔයපල්ලේහා තියෙන කෝඩ් එක එතනට පේස්ට් කරගන්න.............
දැන් file > save as වලට ගිහිල්ලා කැමති නමක් දීලා .vbs විදිහට සේව් කරගන්න...  දැන් ඒක ඕපන් කරලා  ඔය පල්ලෙහා රූපේ මම රතුපාටින් හෛලෛට් කරලා තියෙන තැනට මොකක හරි ගහලා okකරන්න.................

 (speaker එකෙන් ගහපු වචනේ ඇහෙය්............)

Wednesday, December 12, 2012

HELP...HELP............

අද ඔයගොල්ලොන්ගෙන් මම පොඩි හෙල්ප් එකක් ඉල්ලගෙන තමය් ආවේ.... ඔයාට බ්ලොග් එකක් තියෙනවනම් පල්ලෙහා කේත ටික ඕගොල්ලොන්ගේ බ්ලොග් එකේ දාගන්න කියලා මම ඉල්ලනවා.......

බ්ලොගයක(බ්ලොගර්) දැන්වීම් පල කරන ආකාරය:-

ඔබ ‍තෝරාගත් දැන්වීමේ කෝඩ් කොටස select කර කොපි කර ගන්න.පසුව ඔබේ බ්ලොගර් එකවුන්ට් එකට ඇතුල්වී එයින් layout යන්න ‍තෝරන්න.එවිට එන පි‍ටුවේ ඇති Add a Gadget යන්න ක්ලික් කරන්න.දැන් කියන එකට ක්ලික් කරන්න.එවිට එන පි‍ටුවට ඔබ කොපි කරගත් කෝඩ් කොටස paste කරන්න.පසුව save බට්න් එක ක්ලික් කරන්න.පසුව එම ගැජට් එක කැමති තැනක ස්ථානගත කරන්න.පසුව ඉහළ ඇති save යන්න ක්ලික් කරන්න.(copy from samadeyakma blog)

1)

<script src="http://h1.flashvortex.com/display.php?id=2_1355307763_40459_475_0_300_250_9_1_118" type="text/javascript"></script>



2)
<script src="http://h1.flashvortex.com/display.php?id=2_1355308557_41124_708_0_300_250_8_1_118" type="text/javascript"></script>

3)

<div class="separator" style="clear: both; text-align: center;">
<a href="http://techno-lanka.blogspot.com/"><img border="0" src="http://i1087.photobucket.com/albums/j469/ranul/techno%20Lanka_zps7bac7817.jpg" /></a></div>


Preview of 3rd banner

Sunday, December 9, 2012

SKIN DESEASES..............


ඔන්න අද මම කියන්න යන්නේ චර්ම රෝග ගැන... කියවලා බලන්න ඔය පල්ලෙහා තියෙනවා.......

Argyria: Blue Skin, a real-life Smurf



මේ චර්ම රෝගයේදී වෙන්නේ ශරීරය වර්නය අසාමන්ය ලෙස වෙනස් වීමක් වෙන එක.. ඔය උඩ ඉන්න එක්කේනාගේ නම පෝල් කර්සන් එයා අවුරුදු 40 දී එයාගේ පාට නිල් පාටට හරිලා... මේකත් බොහොම කලාතුරකින් හැදෙන චර්ම රෝගයක් තමය්..

Human Pappiloma Virus: meet the Tree Man

දැක්කම එපාවෙන මිනිහෙක් තමය් උඩ ඉන්නේ.. මේකත් බොහොම බයානක වගේම කලතුරකින් හැදේන චර්ම රෝගයක්... මේක හැදෙන්නේ ඩිලීරයක් නිසා... මේක හදිච්ච අයට හරියට ඇවිදගන්නත් බෑ... මේක ලේසියෙන් හොද වෙන්නෙත් නැ... මේක හදුනු මිනිස්සුන්ව හදුන්වන්නේ ගස් මිනිස්සු කියලා...



Hypertrichosis: the Human Werewolf Syndrome




මේ ලෙඩේ හදුනාම වෙන්නේ මූනෙත් ඇගෙත් අසාමන්ය විදිහට වුර්කයෙක් වගේ ලෝම හටගන්න එක......... ඔය උඩ ඉන්නේ අවුරුදු 11ක් වයස මේ ලෙඩේ හැදුනු ඉන්දියාවේ පටිල් කියන ලමයා....

Blaschko's lines: strange stripes all over the body


ඔන්න මේ ලෙඩේ හැදුනාම වෙන්නෙ ඇගේ අමුතු විදිහට ඉන්නන් / ඉරි පාරවල් මතුවෙන එක... ඉතින් මේ කත් ලේසියෙන් හොද කරන්න බැරි ලෙඩක්... හම් ලෙඩක්...

ඉතින් ඕගොල්ලො මේ ලිපිය කියවලා මොනවහරි දෙයක් හොය්යගත්තා කියලා මම හිතනවා... මෙන්න මෙතනින් ඉන්ග්‍රීසි ලිපිය කියවන්න... කමෙන්ට් එකක් දාලම යන්න.. ටටා.......